• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අපරාධ 14991ක් අඩුවෙලා- ඇමැති සාගල

sagala Rathnayakeබල අපරාධ වාර්තාවීම 2014 වර්ෂයට සාපේක්ෂව 2017 වර්ෂයේ දී 14991 කින් අඩු වී ඇති බවත් බල අපරාධ විසඳීම 20% කින් ඉහළ ගොස් ඇති බවත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේ පසුගියදා කිරුලපන ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනි .
 
"2014 වර්ෂයේ දී බල අපරාධ 50962 ක් වාර්තා වුණා. ඒ ප්‍රමාණයෙන් විසඳන්න පුළුවන් වෙලා තිබුණේ 29396 යි. ඒ කියන්නේ විසඳූ ප්‍රමාණය 58% ක්.
නමුත් 2017 වර්ෂයේ දී බල අපරාධ වාර්තාවෙලා තියෙන්නේ 35971 යි.ඒවායින් 28002 ක් විසඳන්න පුළුවන් වුණා. ඒක ප්‍රතිශතයක් වශයෙන් ගත්තාම 78% ක්. අපිට 2014 ට සාපේක්ෂව බල අපරාධ විසඳීමේ ප්‍රතිශතය 20% කින් ඉහළ නංවන්නත් බල අපරාධ වාර්තාවීම 14991 කින් අඩු කරගන්නත් හැකි වුණා. එය ශ්‍රී ලංකා පොලීසිය ලැබූ විශාල ජයග්‍රහණයක්. ඒ විතරක් නෙවෙයි බල අපරාධ ගණයට අයත් වෙන ශරීරය පිළිබඳ වැරදි සම්බන්ධ පැමිණිලි විසඳීමේ ප්‍රතිශතය 96% ක්. දේපළ පිලිබඳ පැමිණිලි විසඳීමේ ප්‍රතිශතය 73% ක්. මනුෂ්‍ය ඝාතන පිළිබඳ වාර්තාවූන පැමිණිලි විසඳීමේ ප්‍රතිශතය 93% ක්" යැයි ද කීය.
 
"වයස අවුරුදු 16 ට අඩු වින්දිතයාගේ කැමැත්ත ඇතිව සිදුකරන ස්ත්‍රී දූෂණ සම්බන්ධ (ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය) පැමිණිලි විසඳීමේ ප්‍රතිශතය 97% ක්. වයස අවුරුදු 16 ට අඩු වින්දිතයාගේ කැමැත්ත නැතිව සිදුකරන ස්ත්‍රීදූෂණ සම්බන්ධ (ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය ) පැමිණිලි විසඳීමේ ප්‍රතිශතය 95% කි. වයස අවුරුදු 16ට වැඩි ස්ත්‍රී දූෂණ සම්බන්ධ පැමිණිලි විසඳීමේ ප්‍රතිශතය 95% ක්. සමස්තයක් ලෙස ස්ත්‍රී දූෂණ පිළිබඳ පැමිණිලි විසඳීමේ ප්‍රතිශතය 95% ඉක්මවනවා.
 
"විශේෂයෙන්ම කතාකරන්න කැමතියි ළමයින්ට අයුතු ලෙස සැලකීම සහ අයුතු ලෙස ලිංගික ප්‍රයෝජන ගැනීම සම්බන්ධ පැමිණිලි විසඳීමේ ප්‍රතිශතය 97% ඉක්මවනවා. ඒ වගේම අපහරණය හා පැහැරගෙන යාම් සම්බන්ධ පැමිණිලි විසඳීමේ ප්‍රතිශතය 91% ක්. අපි මේ තත්ත්වය තවත් ඉහළ නංවන්න කටයුතු කරනවා. නීති විරෝධී රැස්වීම් සහ කැරලි කෝලහාල සම්බන්ධ පැමිණිලි විසඳීමේ ප්‍රතිශතය 95% කක්. එය 2014 ට සාපේක්ෂව 22% ක ඉහළ යාමක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.