• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරු පත්කෙරේ

president 2016.08.18

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නව ආසන සංවිධායකවරු හා දිස්ත‍්‍රික් සංවිධායකවරු හතළිස්දෙනෙකු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා වෙතින් ඊයේ (17) පෙරවරුවේ පත්වීම් ලිපි බාරගනු ලැබිණි.


ජනාධිපති නිලනිවසේ දී මෙම පත්වීම් ලිපි ප‍්‍රදානය සිදුවිණි.

ඒ අනුව නව ආසන සංවිධායකවරු දහසය දෙනෙකු සහ දිස්ත‍්‍රික් සංවිධායකවරු විසිහතර දෙනෙකු මෙලෙස සිය පත්වීම් ලිපි භාරගනු ලැබූහ.

මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක සහ අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු පිරිසක් සහභාගි වූහ.

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.