• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ලියමඬල අවුල් නොවී කළ යුතු ‘පවුල් සැලසුම්’

family‘අපේ ආච්චිට ළමයි 12 දෙනෙක් හිටියා. මට ඉන්නේ එකයි’ ‘ ජාතික රැක ගන්න නම් පුළුවන් තරම් ළමයි හදන්න’ මේ වාගේ ජනප‍්‍රිය කියමන් අපට නිතර නිතර ඇසෙනවා. 



ජාතික, පරම්පරාව වාගේ දේවල් ඉදිරියට දමාගෙන මේ අනුබල දෙන්නේ ‘හැකි තරම් දරුවෝ හදන්න’. ඒත් නවීන ලෝකයේ වඩාත් ප‍්‍රචලිතව තිබෙන්නේ ‘කුඩා පවුල් ’ සංකල්පය. ඒකට සමාජ, ආර්ථික, සංස්කෘතික වගේම ඇතැම් විට දේශපාලන ( චීනය* තිබෙනවා. කොහොම වුණත් ‘වැලේ ගෙඩි වැලට බරක් නෑ’ වාගේ කතා අද ඒ තරම් වංගු නැහැ. 


ඒ වගේම තමයි අපේ රටේ තත්ත්වය සැලකුවොත් ‘ගබ්සාව’ නීතියෙන් ම තහනම් කරලා තිබෙන්නේ. ඉතාමත් සීමිත අවස්ථා කිහිපයකදී හැර ඒ සඳහා නීතියෙන් සහනයක් නැහැ. ගබ්සාව බරපතළ වරදක්. ඒ වුණත් ලංකාවේ දිනකට නීති විරෝධී ගබ්සා කිරීම් 800ක් පමණ සිදුවන බව සෞඛ්‍ය අංශ කියනවා. 


මේ වගේම තමයි ලංකාවේ සැලකිය යුතු පවුල් සංඛ්‍යාවක දරුවන් අතර නිසි පරතරයක් නැහැ. මේ නිසා මාපියන් වගේම දරුවනුත් දුක් විඳිනවා. 
මේ බොහෝ ප‍්‍රශ්න ඇති වන්නේ කුමක් නිසාද ? ‘ඒ නිසි පරිදි පවුල් සැලසුම් ක‍්‍රම’ අනුගමනය නොකිරීම නිසා කීවොත් වැරදි නැහැ. 




‘පවුල් සැලසුම’ කියලා කියන්නේ කුමක්ද ?family planing



තමන්ට අවශ්‍ය දරුවන් ගණන ලබාගැනීම හා එම දරු උපත් අතර කාලසීමාවක් සැලසුම් කර ගැනීම පවුල් සැලසුම වශයෙන් සරල ව හැඳින්විය හැකියි. මෙහිදී දරුවන් ලැබිය යුත්තේ කවර අවස්ථාවේද ? දරුවන් කී දෙනකු බිහිකළ යුතුද ? දරුවන් අතර පතරතරය කෙබඳු විය යුතුද ? දරුවන් ලැබීම නතර කළ යුත්තේ කවර විටකදීද? යන්න තෝරා බේරා ගැනීමේ අවස්ථාව පවුල් සැලසුම මගින් ලබා දෙනවා. ඒවා තෝරා බේරා ගැනීමේ අවස්ථාව හිමිවන්නේ අඹු සැමියන්ටයි. ඒ සඳහා බලපෑම් කිරීමට කිසිවකුට අයිතියක් නැහැ. 


පවුල් සැලසුමේ වාසි මොනවාද ?



පවුල් සැලසුම මගින් වාසි කිහිපයක් හිමිවෙනවා. ඒ අතර, 



1දෙමාපියන්ගේ කැමැත්ත හා වුවමනාව මත පමණක් දරුවකු පිළිසිඳ ගැනීම: මේ මගින් අනවශ්‍ය මොහොත පවුලට අනවශ්‍ය සාමාජිකයෙකු එක්වීම සමඟ ඇතිවන ගැටලූ මග හරවා ගත හැකි වේ. 
2 නිසි පරිදි සැලසුම් කළ දරු උපතකදී දරුවා නිරුපද්‍රිතව ඉපදීම ( ගබ්සා වීම හෝ කිරීම සිදු නොවීම) හා දරුවාගේ සහ මවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා වීම.
3 දරුවාගේ අවශ්‍යතා මැනවින් ඉටු කිරීමට අවස්ථාව ලැබීම. 
4 දරුවා පවුලේ අත්‍යවශ්‍ය සාමාජිකයෙකු වීම 
5 මාතෘ හා ළමා මරණ අඩුකර ගැනීමට අවස්ථාව උදාවීම.
6 ගබ්සා කිරීම වැනි නීති විරෝධී හා සදාචාර විරෝධී ක‍්‍රියාවන්ට යොමු වීමට සිදු නොවීම.
7 සතුටින් හා සැහැල්ලූවෙන් පවුල් ජීවිතය ගත කිරීමට අවස්ථාව උදාවීම.
8 ‘කොන්ඩම්’ වැනි උපත් පාලන ක‍්‍රම භාවිතා කිරීම මගින් ඒඞ්ස් ඇතුළු සමාජ රෝග වැළඳීමේ අවදානමෙන් මිදීමට හැකි වීම.
9 අඩු වයස් ගැබ් ගැනීම් වළකා ගත හැකිවීම.



හොඳම පරතරය කුමක්ද ?family2



දරුවන් අතර පරතරයක් තබා ගැනීමට දෙමාපියන් උනන්දු කරවන්නේ ඒ මගින් යහපත් තත්ත්වයන් රැසකට හිමිකම් කීමට අවස්ථාව උදාවන නිසයි. මෙහිදී බොහෝ දෙනා විමසන දෙයක් වන්නේ ‘හොඳම වයස් පරතරය කුමක්ද ?’ යන්නයි. වෛද්‍ය විද්‍යාත්මක පිළිගැනීම වන්නේ මවගේත් දරුවාගේත් යන දෙදෙනාගේම යහපත් සෞඛ්‍ය තත්ත්වය සඳහා තවත් දරුවකු පිළිසිඳ ගැනීම සඳහා අවම වශයෙන් වසර දෙකක පමණවත් පරතරයක් තබාගත යුතු බවයි. 



අඩු පරතරයක් සහිත දරුවන්ට මොකද වෙන්නේ ?



දරු උපත් දෙකක් අතර අවම වශයෙන් අවුරුදු දෙකකට වඩා පරතරයක් රහිතව උපදින දරුවන් ඊට වඩා වැඩි පරතරයක් සහිතව උපදින දරුවන්ට සාපේක්ෂව කායික හා මානසික වශයෙන් අඩු වර්ධනයක් ගන්නවා. 


ඒ වගේම තමයි වයස අවුරුදු දෙකට වඩා අඩු දරුවකුගේ සෞඛ්‍ය හා මානසික වර්ධනයට එල්ල වන ප‍්‍රබලතම අවදානමක් වශයෙන් සැලකෙන්නේ තවත් දරුවෙන් ඉපදීමයි. 
මෙසේ වන්නේ ඇයි ?



තත්ත්වය ඉතා පැහැදිලියි, ඒවා පහත පරිදි සඳහන් කළ හැකියි.



1. මෙවැනි අවස්ථාවක වැඩිමහල් දරුවාට මවුකිරි දීම හදිසියේම ඇණහිටිනවා.
2. ඔහුට අවශ්‍ය විශේෂ ආහාර සෑදීම සඳහා මවට කාලය අඩු වෙනවා. 
3. වැඩිමහල් දරුවා කෙරෙහි අවධානය අඩු වෙනවා. 
4. අවශ්‍ය සත්කාර හා සෙනෙහස ලබාදීමට මවට ඇති කාලය අඩු වෙනවා.
5.  විශේෂයෙන් දරුවා රෝගී අවස්ථාවක පවා මවට එම දරුවා කෙරෙහි ප‍්‍රමාණවත් තරම් අවධානයක් යොමු කිරීමට කාලය නොමැති වෙනවා.
6. මෙවැනි දරුවන් බොහෝ විට අඩුබර සහිත දරු උපත් හෝ නිසි දින ගණන සම්පූර්ණ නොවූ දරු උපත් විය හැකියි. මෙවැනි දරුවන්ගේ වර්ධනයේ ගැටලූ ඇති වීම සිදු වෙනවා. නිතර නිතර රෝග ආසාදන වලට ලක් වෙනවා. 
7. මෙවැනි දරුවන් අකාලයේ මිය යාමට ඇති අවස්ථාව නිසි කාල පරතරයක් සහිතව උපදින දරුවන්ට වඩා සිවු ගුණයකින් ඉහළයි. 
මේ සියල්ලේම අවසන් ප‍්‍රතිඵලය වන්නේ දරුවා නිසි ලෙස වර්ධනය වීම සහ සංවර්ධනය වීම සිදු නොවීමයි. 


දරුවන් අතර නිසි පරතරයක් නොවීම මවට බලපානවාද ?big family



පැහැදිලිව ප‍්‍රබල බලපෑම් කරනවා. ඒවා පහත පරිදි ගොනු කළ හැකියි.



1 ගර්භනීභාවය හා දරු ප‍්‍රසූතිය නිසා මවගේ ශරීරයෙන් වැය වූ දේ ලබාගෙන යළි යථා තත්ත්වයට පත්වීම සඳහා දෙවසරක පමණ කාලයක් අවශ්‍ය කරනවා. මෙවැනි කාල පරතරයකින් තොරව යළි පිළිසිඳ ගැනීමක් නිසා මවගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීමට හැකියි.
2 දරු උපත ප‍්‍රමාණවත් කාල පරතරයක් තුළ සිදු නොවන විට දෙවන දරුවා පිළිසිඳ ගැනීම සිදුවන්නේ දරු ගැබක් දැරීමට තරම් සූදානමක් නැති මවගේ කුස තුළයි. මේ තත්ත්වය නිසා මගේ සෞඛ්‍ය තත්ත්වය අවධානමට ලක් විය හැකියි.
3 නිතර නිතර දරුවන් පිළිසිඳ ගැනීම නිසා පවුලේ ගැටලූ හා අර්බුද ඇතිවිය හැකියි. විශේෂයෙන් සැමියාගේ කායික අවශ්‍යතා ( ලිංගික) ඉටු කිරීමට තිබෙන අවස්ථාවන් අඩුවීම පවුල තුළ ගැටලූ ඇති වීමට හේතු විය හැකියි.
4 මවගේ ශරීර සෞඛ්‍ය සමග මානසික සෞඛ්‍යද පිරිහීමට හැකියි.
5 රැකියාවක් කරන මවක් නම් රැකියාවේ ගැටලූ ඇතිවිය හැකියි.




මේ නිසා වෛද්‍යවරුන් වඩාත්ම අවධාරණය කරන්නේ දරුවන් අතර නියමිත වයස් පරතරයක් තබා ගැනීම මවගේ, දරුවාගේ මෙන්ම මුළු පවුලේම යහපැවැත්ම සඳහා අතශ්‍යවශ්‍ය බවයි.



ගැබ් ගැනීම සඳහා වඩාත්ම සුදුසු වයස් සීමාවක් තිබෙනවා ද?




ඉතා පැහැදිලිව ඔව්. නීතිය අනුවත්, සදාචාරය අනුවත්, සෞඛ්‍ය අනුවත් අඩුවයස් ගැබ් ගැනීම් සිදු නොවිය යුතු දෙයක්. ඒ නිසා වයස අවුරුදු 18 ට පෙර හෝ 35 පසුව ගැබ් ගැනීම් නිසා මවගේ මෙන්ම දරුවාගේ ද සෞඛ්‍ය අවධානමට ලක් කරනවා. 




ඒ වගේම දරුවන් සිවුදෙනකු (4)පිළිසිඳ ගැනීමෙන් පසු තවත් දරු පිළිසිඳ ගැනීම් ඇතිවීම දරුවා සහ මව යන දෙදෙනාටම තදබල සෞඛ්‍ය හා ජීවිත අවදානමක් ඇති කළ හැකියි. 



මෙහිදී මව නීරක්තිය, රක්තපාතය වැනි දරුණු සෞඛ්‍ය ගැටලූවලට ලක්වීමේ දැඩි අවධානමක් පවතිනවා. එමෙන්ම අඩුබර දරු උපත් මෙන්ම දරුවන් අංග විකල වීමේ අවධානමක් ද මෙවැනි තත්ත්වයන් තුළ සිදුවෙනවා. මෙම තත්ත්වය වසය 35 ඉක්ම වූ විට සිදුවන ගැබ් ගැනීම් වලදී ද සිදුවීමේ වැඩි අවස්ථාවක් තිබෙනවා. 




පවුල් සැලසුම් කර ගැනීම 
family planing2


මිනිසා තමන්ගේ ලිංගික අවශ්‍යතා වඩාත් හොඳින් හා සදාචාරාත්මකව ඉටුකර ගන්නේ විවාහය මගින්. විවාහය පදනමක් වශයෙන් ද අඹු සැමි සම්බන්ධතා සැලකෙනවා. ඒ අතර සුජාත දරුවන් බිහිකිරීම ද විවාහයේ මූලික අපේක්ෂාවක් වශයෙන් සැලකෙනවා. 



මේ තත්ත්වය තුළ සිය ලිංගික ජීවිතය වඩාත්ම තෘප්තිමත්ව හා ඵලදායීව පවත්වා ගෙන යාමට මෙන්ම වඩාත් තෘප්තිමත් පවුල් ජීවිතයක් ගත කිරීම යන අරමුණේදී ඇතැම්විට ගැබ් ගැනීම වඩාත් සැලසුම් සහගතව සිදු කළ යුතු වෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ වර්තමාන සමාජයේ පමණක් නොව මානව පරිණාමයේ ආරම්භයේ සිටම විවිධ ක‍්‍රමෝපායන් මගින් ගැබ් ගැනීම් පාලනය කිරීමට මිනිසා උත්සාහා කළා. වර්තමානයේදී පවුල් සැලසුම් වැදගත් වන කරුණු කිහිපයක් හඳුනා ගෙන තිබෙනවා.



1 පළමු දරු උපත කල් දමා ගැනීම: මෙහිදී සිදුවන්නේ විවාහ වූ යුවලක් තමන්ගේ කුළුඳුල් දරු උපත පමා කර ගැනීම සඳහා පවුල් සැලසුම් වලට යොමු වීමයි. වර්තමානයේ මේ තත්ත්වය බහුල වශයෙන් දැකිය හැකියි. ගෙවල් දොරවල් ඉදිකර ගැනීම, උසස් අධ්‍යාපන අවස්ථා ආදි ආර්ථික කාරණා මෙන්ම තවත් කාරණා රැසක් නිසා මෙය සිදුවිය හැකියි. මෙහිදී විවාහ වීමට මාස කිහිපයකට පමණ පෙර සිට සුදුසු උපත් පාලන ක‍්‍රමයක් ගැන පිළිගත් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුයි. 



2 දැනට සිටින දරුවන් සංඛ්‍යාව ප‍්‍රමාණවත් වීම.




3 දරුවකු ලැබීමෙන් පසු තවත් දරුවකු ලැබෙන තෙක් මවට ශක්තිමත් වීම සඳහා කාලය ලබා ගැනීම.



මෙවැනි අරමුණු සහිත අඹුසැමියන් දරු උපත් පාලනය කර ගැනීම සඳහා පවුල් සැලසුම් ක‍්‍රම අනුගමනය කරනවා.





සටහන
තීක්ෂණ වෙළෙන්එගොඩ

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.