• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සුබ රාමසාන් දිනයක් වේවා

Ramadan2017මුස්ලිම් බැතිමතුන් මාසයක් පුරා උපවාස සීලය ආරක්ෂා කර නව සඳ බැලීමෙන් පසුව සමරනු ලබන උත්සව දිනය රාමසාන් දිනය හෙවත් ඊදුල් ෆීතර් උත්සවය ලෙස හැදින්වේ.


උපවාස සමය තුළ ලෞකික ජීවිතයෙන් අධ්‍යාත්මික ජීවිතයකට පිවිස දේව සිතුවිල්ලෙන් පිවිතුරු යහපත් ක්‍රියාවන්ගෙන් පරමාදර්ශී පිළිවෙතක පිහිටන බැතිමතුන් දිවා කාලය තුළ නිරාහාරව ගත කරමින් ප්‍රකාශ කරනුයේ අසරණයින් අත්විඳින දුක තමන් ද අත්විඳීමේ මහඟු මනුසත් ගුණයකි.


මුස්ලිම් බැතිමතුන් මාසයක් පුරා උපවාස ශීලය ආරක්ෂා කර, නව සඳ බැලීමෙන් පසුව සමරනු ලබනඊදුල් ෆීත්ර් උත්සවය සමානාත්මතාවයේ මාහැඟි පණිවිඩය ලොවට ගෙන එන ඉතා වැදගත් ආගමික උත්සවයකි.


අස්සවුම් හෙවත් රාමසාන් උපවාසය ඉස්ලාම් ධර්මය ගොඩනැගී ඇති වැදගත් කුළුණු පහෙන් එක් කුළුණකි.


පාරිශුද්ධවූ අල්-කුරානය ලොවට පහළ වූයේ ද මේ මාසයේදී ය.


උපවාස සමය සහ රාමසාන් උත්සවය වටිනා ආගමික, අධ්‍යාත්මික, සමාජයීය හර පද්ධතියකින් සමන්විත ය.


එම වටිනාකම් සුරැකෙන සේ ඉතාම ශ්‍රද්ධාවෙන් අවංකව උපවාස සමයේ වත්පිළිවෙත් ඉටුකිරීමට ඉස්ලාම් බැතිමත්හු කැපවෙති.


කුසගින්නෙන් පෙළෙන දිළිඳු ජනතාව විදින පීඩාව කෙබඳුදැයි අවබෝධ කරගැනීමටත්, ඒ පිළිබඳ ව සංවේදී සිතින් පරිත්‍යාගශීලී ජීවිතයකට යොමු වීමටත්, සිත දමනය කිරීමේ හැකියාව වර්ධනය කරගැනීමටත් රාමසාන් උපවාස සමය අගනා අවස්ථාවකි.


එම යහපත් ජීවන චර්යාවන් එක් මාසයකට සීමා නොකොට දිනපතා ජීවිතය තුළ ක්‍රියාත්මක කිරීම ඔවුන්ගේ අධිෂ්ඨානයයි.


මුස්ලිම් බැතිමතුන්ගේ මෙම කැපවීම, ආත්ම දමනය මෙන්ම සමානාත්මතාව සඳහා මඟ පෙන්වන පරිත්‍යාගශීලීත්වය ජාතික සමඟියට සහ සංහිඳියාවට ද මහඟු ආදර්ශයකි.



දුප්පත්, පොහොසත් කිසිදු භේදයකින් තොරව එකම ජනතාවක් ලෙස එක්සත්ව රාමසාන් උත්සවය ප්‍රීතියෙන් යුතුව සමරන සහෝදර මුස්ලිම් බැතිමතුන්ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් ප්‍ර‍මුඛ සේවක මණ්ඩලය හෘදයාංගම සුභාශිංසන පිරිනමමු.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.