• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

දශක හයක චීන ශ‍්‍රී ලංකා මානවීය සබඳතා

design mash shake hands2017චීන ශ‍්‍රී ලංකා සබඳතාවලට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි.

ක‍්‍රිස්තු වර්ෂ පස්වන සියවස පටන් දෙරටේ සබඳතා ගොඩනැගීම පිළිබඳ ව ලිඛිත සාධක හමුවුවද අලිඛිත සාධක හා ඓතිහාසික පුරාවෘත්තයන්ට අනුව එය තවත් වසර දහස් ගණනක පටන් පැවත එන්නක් බව තහවුරු වෙයි. මහින්දාගමනයත් සමඟ ශ‍්‍රී ලංකා සමාජයේ ස්ථාපිත වූ බුදුසමය කේන්ද්‍ර කොට ගනිමින් චීන ශ‍්‍රී ලංකා සබඳතා වඩාත් තහවුරු වීමට පටන් ගත් බවට ලිඛිත සාක්ෂි දෙරටින් ම හමුවීම සුවිශේෂීය.

   ක‍්‍රිස්තු වර්ෂ පස්වන සියවසේ ලංකාවට වැඩම කළ චීන ජාතික ෆාහියන් භික්ෂුවගේ දේශාටන වාර්තා දෙරටේ ඓතිහාසික සබඳතා පිළිබඳවත් සංස්කෘතික හා සාමාජීය වටපිටාව පිළිබඳවත් වැදගත් තොරතුරු රැසක් හෙළිකරයි. එහිදී ථේරවාදී බුදුදහම හඳුනා ගනිමින් එය චීනයට රැගෙන ගිය පුවත ඉතිහාසඥයන්ගේ විශේෂ අවධානයට හා අධ්‍යයනයට ලක්ව තිබේ. වසර දෙකක් පමණ ලංකාවේ වැඩ වාසය කරමින් ෆාහියන් භික්ෂුව කළ අධ්‍යයනයන් දෙරටේ සංස්කෘතික සබඳතාවලට මූල බීජය වන්නට ඇති බවට සැක නැත. එසේම බෞද්ධ මෙහෙණි සස්න ඉතා ප‍්‍රචලිතව ලංකාවේ පැවති අනුරාධපුර යුගයට සමඟාමී ව චීනයේ මෙහෙණි සස්න ආරම්භ වීම දෙස බැලීමේදී ද සාධක සහිතව අපට තහවුරු කර ගත හැකි කාරණයක් වන්නේ මෙරටේ මෙහෙණි සස්නේ ආරම්භයට ද වර්ධනයට ද ලංකාවේ බලපෑම හේතු වූ බවය. china2

   චීන ඉතිහාසය පිළිබඳ ගවේෂණය කරන්නට වටිනා තොරතුරු රැසකට මූල බීජය සපයන ඓතිහාසික ග‍්‍රන්ථයක් වන්නේ ලියන්සු නැමති ග‍්‍රන්ථය යි. එහි සඳහන් තොරතුරු වලට අනුව ක‍්‍රි.ව. 405 ලංකාවේ රජ කළ පළමුවන උපතිස්ස රජතුමා විසින් චීන අධිරාජ්‍යය වෙත බුදු පිළිමයක් පරිත්‍යාග කොට තිබේ. චීනයත් ශ‍්‍රී ලංකාවත් අතර අන්තර් සහයෝගීතාවයේ ඓතිහාසික වටිනා යුගය ලෙස සඳහන් වන්නේ ටාන් රාජ්‍ය සමය යි. ටාන් සමයේ චීනයේ බෞද්ධ භික්ෂූන් විශාල පිරිසක් ලංකාවට වැඩම කොට බුදුදහම පිළිබඳ හැදෑරීම් සිදුකළ බවට සාක්ෂි හමුවෙයි.ලෝකයේ බොහෝ රටවල් අතර වන සබඳතාහි ඓතිහාසික තොරතුරු ගවේෂණයේදී අපට හමුවන පොදු සාධනීය කරුණක් වෙයි. එනම් ඒ ඒ රටවල් අතර අන්තර් සබඳතා ගොඩනැගී ඇත්තේ ආර්ථික හෝ යටත් විජිතකරණය සමඟ බවය. එය වුවද චීනය සහ ලංකාව අතර සබඳතා  විමසීමේදී ඉතා පැහැදිලි ව එහි සමාරම්භය ආගමික මුහුණුවරක් ගත්තක් බව තහවුරු වෙයි.ඓතිහාසිකව දෙරටේ සබඳතා වඩාත් ශක්තිමත් වෙමින් පවතින්නේ එකී සාධක මත පිහිටා ලැබූ පන්නරය සමගින් බවත් එය අන්‍ය දේශයන් හා චීනය ගොඩනගාගත් සබඳතාවලට වඩා ශක්තිමත් හා සමීපතාවයකින් යුතුව පවතින්නක් බවත් දක්නට ලැබේ. දෙරට අතර පවත්වා සහයෝගිතාවය තහවුරු වන්නේ ඒ ඒ රාජ්‍යයන් ඔවුනොවුන් කෙරෙහි දක්වන අවංකභාවය මතය. එහිදී රාජ්‍ය පාලකයන්ගේ ප‍්‍රතිපත්ති හා අරමුණු සේම පුරවැසියන්ගේ සිතුම් පැතුම් අපේක්ෂා පිළිබඳ ව ද සැලකිලිමත් වීම වැදගත් වෙයි. 

   චීනය හා ශ‍්‍රී ලංකාව අතර සහයෝගිතාවයේ ඇති අපූර්වත්වය වන්නේ ද එකී පරමාර්ථයන්ට අනුගතව හා අනුකූලව දෙරටේ රාජ්‍යයන් කටයුතු කොට තිබීමය. සැමවිට ම චීනය ශ‍්‍රී ලංකාවේ සංස්කෘතිය පිළිබඳ අගනාකම් පිළිබඳ ව දක්වන උනන්දුව ඓතිහාසිකව ගොඩනගාගත් උරුමයන්ට හා මිත‍්‍රත්වයනට ගරු කරමින් සිදුකරන්නකි. එසේම ශ‍්‍රී ලංකාව ද චීනය පිළිබඳව දැඩි විශ්වාසයකින් හා අවංකභාවයකින් කටයුතු කොට ඇත්තේ අනාදිමත් කාලයක් පුරා පැවති චීන සබඳතාවලට අවධානයක්, සැලකිල්ලක් යොමු කරවමිනි. ඒ නිසාම දෙරටේ සබඳතා දිනෙන් දින අපේක්ෂාවන් මල්ඵල ගන්වමින් පෙරට විත් තිබේ. අර්ධ වැඩවසම් අර්ධ යටත් විජිතවාදයෙන් චීනය නිදහස ලබන විට සමීපත ම සගයෙකු ලෙස ලංකාව දෑත දිගු කොට ඓතිහාසික සබඳතා අර්ථපූර්ණය කිරීමට වග බලා ගත්තේ ලෝකය හමුවේ වූ අභියෝගයන්ට හිස නොනමමිනි. නව චීනය 1949 ඔක්තෝබර් පළමු දිනයේ පිහිටුවමින් චීනය ලැබූ ජයග‍්‍රහණය පිළිගැනීමට ලෝකයේ රටවල් මැලිවෙද්දී ලෝකයේ පිළිගත් රාජ්‍යයන් ලෙස චීනය සමඟ අත්වැල් බැඳගත් මුල්ම රාජ්‍යයන් අතර ලංකාව ද විය. එසේම දෙරටේ ඓතිහාසික මිත‍්‍රත්වයෙන් බලවත්කමට ඇති වැදගත් සාධකයක් වන්නේ දෙරට අතර තානාපති සබඳතා ඇති කර ගැනීමට පෙර ගිවිසුම්වලට එළැඹීමයි.  එය දෙරටේ මානවීය සබඳතාවලට ද වටිනා උත්පේ‍්‍රරණයක් එක් කළ අවස්ථාවක් ලෙස ඉතිහාසයට එක් වෙයි.චීනයත් ශ‍්‍රී ලංකාවත් අතර රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා ආරම්භ වන්නේ 1957 පෙබරවාරි  මාසයේදීය.

   චීන අගමැති චව් එන් ලයි මහතා සහ එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් එදින ප‍්‍රකාශයට පත් කළේ, දෙරටේ සිතුම් පැතුම් පිළිගෙන ඒවාට ගරු කරමින් සහයෝගිතාවය වර්ධනය කරගත යුතු බවයි. ශ‍්‍රී ලංකාවත් චීනයත් අතර සංස්කෘතික හුවමාරුවේ වටිනාම අවස්ථාවක් ලෙස 1979 දී දෙරට අතර අත්සන් කළ සංස්කෘතික සහයෝගිතා ලේඛනය ඉතිහාසයට එක් වෙයි. ඉන් කලා, සංස්කෘතික, අධ්‍යාපන ඇතුළු බොහෝ අංශයන් හා හුවමාරු වැඩසටහන් සඳහා නිශ්චිත රාමුවක් සහිත ව දෙරට තැබූ පියවර අනගිභවනීය ය. නවීනත්වයට පා තබමින් තිබූ එකළ සමාජ පරිසරය තුළ දෙරටේ අනන්‍යතාවය ආරක්ෂා කර ගනිමින් සිය අරමුණු කරා ළඟාවීමට ඉන් ලැබුණු උත්තේජනය සුළුපටු නොවේ. චීනයේ වැඩවසන උතුම් දළදා වහන්සේ ලක්බිමට වැඩමවීමේ පටන් තවත් බොහෝ අවස්ථා එළැඹියේ දෙරටේ සංස්කෘතීන්ට චීනය හා ලංකාව දැක්වූ අනුකූලතාවය මත පදනම්වය. දෙරටක් අතරේ සහයෝගිතාවය වර්ධනය කිරීමේදී ඔවුන්නොවුන්ගේ සිතුම් පැතුම්, හඳුනා ගැනීම වැදගත්ම සාධකය වෙයි. ඒ සඳහා ප‍්‍රධාන ම මෙවල ම වන්නේ භාෂාවයි.
historical governing and linguistic connections
  චීන භාෂාව සිංහල භාෂාව හා සමීප බවක් නොදක්වයි. ඔවුන් චීන භාෂාව දකින්නේ කටෝර භාෂාවක් ලෙසය. එසේ වුවද දෙරටේ ඇති සංස්කෘතිකමය සබැඳියාව නිසාම සිංහලයන් චීන භාෂාව ද චීන ජාතිකයන් සිංහල භාෂාව ද ඉගෙන ගැනීමට දක්වන උනන්දුව පුදුම සහගතය. ඒ වෙනුවෙන් චීනයේ බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ ආරම්භ කරන ලද සිංහල අධ්‍යයන අංශයට වසර 56ක් සම්පුර්ණ වී තිබේ. චීන අග‍්‍රාමාත්‍ය චව් එන් ලයි මහතා සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය මෙම සිංහල අධ්‍යයන අංශයට පිහිටුවීමට පුරෝගාමී මෙහෙවරක් සිදු කළේය. ලංකාවෙන් චීනයට ගෙන්වා ගත් සිංහල භාෂා ගුරුවරයෙකුගෙන් ආරම්භ වූ මෙම අධ්‍යයන කේන්ද්‍රය ගෙවී ගිය දශක පහකට අධික කාලය තුළ අධ්‍යාපනික වශයෙන් ඉටු කළ මෙහෙවර දශක ගණනක් පුරා දෙරටේ අධ්‍යාපනය නගාසිටුවීමටත්, භාෂා අධ්‍යාපනයටත් පිටුබලයක් සපයන බව පැහැදිලි වෙයි. චීන සිසුන් ලංකාවේ විශ්වවිද්‍යාලයන්හි අධ්‍යයන කටයුතුවල නිරත වීමට මින් ලබාදී ඇති සහ අද වන විටත් ලබා දෙන දායකත්වය මහත්ය. එසේම ශිෂ්‍ය හුවමාරු, ගුරු හුවමාරු වැඩසටහන් රාශියක් ද සිංහල අධ්‍යයන අංශය කේන්ද්‍රස්ථානය වී තිබේ. මීට අමතරව චීනයේ චීන ජනසන්නිවේදන විශ්වවිද්‍යාලය, චොන් චින් ගුරු පුහුණු විශ්වවිද්‍යාලය යන ආයතන වලද චීන සිසුන්ට සිංහල භාෂාව ඉගැන්වීමේ අවස්ථාව උදාකරදී තිබේ.අන්තර් හුවමාරු අධ්‍යාපන ක‍්‍රමය නිසා දෙරටේ විද්‍යාර්ථීන්ට නිවැරදි සහ පහසු අධ්‍යාපන අවස්ථා උදාවී තිබීම පැසසිය යුත්තක් වෙයි. චීන ශ‍්‍රී ලංකා ශිෂ්‍යත්ව හුවමාරු වැඩසටහන වර්තමානයේ ඉතා සාර්ථකව සිදුවන්නකි. 1975 වර්ෂයේදී චීන රජය ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව එරටේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ශිෂ්‍යත්ව ලබාදීම ආරම්භ කළ අතර ශිෂ්‍යත්ව හතකින් ආරම්භ කළ මෙම වැඩසටහන තුළින් අද වන විට වසරකට චීන රජයේ ශිෂ්‍යත්ව සියයක් පමණ ලංකාවේ විද්‍යාර්ථීන්ට ලබාදීමට කටයුතු කරනු ලබයි.

   china2017උසස් ඩිප්ලෝමා පටන් දර්ශන විශාරද, උපාධි දක්වා ශිෂ්‍යත්ව අවස්ථා මේ තුළින් උදා වී තිබේ.චීන ශ‍්‍රී ලංකා අධ්‍යාපන හා සංස්කෘතික සහයෝගීතාවය වර්ධනය කිරීමට කොම්ෆියුසියස් ආයතන විසින් ලබා දෙන දායකත්වය ඉතා වැදගත් වෙයි. ලෝකය පුරා චීන සංස්කෘතිය  ප‍්‍රචලිත කිරීම හා හඳුන්වාදීම මූලික පරමාර්ථ කොට ගනිමින් චීන රජය කොම්ෆියුසියස් ආයතන ආරම්භ කිරීමට කටයුතු කොට තිබේ. අපගේ සමීප සංස්කෘතික මිතුරා වන ශ‍්‍රී ලංකාවේ ද මෙවන් ආයතන තුනක් මේ වන විටත් පිහිටුවීමට කටයුතු කොට ඇත්තේ වඩාත් ක‍්‍රමවත් හා නිවැරදි මානයන් ඔස්සේ සංස්කෘතික බෙදා ගැනීම් සිදුකරනු පිණිසය. ලෝකය අන්‍ය රටවලට සාප්කේෂව මෙම ආයතන සමග කටයුතු කරන පිරිස ලංකාවේ ඉතා විශාල බව අපට දක්නට ලැබී තිබේ. එය දෙරටේ සහයෝගිතාව තිබූ තත්ත්වයට වඩා වැඩි ජීවයකින් හා විශ්වාසයකින් පෙරට ගැනීමට ඉඩ සලස්වන්නක් බව ඉතා පැහිදිලිය.ලෝකයේ බොහෝ රාජ්‍යයන් ඒ ඒ ආණ්ඩු සමඟ සබඳතා පවත්වා ගෙන යන්නේ ආර්ථික, දේශපාලන හා සමාජයේ බලය මත පදනම්වය.

   එසේ වුවද චීනය හා ශ‍්‍රී ලංකාව අතර සබඳතා පිළිබඳ ඓතිහාසික සාධක විමසීමේදී උක්ත න්‍යාය පමණක් දෙරටටම අදාළ වී නැති බව පැහැදිලි වෙයි. පවත්නා තත්ත්වයන්ට අනුව චීනය ලොව බලවතුන් සමග සමව සිට ගනිමින් වුවද ලංකාව දෙස බලා ඇත්තේ බලය කේන්ද්‍ර කර ගත් අරමුණු හා අපේක්ෂා වලට මූලිකත්වය ලබාදී නොවේ. ඔවුනොවුන් කෙරෙහි වූ ගෞරවයත් ඓතිහාසික සමීප බවත් හේතු කොට ගෙනය.චීන ශ‍්‍රී ලංකා දෙරටේ සහයෝගිතාව වර්ධනය වී ආරක්ෂා වී ඇත්තේ අත්සන් කළ ගිවිසුම් හෝ ඇති කරගත් තානාපති සබඳතා මතම පමණක් පදනම්ව නොවීම දෙරටේ ම ආඩම්බරයට හේතු වන්නකි. ජනතා සිතුම් පැතුම් පිළිබඳ ව රාජ්‍යයන් දෙකෙහි ඇති අනුකූලතාවය අතීත මග ශක්තිමත් කරන්නක් වන්නේය. ශ‍්‍රී ලංකාවේ 7 වන නිදහස් දින සමරුවට සහභාගි වීමට ලංකාවට ගිය චීන අගමැති චව් එන් ලයි මහතා සම්බන්ධ සිදුවීමක් දෙරටේ ජනතා හදවත් තුළ  මුල් බැස ගෙන තිබේ. නිදහස් දිනය වෙනුවෙන් චීන අගමැතිවරයා ලංකාවේ ජනතාව ආමන්ත‍්‍රණය කරමින් සිටින විට ධාරානිපාත වර්ෂාවක් ඇද හැලෙන්නට පටන් ගෙන තිබේ. ඒ අසළ සිටි ආරක්ෂකයෙකු චීන අගමැතිවරයාට කුඩයක් ඇල්ලීමට සැරසුන අවස්ථාවේ අගමැතිවරයා ප‍්‍රකාශ කළේ, මහ ජනතාව වැස්සෙන් තෙමෙන විට මට කුඩයක් අවශ්‍ය නැත. මම ද මහජනතා ව මෙන්ම වැස්සෙන් තෙමෙමි, යන්නයි. ශ‍්‍රී ලාංකික ජනතාවගේ ජන විඥානය තුළට චව් එන් ලයි අගමැතිතුමා එතරම් කිඳා බැස්සේ අන් කිසිවක් නිසා නොව දෙරටේ වසර දස දහස් ගණනක් පුරා අවිචින්නව පැවත ආ මානවීය නිසා බව පැහැදිලි වෙයි.

   Chineseලංකාවේ ගාලූ මුවදොර පිටියේ ඈත අහසේ ලෙළ දෙන සරුංගලයේ පටන් අනාගතයේ ගොඩනැගෙන ජාත්‍යයන්තර වෙළද නගරය දක්වාත් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව, උපරිමාධිකරණය, තැපැල් මූලස්ථානය, නෙළුම් පොකුණ ආදී දැවැන්ත පරිත්‍යාගයන් ද චීනය විසින් ලංකාවට ලබා දී ඇත්තේ ගොඩනැගී තිබෙන මානවීය සබඳතා වල ප‍්‍රතිඵලයන් නිසා විනා වෙන කිසියම් හෝ බලවේගයක් නිසා නොවන බව අපගේ දැඩි විශ්වාසය යි.චීනය සෑම විටම ශ්‍රී ලංකාවේ අනන්‍යතාවට ගරු කරමින් කටයුතු කර ඇත්තේ සැබෑ මානවීය ගනුදෙනුවක් තුළින් ගොඩනැගුණු සබදතාවල ශක්තිය වඩාත් ගෞරවනීය වන නිසායග ඒ නිසාම චීනය ලංකාවේ ජනතාවගේ කුදු මහත් අවශ්යරතා හඳුනාගනිමින් සහයෝගය දක්වමින් කටයුතු කොට තිබේග ස්වාභාවික ආපදා අවස්ථාවලදී අතීත සබඳතා වඩාත් ගෞරවනීයව ගොඩනැගෙමින් සහයෝගය දැක්වීමට චීනය පියවර ගෙන තිබේ.

   සුනාමි ව්‍යයසනය පැමිණි අවස්ථාවේ දැඩි අභියෝගයකට ලක් වූ ලංකාවේ ජන ජීවිතය ගොඩනැගීමට අප රජය ලබාදුන් උපකාර දෙස ශ්‍රී ලංකාවේ ජනතාව අදටත් බලන්නේ දැඩි ගෞරවයකින් යුතුව ය. එසේම නියං, ගංවතුර වැනි ඕනෑම ආපදාවකදී සමීප මිතුරෙකුගේ සහය අදටත් ලංකාව වෙත ලබාදී හොඳ හිත ආරක්ෂා කර ගැනීමටත් අනාදිමත් කාලයක් පවතින දෙරටේ අන්‍යෝන්‍ය පවත්වා ගැනීමටත් චීනය කටයුතු කරයි. රට ස්වරීය භාවයට ගරු කිරීම සේම එය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සහයෝගය දැක්වීම සැබෑම මිත්‍ර රාජ්‍යයන්හි සුවිශේෂි ලක්ෂණයකි. ඒ නයින් ගත් කළ ද චීනය ලංකාවේ ආවේනික ලක්ෂණයන් සහිතව ඉදිරියට තබන සෑම පියවරයකට ම විශාල ශක්තියක් වී තිබේ. ජේ.ආර්. ජයවර්ධන යුගයේදී චීනයට ගිය ශ්‍රී ලංකාවේ එවකට අගමැති ආර්. ප්‍රේමදාස මහතාට එවකට චීන රජය ලබාදුන් පරිත්‍යාගයන් ද සුවිශේෂි ව දෙරටේ ඉතිහාසයට එක් වේ. ලංකාවේ විශේෂයෙන් ග්‍රාමීය ජන ජීවිතය 70 දශකයේ පැවතියේ දැඩි අසීරුකම් සහිතවය. එම තත්ත්වයෙන් ජන ජීවිතය ගොඩ ගැනීම සඳහා එදා අගමැතිවරයාට ලබාදුන් මූල්‍යාධාර ඉවහල් වූ බව දෙරටේ ඉතිහාසය විමසන බොහෝ තැන්වලදී විද්‍යාමාන වේ. විශේෂයෙන් ලංකාවේ දුකෂ්කර පළාත්වල ජන ජීවිතයට බලපෑ ජල ප්‍රශ්නයට සාර්ථක පිළිතුරක් ලබාදීමට එදා රජයට චීන මිතුරා විසින් දුන් පරිත්‍යාග ඉවහල් විය. ආදර්ශ ගම්මාන සංකල්පය ලංකවේ දරිද්‍රතාව තුරන්කොට ජන ජීවිතය සමෘද්ධිමත් කිරීම සඳහා ක්‍රියාත්මක වූ දැවැන්ත වැඩපිළිවෙළකි. සාමූහිකව ජන ජීවිතයක් තුළින් ග්‍රාමීය ව්‍යාපෘති බිහිකොට ඒ වටා ජනතාව පෙළගස්වා ඔවුන්ගේ ගැටලුවලට ස්ථිරසාර විසඳුම් ලබාදීමට ගත් උත්සාහයේදී පෙරට පැමිණියේ චීනයේ සහයෝගයයි.


    වර්තමානයේ ලංකාවේ ආදර්ශ ගම්මාන වැඩපිළිවෙළ තුළින් ලබාගෙන ඇති සාර්ථකත්වය සිහිපත් කරන සෑම මොහොතකම චීන රජය වෙනුවෙන් කෘතවේදීත්වය ප්‍රකාශ වන්නේ ද ඒ නිසාය. චීන ශ‍්‍රී ලංකා සහෝදරත්වය සහයෝගීතාවය අර්ථවත් කිරීමට දෙරටේ මානවීය සහයෝගීතාවය ලබා දී ඇති ශක්තිය කිසිදු දෙයකින් සමානව දැකිය හැකි නොවේ. එය බැලූ බැල්මට දක්නට ඇති සරල කාරණා ඉක්මවා ගිය ගැඹුරු දැක්මක් බව විමර්ශනය කරන විට පැහැදිලි වෙයි. වසර 60ක් පුරා චීන ශී‍්‍ර ලංකා සහෝදරත්වය ශක්තිමත් කළේ ඒ මානවීය දැක්ම හා අවබෝධය හේතු කොට ගෙන ය.  එය තවත් වසර සිය ගණනක් දෙරටේ සහයෝගිතාව ආරක්ෂා කරන ගාමක බලවේගය බව ද අප විශ්වාස කරන්නේ එබැවිනි. එබැවින් දෙරටේ පුරවැසියා සතු යුතුකම ද ඓතිහාසික වගකීම ද වන්නේ වඩ වඩාත් දෙරටේ මානවීය හුවමාරු සඳහා අවස්ථා උදා කිරීම හා ඒ වෙනුවෙන් වගවීමය.

බීජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ මූලික පර්යේෂණ අරමුදල වෙනුවෙන් ඉදිරිපත් කළ පර්යේෂණ පත‍්‍රිකාවකි.

සහාය මහාචාර්ය මා චූන් වූ අධ්‍යක්‍ෂ / ශ‍්‍රී ලංකා අධ්‍යයන කේන්ද්‍රය උප පීඨාධිපති / ආසියා - අප‍්‍රිකා අධ්‍යයන පීඨය

බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය
බෙයිජිං නුවර, චීනය

Prof Udena

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.