• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

විපතට සමුදී යලි ගොඩ නැගෙන අරණායක

aranayakeවෙසක් සතිය  උදාවත්ම සමස්ත  ලෝකවාසී බෞද්ධයන් බුද්ධාලම්බන  ප්‍රීතියෙන් ප්‍රමුදිත වන්නේ දාන,  සීල, භාවනා වැඩසටහන්වලට මුල් තැන දී බුදුරදුන්ගේ තෙමඟුල සිහි කිරිම උදෙසාය.

2016 වෙසක් සතිය අරණායක ඇතුලු කෑගල්ලට උදාවන්නේ අතිශය ඛේදජනක සිද්ධි මාලාවක් සමගය. එම ප්‍රදේශවාසීන් පමණක් නොව ශ්‍රි ලංකාවේ කිසිවෙකු නොසිතු අයුරින් ජීවිත 150 ක්  පමණ  පොලවට යට කරමින් කෝටි ගණනක දේපළ ජනතාවට අහිමි කරමින් දෙබත්ගම සාමසර කන්ද නාය යෑමත්  සමගම මෙම  ඛේදවාචකය ආරම්භ විය.

මෙයට සමගාමී ව කෑගල්ල දිස්ත්‍රික්කයේ  ආපදා සිද්ධීන් රැසක් ද වාර්තා විය.ප්‍රධාන වශයෙන් අරනායක සමසර කන්ද  නාය යෑමත් සමගම අරනායක ග්‍රාමසේවා වසම් කිහිපයකම   ජනතාව දැඩි අපහසුතාවයකට පත් විය.  පවුල්  සිය ගණනකට උන් හිටි  තැන් අහිමි වු අතර, අධි අවධානම් කලාප වල සිටි අයට  එම ප්‍රදේශවලට යෑම අනතුරු දායක බව පෙන්වා දෙන ලදී.

 අහිමි වු ජීවිත හැර  සියල්ල ලබාදීමේ ප්‍රධාන අරමුණු ඇතිව  විනාශවී ගිය අරනායක ජන ජීවිත ගොඩ නංවාලීමේ  කටයුතු  මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකව පවති.  ගරු ජනධිපති  මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ  මහතාගේ පුර්ණ  මගපෙන්වීම හා නායකත්වය එයට ලැබී ඇත.  විශේෂයෙන් ජනාධිපති හා අග්‍රාමාත්‍යතුමන් ඇතුලු සමස්ත රජයේම සහය මෙම ව්‍යාපෘතියට ලැබී ඇත. 

විශේෂයෙන් කෑගල්ල දිස්ත්‍රික් දේශපාලන  නායකත්වය, ත්‍රිවිඩ හමුදාව හා පොලීසිය ඇතුලු  ආරක්ෂක අංශ ද  රාජ්‍ය නිලධාරින් ද  වෙනත් දේශීය විදේශීය  සංවිධාන ද ආගමික  නායකත්වය ද  මේ සඳහා දක්වා ඇත්තේ සුවිසල් දායකත්වයකි.නිවාස හා ඉඩම් අහිමි  පුද්ගලයින්ට  හා අධි අවදානම් කලාපවල වෙසෙන පුද්ගලයින්ට ද නිවාස ඉදිකිරිම වෙනුවෙන් අවශ්‍ය ඉඩම් මේ වන විට හඳුනාගෙන තිබේ.

මේ සඳහා රජයේ ඉඩම්, ජන වසම ඉඩම්, LRC ඉඩම්,   වැවිලි සමාගම් ඉඩම් හා පෞද්ගලික යන  අංශවලින් අදාල ඉඩම් ලබාගෙන ඇත.පසුගියදා අරනායක ඇතුලු කෑගල්ල දිස්ත්‍රික්කයට බලපෑ නායයෑම්, ගංවතුර ආදී හදිසි තත්ත්වයන් හේතුවෙන් විපතට පත් වුවන් සඳහා රජය මගින් සියලු පහසුකම් සහිතව ඉතාමත් සුරක්ෂිත ස්ථානවල අලුතින් නිවාස සෑදීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවති.

මේ පිළිබදව අදහස් දැක්වු කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. එම්. අබේවික්‍රම වනසූරිය මහතා‚ අරනායක ප්‍රදේශය ඇතුලුව පසුගියදා ඇතිවු හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත්වූවන්ගේ අහිමි වු ජීවිත හැර සියල්ල ලබාදීමට අවශ්‍ය කටයුතු රජයේ පුර්ණ මඟ පෙන්වීම යටතේ සිදු කරමින් පවතිනවා.  මෙහිදී දැනටමත් පෞද්ගලික ආයතන මගින් නිවාස ව්‍යාපෘතීන් 02 ක් ආරම්භ කර තිබෙනවා. විපතට පත් වුවන් සියලු දෙනාට සුරක්ෂිත නිවාසයක් ලබාදීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මකව පවතින බව ද ඒ මහතා පැවසීය. 

නිවාස අහිමි වුවන්ට නව නිවාස ලබාදීම, අධි අවදානම් කලාපවල වාසය කරන්නන්ට නව ඉඩමක් සහිත නිවසක් ලබාදීම,  අවදානම් කලාපවල පාසල් ඇතුලු  අනෙකුත් ආයතන අලුතින් ඉදි කිරිම ආදිය රජයේ පුර්ණ මග පෙන්වීම හා නායකත්වය යටතේ ක්‍රියාත්මක වෙමින් පවති.මේ සඳහා දිස්ත්‍රික් දේශපාලන නායකත්වය, රාජ්‍ය නිලධාරීන් , හමුදාව ඇතුලු ආරක්ෂක අංශ මෙන්ම  දෙස් විදෙස් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන දක්වන්නේ විශාල අනුග්‍රහයකි. 

මහා ඛේදවාචකයකට මුහුණ දුන් ජනතාවට සතුටින් සපිරි හෙටක් ගොඩ නංවාලීමට දායකවන සැමට ප්‍රදේශවාසීන්ගෙන් හිමිව ඇත්තේ නොමද ආශිර්වාදයකි.

කෑගලු දිස්ත්‍රික් ප්‍රවෘත්ති නිලධාරී

 

 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.