• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පසුඅස්වනු තාක්ෂණයෙන් සුරක්ෂිත අස්වැන්නක්

veg1අතුරුපස ලෙස වගේ ම පෝෂණ අවශ්‍යතා සපුරා ගන්නත් පලතුරු අපට ඉතා වැදගත් වෙනවා.

අප රටේ සෑම ප‍්‍රදේශයකම පාහේ නොයෙකුත් ප‍්‍රභේදයන් ගෙන් යුතු පලතුරු බෝග වගා කරනවා. ඒ කෙසේ වුවත් සමස්තයක් වශයෙන් ගතහොත් අප රටේ නිෂ්පාදනය කරන පලතුරු බෝගයන් ගෙන් විශාල ප‍්‍රමාණයක් අපතේ යන බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙනවා. අස්වනු නෙලූ අවස්ථාවේ සිට පාරිභෝගිකයාට ලැබෙන අවස්ථාව දක්වා මෙම අපතේ යාම සිදු වෙනවා.

මේ නිසා ඇති වන ආර්ථික හානිය වැඩිවේ. ලෝකයේ දියුණු රටවල් හා සැසදුවහොත් එය ඉතා ඉහළ අගයකි. මේ තරම් පළතුරු ප‍්‍රමාණයක් අපතේ යෑමට බලපාන හේතු රාශියකි.අස්වනු නෙලා ගැනීමේ පටන් පාරිභෝගිකයා අතට පත් වන තුරු සිදු කරන වැරදි පරිහරණ ක‍්‍රම නිසා විශාල නිෂ්පාදන ප‍්‍රමාණයක් ඉවත දැමීමට සිදුවේ. පසුඅස්වනු හානි ලෙස හඳුන්වන්නේ මෙම තත්ත්වයයි. පසුඅස්වනු හානිය ඇති වන මූලිකම අවස්ථාව ලෙස අස්වනු නෙලා ගන්නා අවස්ථාව දැක්විය හැක. මෙහිදී සිදු කරන මූලික ම වරද නිසි අවස්ථාවේදී අස්වනු නෙලා නොගැනීමයි.Vegi

ඒ විතරක් නොව වැඩි උණුසුමක් පවතින අවස්ථාවලදී අස්වනු නෙලා එකට ගොඩ ගසා තැබීමෙන් ඇති වන තැම්බීම නිසා ද පලතුරු නරක් වන අවස්ථා බොහෝය. යම් කෙසෙල් වර්ගයක් පීදීමේ සිට ගෙඩි සෑදීමට ගත වන කාලය නිෂ්චිත ය. අස්වනු නෙලීම සඳහා යෝග්‍ය කාලය වන්නේ මල් පිපීමෙන් සති 12කට පසුවය. අස්වනු නෙලීම සවස් කාලයේ සිදු කළ යුතුය. එමෙන් ම පැපොල් අවූරුද්දපුරා අස්වනු ලබා ගත හැකි. පැපොල් ගුණාත්මක බවින් හා පෝෂ්‍ය ගුණයෙන් අනූන විශාල ඉල්ලුමක් ඇති පලතුරකි. අස්වනු නෙලීම හා පරිහරණයේදී සිදු විය හැකි යාන්ති‍්‍රක හානි මගින් සිදු වන සීරීම් කැපීම්වලට පැපොල්වල තිබෙන සියුම් පෘෂ්ඨය පහසුවෙන් ම පාත‍්‍රවේ. ප‍්‍රවාහනයේදී ඇති වන තැලීම් නිසා ද පැපොල්වලට විශාල හානියක් සිදුවේ. මෙම හානිය අවම කර ගැනීම සඳහා නියමිත මට්ටමට මෝරා නැති පැපොල් නෙලීම බොහෝ විට සිදුවේ.

නියමිත මේරූ අවස්ථාවේදී පලතුරු නෙලා නොගැනීමෙන් ද වැඩි ප‍්‍රමාණයක් අපතේ යාම සිදු වේ. වැඩිපුර මේරූ ඒවායේ ද ගුණාත්මය අඩු නිසා අපතේ යන ප‍්‍රමාණය වැඩිය. වැඩිපුර මේරූ නිෂ්පාදනවල පෝෂණ ගුණයද අඩුයි. කෙසේ වුවත් ගොවිපොලේ සිට ඉලක්කකර ගත් වෙළඳපොළට ඇති දුර අනුව අස්වනු නෙලාගන්නා අවධිය තීරණය කිරීමට සිදුවේ. පලතුරු පසුඅස්වනු හානි උග‍්‍ර කෙරෙන තවත් අවස්ථාවක් ලෙස අස්වනුනෙලා ගැනීමේදී සිදු කරන හානි පෙන්වාදිය හැකිය. නිවැරදි උපකරණ භාවිත නොකිරීමත් නොසැලිකිලිමත් බව නිසා ද පසුඅස්වනු රෝගවලට පාත‍්‍ර වන අවස්ථා බොහෝය. ගොවි මහතුන් මගින් සිදු කරන තවත් වැරදිදෙයකි නෙලා ගත් අස්වැන්න අව්වේ ගොඩගසා තැබීම. එවිට ඒවා අව්වට පිලිස්සීමත් තාප උත්පාදනය වීම නිසා තැම්බීමට භාජනය වේ. නෙලූ අස්වැන්න හෙවන ඇති තැනක තුනී කර තබා හැකි ඉක්මනින් ඇසුරුම් කිරීමට ගෙනයා යුතු වේ. නෙලන අවස්ථාවේදීම ඇසුරුම් යොදා ගැනීමට හැකි නම් එය වඩාත් ප‍්‍රතිඵලදායකය. යොදා ගන්නා ඇසුරුම් නිසාත් නිෂ්පාදන අපතේ යාම සිදු වේ. Vegi 2

නොගැලපෙන ඇසුරුම් නිසාද පලතුරු නිෂ්පාදනවලට හානි සිදුවේ. කෙසෙල් කැන් වශයෙන් ලොරිවල හරස් අතට පැටවීම සාමාන්‍යයෙන් සිදු කරන ක‍්‍රමයවේ. මෙහිදී සිදුවන අස්වනු හානිය අවම කර ගැනීමට ලොරිය පතුලට හා පැති වලට කුෂන් එකක් දැමීමද සෑම කෙසෙල් කැන් තට්ටුවකට ම පොලිතින් හෝස්ටයි රෝෆෝම් ස්ථරයක් යෙදීම මගින් ද එකට ඇතිල්ලී මෙන් සිදුවන හානිය අවම කර ගත හැකිය. පැපොල් වැනි පලතුරක් නම් හොදින් වාතාශ‍්‍රය සිදු වන ප්ලාස්ටික් ඇසුරුම් පැපොල් ප‍්‍රවාහනය සඳහා සුදුසුය. සෑම පැපොල් ගෙඩියක් ම කඩදාසියෙන් ඔතා නටුව පහලට සිටින සේ තනි ස්ථරයක් ලෙස තැම්පත් කර ප‍්‍රවාහනය කළ යුතුය. අද වෙළදපොළේ මේ සඳහා විශේෂිත ඇසුරුම් ද ඇත.

 පලතුරු ප‍්‍රවාහනය පසුඅස්වනු හානි විශාල ලෙස ඇති වන ක‍්‍රියාවලියකි. ගොවිපොලේදී නෙලා ගන්නා අස්වැන්න වෙළඳපොළ දක්වා ගමන් කරන අතර වාරයේදී අප අතින් කෙරෙන වැරදි බොහෝමයක් නිසා නිෂ්පාදන විනාශ වේ. ප‍්‍රවාහන වියදම් අවම කර ගැනීමට සමහරුන් පලතුරු තොග එකවර ප‍්‍රවාහනය කර ගැනීමට ඇසුරුම්වලට දරා ගන්න බැරි ප‍්‍රමාණයක් තද කරමින් පුරවනවා. මේ නිසා නිෂ්පාදනයෙන් විශාල ප‍්‍රමාණයක් තැලීම්, පොඩිවීම්, පිපිරීම් හා පලුදුවීම්වලට භාජනයවීමෙන් ඉවත දැමීමට සිදුවේ. එපමණක් නොව මේ ආකාරයට පුරවා ගන්නා පලතුරු අස්වැන්න ප‍්‍රවාහනය සඳහා එකමත එක ගොඩගැසීම සිදු කරනු ලබයි. ඒ නිසා ඇති වන අධික උෂ්ණත්වය නිසා යට තිබෙන පලතුරු තැම්බීම සිදුවේ. තවද මිනිස්සු ඒ මත ඇවිදිනවා වගේ ම වාඩිවී යෑමද සිදුවේ. පලතුරු ප‍්‍රවාහනය සඳහා බොහෝ විට යොදා ගන්නේ විවෘත වූ වාහනයි. මේ නිසා වැඩි ප‍්‍රමාණයක් පිළිස්සීමෙන් හානිවේ. එසේම තෙමීමටද ලක්වේ. අවසානයේ එම පලතුරුවලින් වැඩි ප‍්‍රමාණයක් ඉවත දැමීමට සිදුවේ. සිල්ලර වෙළෙඳපොළේදී බොහෝ විට පලතුරු අව්වට නිරාවරණය වේ. එමගින් වේලීම ඉක්මන් වේ. රඹුටන් වැනි පලතුරු පොල් අතුවලින් සකසා ගත් කූඩවලට කෙසෙල් කොළ හෝ රඹුටන් කොළ අසුරා ඒ මත රඹුටන් ඇසිරිය යුතුය. ඉන් පසු කූඩය අමුකොළ අතුවලින්ම වැසිය යුතුය. Vegi 3

තැලුනු ගෙඩි හා රෝග සහිත ගෙඩි ආදිය ඉවත් කර හොදින් තෝරා ගත් ගෙඩි වෙළඳපොළට ඉදිරිපත් කළ යුතුය. සිදුරු කරන ලද පොලිතින් බෑග්වල අසුරා ශීතකරණයක තැබීමෙන් දින 6-7පෙනුම වෙනස් නොවී ගබඩාකර තබා ගත හැකිය.පසුඅස්වනු හානිය අවම කිරීම සඳහා පසුඅස්වනු තාක්ෂණයන් භාවිත කිරීම මගින් ආහාර සඳහා වන හානිය වැළක්විය හැක.

ශ‍්‍රී ලංකාවේ බොහොමක් බෝග අලෙවි කරනුයේ ප‍්‍රාථමික නිෂ්පාදන ලෙසයි. ප‍්‍රාථමික නිෂ්පාදනයන්ගේ ගුණාත්මක බව වැඩි කිරීම, අගය වැඩි කිරීම ද්විතීය නිෂ්පාදනයන්ට යොමු කිරීම තුළින් නිෂ්පාදනයට වැඩි යමක් ලබා ගැනීමට ඉඩ සැලසෙනවා සේම අනවශ්‍ය ලෙස අපතේයාම අඩුකිරීමද සිදු කළ හැකිය. සියලු ම නිෂ්පාදකයින්, ලබාගන්නන්, තොග රැස්කරන්නන් හා ප‍්‍රවාහකයන් යන සියලුදෙනා ම පසුඅස්වනු තාක්ෂණය පිළිබඳ ව දැනුවත් කෙරෙන අතර ඒ සඳහා උපක‍්‍රම අනුගමනය කිරීමට පොළඹවනු ලැබේ. පලතුරු ප‍්‍රවාහනයේදී සිදුවන පසු අස්වනු හානිය අවම කර ගැනීමට ප්ස්ටික් ඇසුරුම් යොදා ගන්නේ නම් වඩාත් පහසුවෙන් තම නිෂ්පාදන වලට නියමිත වටිනාකම හිමිකර ගත හැක.

 නිමේෂා නුරානි
ශ්‍රීපාලි විශ්වවිද්‍යාලය

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.