• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

වරිපනම් ගාස්තු, බලපත්‍ර ගාස්තු ගෙවීමට ONLINE ක්‍ර‍මවේදයක්

onlineපළාත් පාලන ආයතන සඳහා මහජනතාව ගෙවිය යුතු වරිපනම් ගාස්තු, බලපත්‍ර ගාස්තු ආදිය මෙන්ම ගොඩනැඟිලි බලපත්‍ර අනුමත කර ගැනීමේ ආදී අංශ රාශියක් පරිගණක ජාලගත කිරීමේ වැඩසටහන යටතේ ONLINE මඟින් ගෙවීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ ඇති ICTA ආයතනය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන e LOCAL GOVERNMENT වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක කරනු ලබයි.


මෙමඟින් මහජනතාවට තම කාලය ඉතුරු කරගෙන, දුරකථන, ජංගම දුරකථන හෝ CREDIT CARD භාවිත කර තම නිවසේ සිටම ගෙවීමට පහසුකම් සැලසෙන අතර එමඟින් නගර වැසියන්ගේ වටිනා කාලය, ශ්‍රමය ඉතිරිවන අතරම මේ ආශ්‍රිතව සිදුවෙමින් පැවති දූෂණ සහ අක්‍රමිකතා ද අවම කිරීමට අවකාශ ලැබෙනු ඇත.

 ඒ අනුව 2018 වසරේ පෙබරවාරි 01 දා සිට තෝරාගත් පළාත් පාලන ආයතන 30ක මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර මේ වසරේදීම තවත් පළාත් පාලන ආයතන 50ක දක්වා ව්‍යාප්ත කිරීමට කටයුතු කර ඇත. ඉතිරි පළාත් පාලන ආයතනවල ද කඩිනම් වැඩසටහනක් ලෙස මේ වැඩසටහන ව්‍යප්ත කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීම ද පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය හා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශ එක්ව කටයුතු කිරීමට තීරණය කර තිබේ.

මෙම ක්‍ර‍මවේදය ඔස්සේ  ගෙවීම් සිදු කිරීමට අපහසුතා ඇති අය සඳහා අදාළ පළාත් පාලන ආයතන 30හි  ONLINE ක්‍රමවේදයට ගෙවිම් කවුළුවක් විවෘතව තිබෙන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සඳහන් කළේය.

එසේම කොළඹ මහ නගර සභාව ගොඩනැඟිලි බලපත්‍ර අනුමත කිරීම මෙම ONLINE තාක්ෂණය යොදාගෙන 2018 පෙබරවාරි 01 දා සිට ක්‍රියාත්මක කිරීමට එකඟතාවය ප්‍රකාශ කර තිබෙන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

ප්‍ර‍වෘත්ති නිවේදනය - 2019.01.03

03 January 2019
ප්‍ර‍වෘත්ති නිවේදනය - 2019.01.03

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍ර‍කාශයට පත් කිරීම

අමාත්‍ය මණ්ඩල තීරණ - 2019.01.02

03 January 2019
අමාත්‍ය මණ්ඩල තීරණ - 2019.01.02

2019.01.02 වැනි දින රැස් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ...

අමාත්‍යාංශවලට අදාළ විෂයන් නම් කළ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

29 December 2018
අමාත්‍යාංශවලට අදාළ විෂයන් නම් කළ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

අමාත්‍ය මණ්ඩලයෙහි අමාත්‍යවරුන් හා අමාත්‍යාංශ සංඛ්‍යාව ද අමාත්‍යවරුන්ට විෂයන් හා...

ප්‍රවෘත්ති නිවේදනය- 2018.12.20

20 December 2018
ප්‍රවෘත්ති නිවේදනය- 2018.12.20

නව කැබිනට් අමාත්‍යවරු දිවුරුම් දෙති

අමාත්‍ය මණ්ඩල තීරණ - 2018.11.27

01 December 2018
අමාත්‍ය මණ්ඩල තීරණ - 2018.11.27

2018.11.27 වැනි දිනැති රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ පහත...

අමාත්‍ය මණ්ඩල තීරණ - 2018.11.21

01 December 2018
අමාත්‍ය මණ්ඩල තීරණ - 2018.11.21

අමාත්‍ය මණ්ඩල තීරණ- 2018.11.21

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.

world wesak conferace final logo