• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රජයේ චිත්‍රපට අංශය

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ චිත්‍රපට අංශයට ආරම්භ කරන ලද්දේ 1948 සැප්තැම්බර් මස 05 දින දී ය. ඉතාලි ජාතික ගැලියන් පෙට්‍රෝනි මෙහි පළමු අධ්‍යක්ෂවරයා විය. ජාතික වැදගත්කමක් සහිත සිද්ධීන් වාර්තා කිරීම හා ඒ සම්බන්ධ වාර්තා වැඩසටහන් නිෂ්පාදනය කිරීම මේ අංශයේ කාර්යභාරය විය. රජයේ චිත්‍රපට අංශය මගින් පුරවැසියන් දැනුම්වත් කිරීමේ අධ්‍යාපනික වටිනාකමක් සහිත වාර්තා වැඩසටහන් සකසා දිවයිනේ විවිධ ප්‍රදේශවල ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරන ලදී.

මෙම අංශය සතුව නිෂ්පාදන ඒකකයක්, සංස්කරණ ඒකකයක්, වර්ණ රසායනාගාරයක්, ශබ්ද ඒකකයක්, සිනමා ශාලාවක් හා සංරක්ෂණාගාරයක් ද ඇත. වර්ණ රසායනාගාරයක් පිහිටුවීම ඉතා වැදගත් සංදිෂ්ඨානයක් විය. චිත්‍රපට සංරක්ෂණාගාරය අද වනවිට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සතු අතිශය වටිනා සම්පත්වලින් එකකි.

දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් නිපදවන ලද වාර්තා චිත්‍රපට නවීන තාක්ෂණික ක්‍රමෝපායයන් අනුව සංරක්ෂණය කිරීම මෙම සංරක්ෂණාගාරයේ දී සිදුවෙයි. එමෙන් ම මේ පැරණි චිත්‍රපටයන් හි සේයා පටල ද සංරක්ෂණය සිදුකරයි.

රජයේ චිත්‍රපට අංශය මගින් වාර්තා වැඩසටහන් 500ක් පමණ මේ වන විට නිෂ්පාදනය කොට ඇති අතර එම වැඩසටහන් හා කෙටි චිත්‍රපට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය යටතේ දෙපාර්තමේන්තු සිනමා ශාලාව  වෙන් කර ගැනීමෙන් නැරඹීමේ හැකියාව ද ඇත.

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.