• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රීලංකන් ගුවන් සේවා කාලානුගතිකත්වයට නැවත වරක් පැසසුම් ලබයි

srilankan2016ශ්‍රීලංකන් ගුවන් සමාගම (www.srilankan.com) මේ වසරේ දී නියමිත වේලාවට ගුවන් මෙහෙයුම් සිදුකරන ජාත්‍යන්නතර ගුවන් සේවා ලැයිස්තුව වෙත ශ්‍රේණිගත වී ඇත.
පසුගිය මාස 5 පුරාවට ගෝලීය ගුවන් දත්ත අධීක්ෂණ ආයතනය (flightstats) (www.flightstats.com)  මගින් සිදුකළ විශ්ලේෂණය  මත මෙම ඇගයුම ගුවන් සමාගම වෙත හිමිවිය.

ගෝලීය ගුවන් දත්ත සේවා සංඛ්‍යානයේ (www.flightstats.com) “ 2016  ගෝලීය ගුවන් සේවා පැමිණීම් කාර්ය සාධනය”  මගින් මාසිකව ලෝකයේ වැඩිම ගුවන් යානා නියමිත වේලාවට මෙහෙයුම් සඳහා යෙඳවීමේ කාර්ය දර්ශනය සඳහා ගුවන් සේවා 40 ලැයිස්තුගත කරයි. ගෝලීය ගුවන් දත්ත සේවා සංඛ්‍යානය මගින්  (Flightstats) ගෝලීය ගුවන් සේවා දත්ත සපයන අතර ගෝලීය වශයෙන් ගුවන් තොටුපළවල් සහ ගුවන් සේවා හි නියමිත වේලාවට මෙහෙයුම් සඳහා යෙඳවීමේ තොරතුරු ලබාගැනීමට ඊට හැකියාව ඇත.

ගෝලීය ගුවන් දත්ත සේවා සංඛ්‍යානයට (www.flightstats.com) අනුව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කාර්ය දර්ශනය 2016 ජූලි මස, අගෝස්තු 14වන දින, සැප්තැම්බර් 16, ඔක්තෝම්බර් 6වැනි දින සහ නොවැම්බර් 11වැනි දින ජාත්‍යන්තර ගුවන් සේවා  අභිබවා  යමින් 6 වන ස්ථානයට පත්වී ඇත. මෙමගින් ගුවන් සමාගම වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ ගුවන් සේවා  සාමාජිකයන් අතර 2016 ඔක්තෝම්බර් මස සහ නොවැම්බර් මාසය  සඳහා  වසර 3ක් පුරාවට නොකඩවා  නියමිත වේලාවට මෙහෙයුම් සඳහා යෙඳවීමේ  ඉහළ කාර්ය දර්ශනය වෙනුවෙන් 4 වැනි ස්ථානය ලබාගෙන ඇත.

ශ්‍රීලංකන් ගුවන් සමාගම පසුගිය මාස 5 තුළ ගුවන් යානා කාලානුගතිකත්වය සඳහා සියයට 85 ප්‍රතිශතයක් වාර්තා කළ අතර කොළඹ ඇතුළු අනෙකුත් ගෝලීය ගුවන් ගමන් ජාලයන් හරහා නියමිත වේලාවට පිටත්වීම් සහ පැමිණීම් වේලාවන් මිනිත්තු 15ක් ඇතුළත  සිදුකිරීම මෙම ඇගයීම සඳහා පාදක  විය.

ශ්‍රීලංකන් පසුගියදා 23 වැනි වරටත් පැවැත්වූ වාර්ෂික ලෝක සංචාරක සම්මාන උළෙලේ දී  2016 වසරේ  ඉන්දියානු සාගර කලාපය  වෙත  මෙහෙයුම් සිදුකරන ලොව ප්‍රමුඛතම  ගුවන් සේවාව” වශයෙන් පිදුම් ලැබීය. 2016 වසරේ  Future Travel Experience සම්මාන උළෙලේ මධ්‍යම සහ දකුණු ආසියාවේ විශිෂ්ට සමස්ත සේවා ගුවන් සමාගම වශයෙන් ශ්‍රීලංකන් සම්මානයෙන්  සිංගප්පූරුවේ දී පිදුම් ලැබීය.

ශ්‍රීලංකන් ගුවන් සමාගමට මෙම සාර්ථකත්වය  අත්පත් කරගැනීමට පාදක වී ඇත්තේ එහි කාර්ය මණ්ඩලය සහ පාර්ශව ආයතන කාලානුගතිකත්වයේ වටිනාකම පිළිබඳ උසස් මට්ටමින් අවබෝධ කරගැනීම නිසාය. ආරක්ෂාවට මූලිකත්වය දී කටයුතු කිරීම ගුවන් සේවා ක්ෂේත්‍රයේ මූලික කරුණක් වන අතර ශ්‍රීලංකන් ගුවන් සමාගම ආරක්ෂාව පිළිබඳ විශිෂ්ට වාර්තාවක් ලබා ඇත්තේ එය කාලානුගතිකව උසස් තත්වයේ  ආරක්ෂක ප්‍රමිතීන් අනුව කටයුතු කරන නිසාය. එනම් ගුවන් සමාගම විසින් කාලානුගතිකත්වය වර්ධන කමිටුවක් (Punctuality Improvement Committee (PIC) මගින් සියලු ගුවන් ගමන් ඇතුළු විදේශ  කාර්යාල තුළින් සියල්ල අධීක්ෂණය කරන හෙයිනි.

ගෝලීය වශයෙන්  නියාමනයන්ට පාත්‍ර වු ක්ෂේත්‍රයක් වන ගුවන් සේවා ක්ෂේත්‍රයේ සියලු ක්‍රියාකාරකම් සඳහා සම්පූර්ණ අවධානය හිමි වී ඇත. ගුවන් තොටුපළ මෙහෙයුම්කරුවන්, ආරක්ෂක  සහ ආගමන විගමන අංශයන් හි සහයෝගය මෙම ජයග්‍රහණය අත්පත් කරගැනීම සඳහා ගුවන් සමාගමට සහාය ලබාදී  ඇත. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කාලානුගතිකත්ව වර්ධන කමිටුව සෑම ගුවන් ගමනක්ම අධ්‍යයනය කරනු ලබන අතර ගුවන් සමාගමේ  සෑම අංශයකම කාර්ය දර්ශනය සහ ප්‍රමාද වීම් සදහා හේතු ද සොයා බලනු ලබයි. මේ සඳහා විවිධ දෙපාර්තමේන්තු වන ගුවන් මෙහෙයුම්, ඉංජිනේරු සහ නඩත්තු සේවා, කාලසටහන් සැලසුම්කරණ,ගුවන් තොටුපළ සේවා සැපයුම්,ගුවන් තොටුපළ සේවා සහාය,ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ, ශ්‍රීලංකන් කේටරින්, වාණිජ අංශය ,ආරක්ෂක සහ ගුවන් අභ්‍යන්තර සේවා ඇතුළත් වේ. එසේම කාලගුණය, ගුවන් තොටුපළ තදබදය ගුවන් තොටුපළ තදබද පාලක ගැටලු සහ ගුවන් තොටුපළ යටිතල පහසුකම් ගැටළු කෙරෙහි ද ගුවන් සේවාවන්ට අවධානය යොමු කළ යුතුව ඇත.
ගුවන් සේවා ක්ෂේත්‍රයේ ප්‍රධාන කාර්ය දර්ශන සාධකයක් (key performance indicators (KPIs) ලෙස නිසි කලට වේලාවට කටයුතු කිරිම හදුන්වා දී ඇත. මෙය පාරිභෝගික චෝදනා /ඇගයීම් සහ  ගමන් මලු හසුරුවීම  වැනි කරුණු කෙරෙහි සෘජුව බලපානු ඇත. එහෙයින් ගුවන් සේවා මෙම තරඟකාරී සාධකය තහවුරු කරගැනීම සඳහා උසස් ප්‍රමිතීන් සහිත පාරිභෝගික සේවාවක් ලබාදීමට  නිරතුරුව ම කටයුතු කරයි.

ආසියාවේ නවතම ගුවන් ගමනාන්ත 11ක් වෙත මෙහෙයුම් ව්‍යාප්ත කරමින් ශ්‍රීලංකන් ගෝලීය ගුවන් ජාලයේ  රටවල් 47 ගමනාන්ත 101 දක්වා සිය මෙහෙයුම්  ව්‍යාප්ත කර ඇත. එසේම වන්වර්ල්ඩ් ගෝලීය  ගුවන් ගමන් ජාලයේ සාමාජිකයෙකු වශයෙන් ගමනාන්ත  1000ක් වෙත  ශ්‍රීලංකන් සිය මෙහෙයුම්  ව්‍යාප්ත කර ඇත. 

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්ත මහතා ප්‍රකාශ කර සිටියේ “ පසුගිය මාස කිහිපය තුළ ගුවන්තොටුපළ කාලානුගතිකත්වයේ ඉහළ අගයක් ගුවන් සමාගම විසින් වාර්තා කිරීම පිළිබඳ ව ආඩම්බර වන බවයි. ජාතික ගුවන් සේවයට මෙම ජයග්‍රහණය ලබාගැනීම සඳහා ශ්‍රීලංකන් සේවක මණ්ඩලය සාමූහිකව කැපවීමෙන් කටයුතු  කර ඇති  බවද  ඒ  මහතා  වැඩිදුරටත් කියා සිටියේය. මේ සඳහා නව කාලමණාකාරීත්වය විසින් දියත් කරන ලද ක්‍රියාකාරී ප්‍රතිව්‍යුහ ගත කිරීමේ වැඩපිළිවෙළ දායක වී ඇති බවද හෙතෙම කියා සිටියේය. 2017 ජනවාරි මස ගුවන් තොටුපළ ගුවන් ධාවන පථය වසාදැමීම වෙනුවෙන් ගුවන් සමාගම විසින් මේ වන විට සැලැසුම් සකස් කරමින් සිටින බවත් ගුවන් ගමන්  ජාලය සඳහා එමගින් යම් පීඩනයක් ඇති විය හැකි බවද  ඒ මහතා වැඩිදුරටත්  කියා 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.