• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රුසියාව පැනවූ තේ තහනම ලබන 30 දා සිට ඉවතට

01රුසියාව විසින් ශ්‍රී ලංකා තේ මත පනවා තිබූ තහනම ලබන 30 දා සිට ඉවත් කිරීමට රුසියානු රජය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් අනුර සිරිවර්ධන මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා තේ අපනයනය කරන ප්‍රධාන රටක් ලෙස රුසියාව වෙත අවුරුදු 50 ක පටන් තේ අපනයනය කෙරේ.

රුසියාව ඇතුළු යුක්රේන්, අසර්බයියාන්, කසකස්තානය හා බෙකිස්තාන් යන රාජ්‍යයන්ට අපනයන තේ ප්‍රමාණයෙන් 12%ක් පමණ තේ අපනයනය කරයි.  එහිදී කළු තේ  අපනයන කරනු ලැබේ.

පසුගිය ජනවාරි මස සිට ඔක්තෝම්බර් මස දක්වා කිලෝ ග්රූම් මිලියන 29ක් පමණ තේ අපනයනය කර ඇති අතර එයින් බිලියන 21 පමණ ආදායමක් ලබාගෙන ඇති බවත් තේ කිලෝ ග්රූම් 1ක් සඳහා  රුපියල් 735ක මිලක් අයකෙරෙන  බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.