• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජනමාධ්‍යවේදීන්ට සිදුවන ප්‍රචණ්ඩත්වයට එරෙහි ජාත්‍යන්තර දින සැමරුම මෙවර ශ්‍රී ලංකාවේදී

unescoඑක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය (UNESCO) විසින් සංවිධානය කරනු ලබන ජනමාධ්‍යවේදීන්ට සිදුවන ප්‍රචණ්ඩත්වයට එරෙහි ජාත්‍යන්තර දින සැමරුම්  සම්මන්ත්‍රණය මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට පියවර ගෙන ඇත.

මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ලබන 04 වන දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත්වේ.

අන්තර්ජාතික මානව හිමිකම් කොමිසම ඇතුළු විවිධ කලාපීය පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණයයෙහි ප්‍රධාන ආරාධිත දේශනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් පවත්වන අතර, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සහ යුනෙස්කෝ සංවිධානයේ ජනමාධ්‍ය හා ප්‍රවර්ධන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂක ගයි බර්ගර් මහතා ද මෙහිදී දේශන පැවැත්වීමට නියමිතය‍.

මෙවර සම්මන්ත්‍රණයේදී කලාපීය මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ ආසියානු කලාපීය මාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රචණ්ඩ ක්‍රියා අවසන් කිරීම සම්බන්ධයෙන් කථිකා පැවැත්වෙන අතර  ජනමාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රචණ්ඩත්වයට එරෙහිව අධිකරණය,  ජාතික මානව හිමිකම් කොමිෂන් සහා සහ සිවිල් සමාජයේ භූමිකාව කෙරෙහි ද අවධානය යොමු කෙරෙනු ඇත.

ජනමාධ්‍යවේදීන්ට එරෙහිව වාර්තා වී ඇති ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව ගතයුතු ඉදිරි පියවර හා විසඳුම් හඳුනාගැනීම මගින් මාධ්‍යවේදීන්ට එල්ලවන ප්‍රචණ්ඩත්වයට එරෙහි අපරාධ සඳහා දඬුවම් නොදීමේ අරගලය ශක්තිමත් කිරීම හා මූලික මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වූ රාමුව පුළුල් කිරීම ද මෙම සම්මන්ත්‍රණයේ අරමුණු වී ඇත.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම යටතේ පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණය සඳහා අන්තර්ජාතික පාර්ශ්වකරුවන් 50 කගේ හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් ප්‍රමුඛ දේශීය පාර්ශ්වකරුවන් 150කගේ සහභාගීත්වයෙන් මෙම සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.