• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පාසල් සිසුන් වෙනුවෙන් ජාතික හැඳුනුම්පත් ලබාදීමේ කඩිනම් වැඩසටහනක් 25 දා

NIC2017 වසරේ අ.පො.ස (සා/පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත, මෙතෙක් හැඳුනුම්පත් ලබා නොමැති පාසල් සිසුන් සඳහා හැඳුනුම්පත් කඩිනමින් ලබා දීමේ විශේෂ වැඩසටහන් ලබන 25 දා පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්මේන්තුවේ දී පැවැත්වේ.

අ.පො.ස (සා/පෙළ) විභාගයට පෙනි සිටින ඉල්ලුම්කරුවන් සඳහා පමණක් මෙම විශේෂ එක්දින සේවය පවත්වනු ලබන අතර, දැනටමත් දෙපාර්තමේන්තුව වෙත ඉල්ලුම්පත් යොමු කර ඇති පාසල් අයදුම්කරුවන්ට හැඳුනුම්පත් සකස් කර මේ වන විට තැපැල් කරමින් පවතී.
 

එක්දින සේවා ගාස්තු වශයෙන් රුපියල් 1000ක් අය කරන අතර, එදිනට පාසල් ඉල්ලුම්කරුවන් පැමිණීම අනිවාර්ය නොවන අතර, ඔහුගේ හෝ ඇයගේ දෙමාපියන් හෝ ඥාතීත්වය තහවුරු කරමින් ග්‍රාම නිළධාරී විසින් සහතික කර ලබාදෙන බලය පැවරිමේ ලිපියක් රැගෙන පැමිණීම ප්‍රමාණවත් බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.