• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

දරුවන්ට විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ලෙස මෙලොව එළිය බැලීමට නොලැබේවා

Reginold Kure 2016

ශ්‍රී ලංකා බාල දක්ෂිකා සංගමයේ ආබාධිත සංගමය මගින් තෙවැනි වරට පවත්වනු ලබන බාල දක්ෂිකා කඳවුර යාපනය කයිතඩි නෆීර් පාසලේදී පසුගියදා ආරම්භ කෙරුණ අතර, එය මේ මස (04) දක්වා පැවැත්වේ.

මෙය උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි. මේ සඳහා උතුරු, දකුණු, නැගෙනහිර, බටහිර යන පළාත් වල සිටින විශේෂ අවශ්‍යතා සහිත  බාල දක්ෂිකාවන් 190ක් ඇතුළු ව සියලු ම බාල දක්ෂිකාවන් 250ක් පමණ සහභාගී වූහ.

මෙම උත්සවයේදී අදහස් දැක්වූ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසුවේ, “විශේෂ අවශ්‍යතා සහිත අසරණ ළමුන් සඳහා මෙවනි කඳවුරක් පැවැත්වීම තුළින් ඔවුන්ගේ දක්ෂතා එළි දැක්වීමටත්, ඔවුන්ගේ කුසලතා වර්ධනය කර ගැනීමටත් මහත් පිටිවහලක්  වන බවයි. තවද මොවුන් අප විසින් රැකබලා ගත යුතු අතර ශ්‍රී ලංකාවාසීන්ට  පමණක් නොව සියලු ම විශේෂ අවශ්‍යතා සහිත තත්ත්වයේ පසුවන සියලු ලෝ වැසියන්ටත් කිසිම ආත්මයක මෙවැනි තත්ත්වයක් උදා නොවේවායි එහිදී ආණ්ඩුකාරවරයා විසින් ප්‍රාර්ථනා කරනු ලැබීය".

මෙම විශේෂිත ළමුන් සඳහා ඔවුන් රැක බලාගන්නේ කෙසේද? ආහාරපාන ලබා දෙන්නේ කෙසේද? ඔවුන්ට සංවේදීව කටයුතු කරන්නේ කෙසේද? ඔවුන් ක්‍රියාශීලීව කටයුතු කරවන්නේ කෙසේද? යන්න පිළිබඳව ඔවුන්ගේ දෙමවුපියන්, වැඩිහිටියන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද මීට සමඟාමී ව යාපනය දිස්ත්‍රික්කයේ සිටින විශේෂ වෛද්‍යවරු පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කරනු ලැබූ අතර, පසු දින ක්‍රියාකාරකම් දිනයක් ලෙස නම් කර තිබිණ. යාපනය නගරයේ ඇති සුවිශේෂ ස්ථාන හා නගරයේ අලංකාරීත්වය නැරඹීමට ඔවුන් රැගෙන යාමක්ද ඔවුන්ගේ දක්ෂතා එළි දැක්වීමට හැකි අයුරින් රාතී‍්‍ර ගිනිමැළ සංදර්ශනයක්ද මීට සමඟාමී ව සංවිධානය  කර තිබුණි.

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.