ගාල්ල දිස්ත්‍රික් දිවිනැගුම ප්‍රගති සමාලෝචන වැඩසටහනක් පසුගියදා සමාජ සේවා හා සුභසාධන අමාත්‍ය එස්. බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මේ වන විට දිවි නැගුම නිලධාරීන්ට පවතින ගැටලු සහ ඉදිරියේදී දිවිනැගම බැංකු නවීකරණය කිරීම පිළිබඳව මෙහිදී අමාත්‍යවරයා අදහස් දක්වා සිටියේ ය.
මෙරට දිවි නැගුම බැංකු 1072ක් සහ මහා සංගම් 322ක් පවතින බවත්, මෙම බැංකු ගමේ ඉහළ පොලී අය කරගනු ලබන ආයතන සමඟ තරග කළ යුතු බවත්, ඒ සඳහා තාක්ෂණිකව සහ කාර්යක්ෂම ව සංවර්ධනය විය යුතු බවටත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
මේ වන විට දිවිනැගුම බැංකු ඒකක 20ක් පමණ සඳහා ටේලර් යන්ත්‍ර සවි කර ඇති බවටත් බැංකු සංවර්ධනය කරමින් නව තාක්ෂණික නිලධාරීන් බඳවා ගන්නා බවත්, ඒ මහතා සඳහන් කර සිටියේ ය.
එමෙන් ම නිලධාරීන් සඳහා නිසි උසස්වීම් ක්‍රමවේදයක් සහ නවක නිලධාරීන් බඳවා ගැනීමක්ද සිදුකරන බවටත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය. මේ අවස්තාව සඳහා අමාත්‍ය දන්දිම වීරක්කොඩි, නියොජ්‍ය අමාත්‍ය නිහාන්ත මුතුහෙට්ටිගම ඇතුළුව නිලධාරීන් රැසක් සහභාගී වී සිටියේ ය.
ගාල්ල දිවි නැගුම සංවර්ධන දෙපාර්තමෙන්තුවෙන් මෙය සංවිධානය කෙරුණු අතර, දිවි නැගුම නිලධාරීන් සියල්ල ම ඒ අවස්ථාවට සහභාගී වී සිටියහ.