• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

විශේෂ මාධ්‍ය ඒකකය

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ මාධ්‍ය ඒකකය මගිනි. 1996 වර්ෂයේ මැද භාගයේ දී news.lk නමින් ආරම්භ කළ එය අන්තර්ජාලයට මුදාහරින ලද්දේ 1997 මාර්තු මස 01 දින දීය. එතැන් පටන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් පවත්වාගෙන ආ මේ වෙබ් අඩවිය යුද සමයේ දී රජයේ තොරතුරු ලබාදීමේ වැදගත් මෙහෙවරක් ඉටුකරන ලදී. 2006 මාර්තු මස 01 දින විශේෂ මාධ්‍ය ඒකකය පිහිටුවන ලද අතර රජයේ ප්‍රතිපත්ති, සැලසුම් හා සංවර්ධන ක්‍රියාදාමයන් පිළිබඳ මෙන්ම ජාතික වශයෙන් වැදගත්වන විශේෂ අවස්ථාවල දී ද හදිසි තත්ත්වයන් වලදී ද අනෙකුත් මාධ්‍යයන්ට තොරතුරු සැපයීම ද සිදුකරයි.

news.lk වෙබ් අඩවිය 2012 වසරේ දී මෙන් ම 2015 වසරේ දී  "Best Web" රිදී සම්මානයෙන් පිදුම් ලබා ඇත. මෙම සම්මාන උළෙලේ දී ම 2015 වසරේ දී දෙමළ වෙබ් අඩවියට කුසලතා සම්මානයක් ද හිමි වී ඇත.

මෙම අංශය යටතේ ම ක්‍රියාත්මක වන dgi.gov.lk වෙබ් අඩවිය 2013 වසරේ දී කුසලතා සම්මානයක් හිමිකරගෙන ඇත.

විශේෂ මාධ්‍ය ඒකකය යටතේ ම ක්‍රියාත්මක වන තවත් සේවාවක් වන්නේ එදිනෙදා වැදගත් පුවත් ටි පණිවුඩ සේවාවක් හරහා මහජනතාව දැනුම්වත් කිරීමයි. මෙම ක්‍රියාදාමය ශ්‍රී ලංකා මොබිටෙල් හා ඩයලොග් යන සමාගම් හා එක්ව පවත්වාගෙන යනු ලබයි.

මේ යටතේ කෙටි පණිවුඩ සේවාව මොබිටෙල් සමාගම යටතේ ලබාගැනීමට INFO ලෙස ටයිප් කොට 678ට යොමු කිරීමෙන් ද, ඩයලොග් සමාගම යටතේ ලබාගැනීමට REG (Space) DGI ලෙස ටයිප් කොට 2299වෙත යොමු කිරීමෙන් ලියාපදිංචි විය හැකිය. මේ සඳහා එම සමාගමේ ගාස්තු හා කොන්දේසි අදාළ වේ.

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.