• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

දිවිනැගුමෙන් ගොඩ නැගෙන කෑගල්ල

kegalleසමාජ සවිබල  හා සුභ සාධක අමාත්‍යශය මගින් ක්‍රියාත්මක දිවි නැගුම සංවර්ධන වැඩසටහන යටතේ මේ වන විට කෑගල්ල දිස්ත්‍රික්කය තුළ රුපියල් ලක්ෂ 385ක ව්‍යාපෘතීන් රාශියක් ක්‍රියාත්මකව පවතී.

ප්‍රධාන සංරචක 5ක් යටතේ මේ වැඩසටහන ක්‍රියාත්මක වේ. ඒවා නම් ජීවනෝපාය සංවර්ධන වැඩසටහන, සමාජ සංවර්ධන වැඩසටහන්, ග්‍රාමීය යටිතල පහසුකම් වැඩසටහන, ප්‍රජා මූල සංවිධාන ශක්තිමත් කිරීමේ වැඩසටහන, ආදර්ශ ගම්මාන වැඩසටහන ලෙස දැක්විය හැකිය.

ඉහත සංරචක යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 38.56ක ප්‍රතිපාදන ප්‍රමාණයක් කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා වෙන් කොට ඇති බව දිස්ත්‍රික් දිවි නැගුම අධ්‍යක්ෂ එච්. එම්. සී සුසන්ත හේරත් මහතා ප්‍රකාශ කරයි.

 ජීවනෝපාය සංවර්ධන වැඩසටහන දිවිනැගුම  ප්‍රතිලාභින්ගේ හා අඩු ආදායම් ලාභීන්ගේ ජීවනෝපාය සංවර්ධනය කිරීමේ අරමුණ ඇති ව ඔවුන්ගේ පවත්නා ව්‍යාපෘති වැඩි දියුණු කිරීම හා අලුතින් ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමේ අරමුණ ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක  කරනු ලැබේ.ඒ යටතේකොළ එළවළු, පලා වර්ග හා දේශීය අල භෝග වගා කිරීමේ වැඩසටහන හා සමෘද්ධි වන රොද වැඩසටහන දැක්විය හැකියදේශීය අල වර්ග ව්‍යාප්ත කිරීමේ හා කාබනික එළවළු වගාව ප්‍රචලිත කිරීමේ අරමුණ ඇති ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.

මේ යටතේ එක් වසමකින් තෝරා ගත් ප්‍රතිලාභින් 50 දෙනෙකු දේශීය අල වර්ග / පලා වර්ග හා කොළ එළවළු වගා කිරීම සඳහා අවශ්‍ය රෝපණ ද්‍රව්‍ය , බීජ වර්ග හා පැල වර්ග ලබා දීමට කටයුතු කෙරේ. ඒ අනුව දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමකම තෝරා ගත් පොදු ස්ථානයක අවම වශයෙන් පැල/පළතුරු පැල 50ක් රෝපණය කිරීමට කටයුතු යොදා ඇත.

ඒ යටතේ දිස්ත්‍රික්කය තුළ පැල 28650ක් රෝපණය කිරීමට කටයුතු කරමින් පවතී. මෙම ව්‍යාපෘතිය සඳහා දැනට දිස්ත්‍රික්කයට රු.මි. 1.074 ක ප්‍රතිපාදන ලබා දී ඇත. ජීවනෝපාය සංවර්ධනය කිරීමේ වැඩසටහන ( ස්වයං රැකියා ලාභීන් සඳහා උපකරණ, රෝපණ ද්‍රව්‍ය ලබා දීම, )දිවිනැගුම ප්‍රතිලාභීන් සහ අඩු ආදායම්ලාභී ස්වයං රුකියාවල නිරතව සිටින ව්‍යවසායකයන්ගේ ව්‍යාපෘති ශක්තිමත් කිරීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත. මේ යටතේ කෘෂිකර්ම ව්‍යාපෘති 59ක් සඳහා රු.මි. 0.865ක්, පශු සම්පත් සංවර්ධන ව්‍යපෘති 221 සඳහා රු.මි.4.79ක් හා වෘත්තීය පුහුණුව සඳහා ඉහත තරුණයින් යොමු කිරීමට අදාළ ව 84 දෙනෙකු වෙනුවෙන් රු.මි. 2.87ක් ලෙස ප්‍රතිලාභීන් 607 දෙනෙකු මේ සඳහා තොරා ගෙන ඇත. මේ වෙනුවෙන් දිස්ත්‍රික්කයට රු.මි. 12. 643ක මුදලක් වෙන් කොට ඇත.

මේ වැඩසටහන යටතේ එක් ප්‍රතිලාභියෙකු වෙත ඇස්තමේන්තු මුදලින් 50%ක උපරිමයකට යටත් ව රු. 50 .000ක් ආපසු අය නොකරන ප්‍රදානයක් ලෙස ලබා දීමට කටයුතු කෙරේ. වතු ආශ්‍රිත ප්‍රජාව සඳහා අතිරේක ආදායම් උත්පාදන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමවතු ආශ්‍රිතව ජීවත් වන ප්‍රජාවගේ අතිරේක ආදායම් මාර්ග උත්පාදනය සඳහා සැලසුම් කර ඇති ව්‍යාපෘතියකි. මේ යටතේ එක් ප්‍රතිලාභියෙකු සඳහා ව්‍යාපෘති ඇස්තමේන්තු මුදලින් 50%ක උපරිමය
රු. 50.000ක ආපසු අය නොකරන ප්‍රදානයක් ලෙස ලබා දීමට කටයුතු කෙරේ.

මේ වන විට කෘෂිකර්ම ව්‍යාපෘති 9ක් පශු සම්පත් සංවර්ධන ව්‍යාපෘති 232ක් හා කර්මාන්ත සංවර්ධනයට අදාළ ව්‍යාපෘති 114ක් හා වෘත්තීය පුහුණුව සඳහා යොමු කිරීම් 1ක් ලෙස ව්‍යාපෘති 356ක් සඳහා ප්‍රතිලාභීන් තෝරා ගෙන ඇති අතර ව්‍යාපෘතිය සඳහා වෙන් කොට ඇති මුදල රු.මි. 4.30ක් වේ.දිවි නැගුම අලෙවි සංවර්ධන වැඩසටහනදිවි නැගුම ප්‍රතිලාභීන් සහ අඩුආදායම් ලාභී නිෂ්පාදන සඳහා වඩා හොඳ අලෙවි අවස්ථා ඇති කිරීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ඒ යටතේ දී ප්‍රතිලාභින් වෙත ජංගම අලෙවි රථ හා ජංලම අලෙවි කුටි ලබාදීම සඳහා ප්‍රතිලාභින් 16ක් සඳහා රු.මි. 1.25ක මුදලක් හා තම අතිරික්ත නිෂ්පාදන ගබඩා කර ගැනීම සඳහා ගබඩා පහසුකම් අවශ්‍ය ප්‍රතිලාභීන් සඳහා ගෘහස්ථ ගබඩා ඉදිකිරීමට ව්‍යවසායකයින් 3ක් සඳහා රු.මි.0.3ක මුදලක් වෙන් කර ඇත.

එසේම ව්‍යවසායකයින්ගේ දැනුම වර්ධනය කිරීමේ අරමුණ ඇති ව විවිධ පුහුණු වැඩසටහන් පැවැත්වීම සඳහා රු.මි. 0.495ක වෙන් කර ඇත.ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමන් සිටින ව්‍යවසායකයින් ඒකරාශී කොට ඔවුන් ශක්තිමත් කණ්ඩායම් ලෙස ගොණු ගත කිරීමේ අරමුණ ඇතිව සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක ම එක් ව්‍යාපාරික සංගමය බැගින් ඇති කිරීමට කටයුතු යොදා ඇත.

මෙම වැඩසටහන යටතේ දිස්ත්‍රික්කයේ ව්‍යාපාරික සංගම් 11ක් බිහි කර ඇති අතර  මේ සඳහා රු.මි. 0.6ක මුදලක් වෙන් කර ඇත.දිවිනැගුම ආදර්ශ ගම්මාන වැඩසටහනආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන හා ඒකාබද්ධව වස විස නැති රටක් හා ධාර්මික ගොවිතැනක් නිරෝගිමත් ජනතාවක් බිහිකිරීමේ අරමුණින් ඒකාබද්ධ ප්‍රවේශයක් තුළින් සමෝධානික, බහු ආංශික පරිසර හිතකාමී වූ ආදර්ශ ගම්මානයක් නිර්මාණය කිරීම මෙම වැඩසටහන යටතේ අපේක්ෂා කෙරේ. ඒ අනුව මේ වන විට දිස්ත්‍රික්කයේ මාවනැල්ල, ගලිගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල එක් ආදර්ශ ගම්මානයක් බිහි කිරීම සඳහා එක් ගම්මානයක රු.මි. 0.07 බැගින් මිලියන 14ක ප්‍රතිපාදන ලබා දී ඇති අතර, ඉතිරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 9 ටද ආදර්ශ ගම්මාන ඇති කිරීම සඳහා ප්‍රතිපාදන ලබාදීමට නියමිතව ඇත. 

 දිවිනැගුම සමාජ සංවර්ධන වැඩසටහන2016 වර්ෂයේ දී දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව සමාජ සංවර්ධන අංශයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් වලට අනුව දිරි ලියට සෙවණක් නිවාස වැඩසටහන මාර්තු 8 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාවීම වැන්දඹු හා කාන්තා මූලික පවුල් වල නිවාස අවශ්‍යතා ඉෂ්ඨ කර ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද නිවාස වැඩසටහනකි. ඒ යටතේ දිස්ත්‍රික්කය තුළ නිවාස 35ක් ඉදිකිරීම ආරම්භ කර ඇති අතර එක් නිවසක් සඳහා රු. 150.000ක මුදලක් ලබා දී ඇත. දිස්ත්‍රික්කය සඳහා රු.මි. 4.8ක මුදලක් වෙන් කර ඇත. නිවාස ඉදිකිරීමේ දී ප්‍ර දේශයේ දානපතියන්ගේ ධන පරිත්‍යාගයෙන් හා අනෙකුත් ශ්‍රම දායකත්වය මත නිමි වටිනාකම රු.මි. 0.5ක අධික වටිනාකමකින් යුක්ත නිවසක් ඉදිකිරීමට සැලසුම් කර ඇත.

ළමා සමාජ දිස්ත්‍රික් සංස්කෘතික තරගාවලිය 2016 සැප් 24 දින ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලයේ දී පවත්වන ලදී. ප්‍රාදේශීය මට්ටමේ පවත්වන තරගවලින් ප්‍රථම ස්ථානය දිනාගත් ජයග්‍රාහකයින්ගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික් තරග සිංහල හා දෙමළ මාද්‍ය වලින් පවත්වන ලදී. මෙම තරගාවලියේ දිස්ත්‍රික් මට්ටමේ ජයග්‍රාහකයින් සඳහා සමස්ත ලංකා සිංහල මාධ්‍ය තරගය පසුගිය මස (23) දින , දෙමළ මාධ්‍ය තරගපසුගිය මස (.16) දින රාහුල බාලිකා විද්‍යාලයේ දී පවත්වන ලදී.සමෘද්ධි  සහනාධාර වැඩසටහනදැනට සමෘද්ධි සහනාධාර ලබන ප්‍රතිලාභින් සහ අළුතින් සහනාධාර ඉල්ලා ඇති අඩු ආදායමිලාභීන් සම්බන්ධයෙන් සිදුකරන ලද සමීක්ෂණය අනුව මේ වන විට සියලු ම සමීක්ෂණ කටයුතු අවසන් කර ඇත.

සමීක්ෂණ ප්‍රතිඵල පරිගණක ගත කිරීම මේ වන විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් ආරම්භ කර ඇති අතර පරිගණක ගත කර යුතු සංඛ්‍යාව 106. 339 කි.නිවාස ලොතරැයි වැඩසටහනසමෘද්ධි සහනාධාරලාභීන්ගේ නිවාස අවශ්‍යතා සම්පූර්ණ කිරීමේ අරමුණ සාක්ෂාත් කර ලැනීම සඳහා සමෘද්ධි නිවාස ලොතරැයි භාර කාර අරමුදල මගින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනකි. මෙහි දී එක් ජයග්‍රණයක් වෙනුවෙන් රු. ලක්ෂ 2ක මුදලක් පරිත්‍යාග ලෙස ලබා දේ.

ඒ අනුව ජනවාරි සිට ජූනි දක්වා කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ද නිවාස ලොතරැයි ජයග්‍රහණ 54ක් ලැබී ඇත. මේ අතරින් නව නිවාස ඉදිකිරීම් 9 ක් නිවාස අළුත්වැඩියා කිරීම් 38 ක් සහ අදායම් උත්පාදන කාර්යන් සඳහා යෙදවීම් 6ක් සඳහා ඉහත ජයග්‍රාහකයන් මුදල් යොදවා ඇත.කෑගල්ල දිස්ත්‍රික් ජනතාවගේ ජීවනෝපාය ඉහළ නැංවීම සඳහා වත්මන් රජය මගින් ක්‍රියාත්මක දිවිනැගුම සංවර්ධන ව්‍යාපෘතිය ජනතාවගේ නොමඳ ප්‍රසාදයට ලක්ව ඇත. 

 එල්.පී.තිලකරත්න

කෑගලු දිස්ත්‍රික් - ප්‍රවෘත්ති නිලධාරී

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.