• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කොළොම්තොට වෙසක් කලාපය ජනපති අතින් විවෘත වේ

He news 2017 5 11ස්වර්ණ ශ්‍රී කොළොම්තොට වෙසක් කලාපය  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් ඊයේ (10) විවෘත කෙරිණි.



ඒ ගාලු මුවදොර පිටියේදී ප්‍ර‍දර්ශනය කෙරෙන ලොව ප්‍ර‍ථම ලේසර් කිරණ තොරණ විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ආරාධනාවෙන් එම අවස්ථාවට සැපැමිණි  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සමරු තිළිණයක්ද පිරිනැමිණ. වරාය සහ නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙටිටිගම, වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග, ඇතුළු මහත්ම මහත්මීන් රැසක්ද එම අවස්ථාවට එක්වූහ. තොරණ විවෘත කිරීමෙන් පසුව අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසූයේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සියලු ජන කොටස්හි සහයෝගීතාව මනාව ප්‍රදර්ශනය කළ ආයතනයක් ලෙස හඳුන්වා දිය හැකි බවයි. රටක් ලෙස ඉදිරියට යෑමේදී ජාති, කුල, ආගම් භේදයෙන් තොරව එකමුතුව කටයුතු කිරීම අතිශය වැදගත් වන බවද අර්ජුන රණතුංග අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.


 “අපි පසුගිය දෙසැම්බර් මාසයේදී මේ ස්ථානයේ ලෝකයේ උසම නත්තල් ගස  නිර්මාණය කළා. අද අපි ලොව ප්‍ර‍ථම ලේසර් කිරණ තොරණ ඉදිරිපත් කරනවා.  අපේ වරාය අධිකාරිය කියන්නේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සියලු ජන කොටස් එක්ව ඉන්න තැනක්. ඒ වගේම බෞද්ධ, ඉස්ලාම්, හින්දු, කතෝලික සියලු ජන කොටස් ඉන්න ආයතනයක්. සහයෝගිතාව සහ සහෝදරත්වය මේ සියලු දෙනාම පෙන්නුම් කරනවා. එය ලංකාවට ම ආදර්ශයක්” යැයිද අර්ජුන රණතුංග මහතා පැවසීය.


වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ මඟ පෙන්වීම යටතේ වරාය සහ නාවික අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ එහි බෞද්ධ සංගමය ඉදිරිපත් කරන කොලොම්තොට වෙසක් කලාපය හෙටින් අවසන් වේ. කොළඹ චෛත්‍ය මාවත සහ වරාය පරිශ්‍රය කේන්ද්‍ර‍ කරගනිමින් පැවැත්වෙන මෙම කලාපයේ ප්‍ර‍ධානතම අංගය වන්නේ ගාලු මුවදොර පිටියේ ඉදි කෙරන ලේසර් තාක්ෂණික වෙසක් තොරණයි. දීපංකර බුදුන්ගෙන් නියත විවරණ  ලබා ගැනීමේ සිට බුද්ධ පරිනිර්වාණය දක්වා වූ බුද්ධ චරිතය මෙම ලේසර් කිරණ තොරණේ කථා වස්තුවට පාදක වේ. ජර්මන් තාක්ෂණය උපයෝගී කරගනිමින් නිර්මාණය කෙරෙන එම තොරණෙහි නිර්මාතෘ ආචාර්ය ප්‍ර‍භාත් චන්දිම උක්වත්ත මහතාය. පසුබිම් සංගීතය විමලජීව දොඹවත්ත මහතාද, වස්තුව දිමුතු චින්තක මහතාද ඉදිරිපත් කරයි. 

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.