• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මව සහ දරුවා අතර ඇති බැදීම

stanpan breastfeeding se fayde homeoveda2017සමාජයේ විවිධ අවස්ථාවල විවිධ භූමිකා රඟ දක්වමින් සිය පවුලට සමාජයට රටට කාන්තාව වෙතින් ඉටුවන යුතුකම් බොහෝමයකි.
 කලබලකාරී, තරගකාරී ලෝකයේ අප යන මාවත හරියට හයිවේ එකක් වගේ. අදාළ වේගයට යන ට‍්‍රැක් එකේ ඒ වේගයම පවත්වාගත යුතු වෙනවා. නියමිත ස්ථානවලදී පමණයි යන වේගය වගේම යන දිසාව වෙනස් කරන්න හැකි වන්නේ. එහෙම නැතිව තමන්ට  ඕනෑ තැනදී එය වෙනස් කරන්න ගියහොත් අනතුරු වැඩියි. වර්තමානයේ ඇසීමට දැකීමට ලැබෙනන්නා වූ දරුවා හා මව අතර ඇත්තා වූ බැදීම කෙබදු වේ ද? කාන්තාවක් මව් පදවිය දැරීමට තරම් සුදුස්සෙක් විය යුත්තේ කෙසේ ද?

           ආදරණීය මවගේ සහ කිරිකැටි බිළිදකු අතර තිබෙන්නා වූ අති උත්තරීතර ස්නේහ බන්ධනය මහාමේරුවටත් වඩා සුවිසල්ය. එම ආදරණීය බැදීම විශ්වයයි. පූර්වයේ හෙවත් පෙර ආත්මභාවයක සිදුකරන ලද අකුසල කර්මයක් හැරෙන්නට එම ළෙංගතුකම බිද දැමිමට තවත් ශක්තියක් නොමැති තරම් ඔබ දන්නවාද? මවකගේ කුසට දරුවෙක් පිළිසිද ගන්නේ පෙර කරන ලද ප‍්‍රාර්ථනාවන්ට අනුවයි. ඇතැම් විට ඔවුන් දරුවන් සසර පුරාවට බොහෝ ආත්මභවයන්හිදී එසේ බැදීමකි. ඉපද මියැදි, ඉපදි මේ භව චක‍්‍රයේ ගමන් කරන්නට පුලුවන්. බුද්ධ දේශනාවන්හිදී එකී බැදීම් සමුදායන්ගෙන් පිරුණු මවත් දරුවාත් අතර බැදීම් අප අසා ඇති බවට නොරහසකි. විශ්ව ශක්තියක් මූලික නොවූ බැදීමක් නොමැති තරම්ය. කුමන ආත්ම භවයකදී හෝ ඔබට ඔබේ දරුවා මුණගැසී තිබෙනවා වන්නට පුලුවන. ඔබේ කුසින් උප්පත්තිය ලබා දී තිබෙනවා විය හැකිය. එසේ නොවුනත් ඔබට ලෙන්ගතු කවරෙකු හෝ ඔබට මාතෘත්වය රැගෙන ඉපදිය හැකිය. විශේෂයෙන් ම දරුවෙකු පිළිසිද ගත් මොහොතේ සිට උප්පත්තිය ලබන තෙක්ම විශ්ව ශක්තිය ක‍්‍රියාත්මකවනු  ඇත. එම ශක්තිය මවගේ ඇට, මස්, ලේ, නහර, මිදුලු හරහා දරුවාට අනිවාර්යයෙන්ම බලපානවා ඇත. මවගේ සිතුවිලි ධාරාව පදනම් කරගෙන උපදින දරුවාගේ මානසික ශක්තිය තීරණය කරනු ඇත.baby

           විශ්වයේ යහපත් බල ශක්ති පමණක් නොව අයහපත් බල ශක්තීන්ද ක‍්‍රියාත්මක වේ. අයහපත ජයගන්න ඉඩකඩ වැඩිය. නමුත් මවගේ මානසික ඒකාග‍්‍රතාව ශක්තිමත් නම් දරුවා උප්පත්තියට පෙර පිළිසිදගත් හෝරාව ප‍්‍රබල නම් යහපත් දරුවෙක් මවගේ කුසින් මෙලොවට දායාද වනවා නොවනුමානය. මව මානසික වශයෙන් පමණක් නොව කායික වශයෙන් ද උද්යෝගී පිරිපුන් විය යුතුයි. අපේ පැරණි ජන සමාජය දෙස මොහොතක් විමසිල්ලෙන් බලන්න. ඔවුන්ගේ ආයුෂ, කාලය, දේහ ශක්තිය කෙතරම් විශ්මිත ද අන්න ඒ තමයි මවගේ ශක්තිය. අද වැඩිහිටියා, මුතුන්මිත්තා හෝ මිත්තණිය එදා ළදරුවෙක්, බිළින්දෙක්ය. ඔහුට හෝ ඇයට එහි ශක්තිය ලැබුනේ තමන්ගේ මව හරහාය. මවගේ සාරධර්ම අදට වඩා එදා ශක්තිමත්ය. ඔවුන් අධ්‍යාපනයෙන් ලබන ඥානයක් තිබුනේ නැත. සම්ප‍්‍රධායෙන් සංස්කෘතියෙන් ලැබුණු හර පද්ධතියක් හරහා ජීවිතය සකස් කර ගත්තාහ. මවක් එදා දරුවෙක් තමන්ගේ අතට ගැනීමට පෙර දෙඅත් හොදින් පිරිසිදු කර ගත්තාය. සිය ආදරණිය බිළිදාට මව් කිරි දුන්නේ සිය පියවුරු මනා කොට සෝදා පවිත‍්‍ර කොට ගෙනයි. මවට මව් කිරි එරෙන විට සාමාන්‍යයෙන් තම ඇදිවත තෙත්ව යනවා ඇත. නමුත් එම වස්ත‍්‍රයම ඇදගෙන විටින් විට එදා මවුවරු දරුවන්ට කිරි දුන්නේ නැහැ. ඉතාමත් හොදින් පිරිසිදු වි අලුත් නැවුම් වස්ත‍්‍ර ඇද පැළදගෙනයි. එම කටයුත්ත උතුම් කොට සලකා සිදු කරනු ලැබිය. මෙතැනදී අපට නොපෙනෙන දෙයක් තිබෙයි. මවත් අපවිත‍්‍ර වි නම් යම් විෂබිජයක් නිර්මාණය වි එය දරුවාට හානිකර විය හැකිය. ශරීරික මානසික බිදවැටිම ඊට හේතු විය හැකියි. අපවිත‍්‍ර විම හරහා ක‍්‍රියාත්මක වන්නා වූ අයහපත් බලවේගයන් එමටය. එය විශ්විය කරුණකි. එමෙන්ම ඇස්වහ කටවහ ආදිය ගැන බොහෝ විශ්වාසයක් මව්වරුන්ගේ සිත් තුළ පවති. එය මිත්‍යා මතයක් යැයි කිසිසේත්ම බැහැර කළ නොහැක. අතීතයේ සිට කලු පැහැ ගැන්වූ මොට්ටුවක් නළලෙහි තබන්නේ සෘජුවම එය දරුවා දෙස බලන්නෙකුට ආකර්ෂණය නොවදින්නටයි.
breast feed inside2017
            තවත් කරුණක් ගැන සිහි තරකර ගත යුතුය. එදා අපේ පැරැන්නන් දරුවාගේ ඇස් යට අඳුන් තවරනවා. අදටත් ඇස් කහ වුණු කුඩා බිළිදුන් අප දැක තිබෙනවා. උප්පත්තියේ දී යම් විෂබිජයක් දරුවාගේ ඇස් දෙකෙන් පිටවන්නට පුලුවන්. එවිට කෙසෙල් කොළයක් රැගෙන එහි පත‍්‍ර ඉවත් කොට පහන් දැල්ලෙන් කෙසෙල් නාරටිය රත් කරමින් ඉන් ඇති වන්නා වූ කලු පැහැ ද්‍රව්‍ය ජලය සමග මිශ‍්‍ර කොට දරුවාගේ ඇසට නොගෑවෙන ලෙසින් ඇස් යට ගැල්විම සිදු කරයි. මෙම කරුණ යම් මවක් අදම අසුවක් විය හැකිය. තම බිළින්දා ස්නානය කරවන මොහොත ද ඉතාම වැදගත් වෙයි. වෙනිවැල් ගැට මිශ‍්‍ර උණු ජලය ඇල් මරවා බිළිදා නාවන්නේ විෂබිජ නැසීමටය. මෙම කාරණාවන් බිළිදකු වෙනුවෙන්  මවකට සිදු කිරීමට හැකි නම් නීරෝගි දරුවකු අනාගතයට බිහිවනවා නොවනුමානය.

          එවන් පවිත‍්‍ර දරුවෙකුට සිය මව හරහා ලැබෙන්නා වූ විශ්ව ශක්තිය ද යහපත් ය. මන්දයත් යහපත් බලවේගයන්ගේ පවා ආරක්ෂාව, ආශිර්වාදය ලැබෙන්නේ එවිටය. එම සෙනෙහෙබර ක‍්‍රියාවන්හි මව යෙදෙන විට මවකගෙන් පිට වන්නේ සිය බිළිදාට තමන්ගේ හදවතෙහි තිබෙන්නා වූ උතුම්ම පිරිසිදුම සුසුම් රැල්ලකි. එය වාතලයට යොමුව,  මේ විශ්වයට එකතුවනවා ඇත. ඒ තුළ මව නොදැනුවත්වම ශක්තියක් ඉපදේ ඒ තුළින් මවගෙන් දරුවාට යහපත් බල ශක්තීන්ගේ ඇල්ම යොමු වන්නේය.newbornbasics2017

         දරුවා සමාජයට අනුගතවන ප‍්‍රාථමික යුගය පටන් ගන්නේ මවගෙනි. අප එය සමාජ විද්‍යාවේදී ප‍්‍රාථමික සමාජානුයෝජනයේ මූලික අවදිය වශයෙන් හදුන්වමු. සරල උදාහරණයක් ගතහොත් සිදුහත් කුමරු මහාමායා මෑණියන්ගේ මරණයෙන් පසූ හැදී වැඩෙන්නේ මහා ප‍්‍රජාපති ගෝතමිය සමිපයේය. එවිට එම පුත් කුමරු කුඩා බිළිදෙකි. සෙනෙහස ආදරය රැකවරණය සිදුහත් බිළිදුන්ට ලබා දෙන්නේ ඇයයි. කුසෙන් බිහි නොකළත් ඇය තම පුත‍්‍රයකුට සේ සෙනෙහස දැක්වූවා නම් ආදරණිය මවක් වූ ඔබට ඔබේම බිළිදාහට කෙතරම් සෙනෙහසක් දක්වන්නට හැකිද?එම නිසා මවක් ලෙස ධාර්මික සිතුවිලි දාමයන්ගෙන් පොහොසත් වි තම බිළිදා හෙවත් ළදරුවාගේ ශාරීරික මානසික සුවය උදෙසා කෙතරම් කාර්යභාරයක් ඔබට ඉටු කරන්නට තිබේද? එය සුලු කොට තැකිය හැකි ද?උපතින්ම ප‍්‍රභාෂ්වර වූ කිරි කැටි බිළිදු සිත කැඩපතක් වැනිය. එය කිළිටි වන්නේ හෝ පිරිසිදු වන්නේ මවගේ ක‍්‍රියාකාරිත්වය මත බව ඔබට වටහා ගැනීමට ප‍්‍රමාණවත් වනු ඇතැයි විශ්වාස කරමි.
 
නිමේෂා නුරානි
ශ්‍රීපාලි විශ්වවිද්‍යාලය
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.