• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

"තිරසර යුගයක ජාතික ආර්ථික සංවර්ධන සැලැස්ම" එළිදකී

PM 2017 01 05‘තිරසර යුගයක ජාතික ආර්ථික සංවර්ධන සැලැස්ම’ එළිදැක්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) අරලියගහ මන්දිරයේදී සිදු කෙරුණු අතර එහිදී අග්‍රාමාත්‍යවරයා සිදු කළ කතාව පහත සඳහන් වේ.

 

"2015 ජනවාරි 08 වනදා මෛත්‍රීපාල සිරීසේන ජනාධිපතිතුමන්ගේ ජනවරමත්, 2015 අගෝස්තු මාසයේ ජනතාව ලබාදුන් ජනවරමත් අනුව පිහිටවූ ජාතික ආණ්ඩුවේ ආර්ථික වැඩ පිළිවෙළේ දෙවන අදියර පිළිබඳව අද අප සාකච්ඡා කරනවා. ‘බලගතු ශ්‍රී ලංකාවක්’ නැමැති වාර්තාව දැන් අප නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලාංකික ජනතාවට හොඳ ආර්ථිකයක් ලබාදීමට අප පෙරොන්දු වුණා. කාටත් යමක් යමක් ලැබෙන ආර්ථිකයක් ලබාදීම අපේ අරමුණයි. එය ස්වල්ප දෙනෙකුට සීමා වූ ආර්ථිකයක් නොවේ.

ඒ සඳහා අප වැඩකටයුතු ආරම්භ කළා. 2016 වන විට පළමු අදියරේ වැඩකටයුතු අවසන් කර තිබෙනවා. දැන් අප රජයේ සංවර්ධන වැඩසටහන් පිළිබඳව සඳහන් කිරීමට අපේක්‍ෂා කරනවා. යහපාලන රජය භාරගත් ආර්ථිකයේ ප්‍රධාන දුර්වලතා දෙකක් තිබෙනවා. එම දුර්වලතා රටට බලපෑම් එල්ල කළා. අධික ණය බර විශාල ප්‍රශ්නයක් වුණා. එම ණය බර විසඳුම් ලබාදීමට පසුගිය වසර ගත වුණා. අප මේ පිළිබඳව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමගත් සාකච්ඡා කළා. ඒ අනුව ඊළඟ වසර තුන හතරේ දී ආර්ථික ස්ථාවර බවක් ඇති කිරීම අපගේ අරමුණයි. දෙවැනි අර්බුදය නම් ගෙවුම් ශේෂ හිඟයයි. එම ප්‍රශ්නය රැකියා බිහි කිරීම සඳහාත්, ජනතාවගේ ආදායම සඳහාත් බලපෑවා. වර්තමානයේදී ආනයන භාණ්ඩ සඳහා වැය වන වියදම අපනයන ආදායමෙන් පමණක් ආවරණය කර ගැනීමට හැකියාවක් නැහැ. එහි සමබරතාවයක් නැහැ.

දිගුකාලීනව රැකියා බිහිකිරීමට නම් ආදායම් වැඩි කිරීමට නම් දළ දේශීය නිෂ්පාදිතය ශීඝ්‍රයෙන් වැඩි කිරීමට නම් අප අපනයන ආර්ථිකයකට ගමන් කළ යුතුයි. ශීඝ්‍රයෙන් වර්ධනය වන අපනයන ආර්ථිකය තුළින් රැකියා බිහි කොට ආදායම් වැඩි කිරීම අපගේ අරමුණයි. බලගතු ශ්‍රී ලංකාවක් යන සැලැස්මෙන් දක්වා ඇත්තේ එම කාරණය ඉටුකරගන්නා ආකාරය පිළිබඳවයි.ශ්‍රී ලංකාව ඉතා කුඩා රටක්. අපට ඉන්දියාව, චීනය වැනි විශාල වෙළෙඳපොළක් නැහැ. අපට වාසියකට ඇත්තේ ශ්‍රී ලංකාවේ පිහිටීමයි.

ඉන්දියන් සාගරය මැද අපේ රට පිහිටා තිබෙනවා. වර්තමාන ලෝකයේ සංවර්ධනය වැඩිපුරම ඇත්තේ ආසියාව තුළයි. පැසිෆික් කලාපයේ සිට ඉන්දීයන් සාගර කලාපයට එම සංවර්ධනය ගමන් කරනවා. ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ එම සංවර්ධන කලාපයේ මධ්‍යයයේයි. අප දියුණුවීමට සිතිය යුත්තේ එහි පිහිටීම පිළිබඳව අවධානය යොමු කිරීමෙනුයි. අතීතයේ ත්‍රීසිංහල යුගයේත්, කෝට්ටේ යුගයේත් එම පිහිටීම අප රටට වැදගත් අයුරින් බලපෑවා. ශ්‍රී ලංකාවේ පිහිටීම මෙන්ම මිනිස් සම්පත් බලය උපයෝගී කරගෙන ලෝකයේ ප්‍රබල රටක් බවට පත්වීම අපගේ අරමුණයි. ඒ සඳහා අපට විශාල වෙළෙඳපොළක් අවශ්‍යයි. ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ සීමා සහිතයි. එම නිසා අපගේ පිහිටීම ශක්තිමත් කිරීමට නම් නිදහස් වෙළෙඳ ගිවිසුම් ගණනාවක් ඇති කර ගත යුතුව තිබෙනවා. ඉදිරියේදී ජී.එස්.පී. ප්ලස් ගිවිසුමෙහි වාසිය අප රටට ලැබීමට නියමිතයි. ඒ පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. එමෙන්ම එට්කා ගිවිසුම අත්සන් කිරීම මගින් ඉන්දීය වෙළෙඳපොළේ වාසිය අත්කර ගැනීමට නියමිතයි. චීන වෙළෙඳ ගිවිසුමෙන් චීන වෙළෙඳපොළ අත්පත් කර ගන්නවා. සිංගප්පූරුව සමග වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමෙන් සිංගප්පූරු වෙළෙඳපොළේ වාසිය අත්පත් කර ගන්නවා. මිලියන 4000 ක වෙළෙඳපොළක් ශ්‍රී ලංකාවට අත්පත් කර ගැනීමට අප සැලසුම් සකස් කර තිබෙනවා.

මිලියන 22 ට වඩා විශාල වූ වෙළෙඳපොළකට ගමන් කිරීම අපගේ අරමුණයි. එම වෙළෙඳපොළෙන් 1% ක් අල්ලා ගත්තත් අපට විශාල දියුණුවක් ලබාගැනීමට හැකියාව ලැබෙනවා. වෙළෙඳපොළ අල්ලා ගැනීමට පිහිටීම අනුව කටයුතු කරනවා නම් අපට මූල්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමට හැකියාව ලැබෙනවා. මුලින්ම නාවික, ගුවන්, ගමනා ගමන මධ්‍යස්ථානයක් බවට පත්විය යුතුයි. ප්‍රධාන වරායන් තුනක් සහ ප්‍රධාන ගුවන් තොටුපොළ දෙකක් අප දියුණුවට පත් කළ යුතුයි.

ඒ සමගම අප ඉන්දියන් සාගරයේ ප්‍රධාන මාර්ග පාලනය කිරීමේ හැකියාව අපට ලැබෙනවා. එමෙන්ම බඩු භාණ්ඩ හුවමාරු කර ගැනීමේ මධ්‍යස්ථානයක් ලෙස අප දියුණුවට පත් විය යුතුයි. වරාය සහ ගුවන්තොටුපොළ දියුණුවට පත් කරන්නේ ඒ සඳහායි. එමෙන්ම ශ්‍රී ලංකාව මූල්‍ය මධ්‍යස්ථානයක් බවට පත් කිරීම අපේ මූලික අරමුණක් බව කිව යුතුයි. ඒ සඳහා මූල්‍ය නගරය සුවිශේෂී මෙහෙවරක් ඉටු කරනවා. අප දියුණු කළ යුතු අංශ මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ඇඟළුම් කර්මාන්ත, කර්මාන්ත පමණක් නොව සෙසු කර්මාන්ත, බඩු භාණ්ඩ, ඉලෙක්ට්‍රොනික් කර්මාන්ත, අයි.ටී. වැඩසටහන්, සංචාරක ව්‍යාපාර, කෘෂිකර්ම, ධීවර මේ සියලු ක්ෂේත්‍ර අප විසින් හඳුනාගෙන මෙරට විශාල සංවර්ධන කලාප දෙකක් ඇති කරනවා. පළමු වැන්න නිරිත දිග සංවර්ධන කලාපයයි. අපගේ මාර්ග පද්ධතිය අනුව ගමනා ගමන පහසුකම් අනුව නිරිතදිග කලාපයේ ගුවන් තොටුපොළ දෙකක් පිහිටා තිබෙනවා. එමෙන්ම වරායන් දෙකක් ද පිහිටා තිබෙනවා. වර්තමාන මාර්ග පද්ධතිය පදනම් කර ගෙන මහනුවර සිට හම්බන්තොට, වැල්ලවාය, මොණරාගල දක්වා එක් විශාල සංවර්ධන කලාපයක් පළමුවෙන්ම බිහි කිරීම අපේ අරමුණයි.


මහනුවර නගරයේ විශාල දියුණුවක් ඇති කිරීමට නියමිතයි. අයි.ටී. කර්මාන්ත, සංචාරක කර්මාන්ත, කෘෂි තාක්‍ෂණය එමෙන්ම මධ්‍යම අධිවේගී මාර්ගය නිසා කුරුණෑගල දියුණුව, වයඹදියුණුව පිළිබඳව අප අවධානය යොමු කර තිබෙනවා. එමෙන්ම ඉරනවිල, කල්පිටිය, සංචාරක කලාප, බිංගිරිය, කුලියාපිටිය ප්‍රදේශයේ සංචාරක කලාප, දිවුලපිටිය, මිහිරිගම කර්මාන්ත කලාප ඉදිකෙරෙනවා.

බස්නාහිර මහනගර වැඩසටහන පිළිබඳව අලූතෙන් කතා කළ යුතු නැහැ. ඒ සඳහා එම අමාත්‍යංශය විසින් වෙනම වාර්තාවක් සකස් කර තිබෙනවා. එමගින් විශාල දියුණුවක් ඇති කළ යුතුයි. ඒ අනුව අප පළමුවතාවට වෙනම මූල්‍ය නගරයක් ස්ථාපිත කරනවා. එමෙන්ම කළුතර, අවිස්සාවේල්ල ආර්ථික කලාපයෙන් නැවත අක්කර 5000 ක් පමණ කර්මාන්ත ඉදිකිරීමට බලාපොරොත්තු වනවා. ගාල්ල ප්‍රදේශය වැඩි ආදායම් නැති සංචාරකයින් වෙනුවෙන් විශාල සංචාරක කලාපයක් බවට පත් කිරීමට නියමිතයි. සංචාරක අංශ, ගොල්ෆ් ක්‍රීඩා පිටි, අයි.ටී. කර්මාන්ත එහි ඉදිවේවි. අපගේ පළමු කර්මාන්ත කලාපය වැලිගම ඉදිකෙරෙනවා. එමෙන්ම රුහුණු ආර්ථික කලාපය වරාය ගුවන්තොටුපොළ ආශ්‍රය කර ගනිමින් මොණරාගල දක්වා ව්‍යාප්ත වෙනවා. නුවර එළිය සහ බදුල්ල උප ආර්ථික කලාප ලෙස දියුණුවට පත් වනවා.

සංචාරක, කෘෂිකර්ම මෙන්ම වැවිලි කර්මාන්තය ප්‍රතිසංස්කරණය කිරීමෙන් ශීඝ්‍ර දියුණුවක් අප බලාපොරොත්තු වනවා. ඊශානදිග කලාපයේ දියුණුව පිළිබඳව සලකා බලනවිට ත්‍රීකුණාමලයේ දියුණුව කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. බෙංගාල බොක්ක ආශ්‍රිත ගමනා ගමනයේ දියුණුවත් සමග ත්‍රීකුණාමල වරාය ශීඝ්‍රයෙන් දියුණුවට පත් වනවා. එහි දියුණුව පිළිබඳව සිංගප්පූරුව, ජපානය සහ ඉන්දියාව සමග සාකච්ඡා කරමින් සිටිනවා. ජනාධිපතිතුමන්ගේ මූලිකත්වයෙන් සිදු කරන පිබිදුණු පොළොන්නරුව සමග ත්‍රීකුණාමලයේ දියුණුව ඒකාබද්ධවීමට නියමිතයි. එමෙන්ම අනුරාධපුරයේ සංචාරක ක්ෂේත්‍රයේ දියුණුව, කෘෂිකර්ම දියුණුව ඇති කරනවා. එමෙන්ම මඩකලපුවේ කෘෂිකර්මාන්තයත් දියුණුවට පත් කරනවා. අම්පාර දිස්ත්‍රික්කයට හම්බන්තොට මත්තල මෙන්ම ත්‍රිකුණාමලයේ දියුණුවේ වාසිය අත්වීමට නියමිතයි.

උතුරු පළාතේ දිස්ත්‍රික්ක යුද්ධයෙන් විනාශ වුණා. එසේනම් උතුරු පළාතේ කෘෂිකර්මය මෙන්ම සංචාරක කර්මාන්තය දියුණුවට පත් කළ යුතුයි. එම ප්‍රදේශ දියුණු කිරීම සඳහා විශේෂ වැඩසටහනක් අප ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ යුතුව තිබෙනවා. නවීන කෘෂිකර්මාන්තය, නව මූල්‍ය ක්‍රම සියල්ලම අප විසින් දියුණුවට පත් කළ යුතුයි. වසර 13 ක අධ්‍යාපනය අප විසින් අනිවාර්ය කර තිබෙනවා. අධ්‍යාපනයෙන් පසුව රැකියා පුහුණුවක් ලබාදීම අපේ අරමුණයි. අපගේ මිනිස් බලය සීමා සහිතයි.

ඒ මිනිස් බල ප්‍රමාණයෙන් උපරිම ප්‍රයෝජනයක් ලබාගත යුතුයි. ලංකාවේ මිනිස් බලය ලබාගැනීමට නම් අපගේ අරමුණ විය යුත්තේ පුද්ගල ආදායම වැඩි කිරීමයි. ඊළඟ වසර කිහිපය තුළදී මසකට ඩොලර් 300 ක් ලබාදිය හැකි ආකාරයක් පිළිබඳව පෞද්ගලික අංශය මෙන්ම රාජ්‍ය අංශය සමග ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වනවා. අවම වශයෙන් මසකට ඩොලර් 300 ක් වත් ලබාදිය හැකි ආකාරයට ඉදිරියට යා යුතුයි. එසේ නොවුණහොත් අප පුහුණුව ලබාදෙන තරුණ තරුණියන් වෙනත් රටවලට යාමේ ප්‍රවණතාවයක් ඇති විය හැකියි. අපේ සාර්ථකත්වය ඇත්තේ ජනතාවට හොදින් ජීවත් විය හැකි පරිසරයක් ගොඩනැගීමයි.

අපගේ නිවාස වැඩපිළිවෙළ උතුර, කඳුකර ප්‍රදේශවලට නිවාස ලබාදීම, පැල්පත් වාසීන්ට නව නිවාස ලබාදීම, මධ්‍යම පාන්තික නිවාස යෝජනා, ඉඩම් අයිතිය ලබාදීම ආදී සැලසුම් රාශියක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.මෙම වැඩසටහන මූලික රාමුව පමණයි. මහනගර සංවර්ධන අමාත්‍යංශයෙන් වාර්තා දැනටමත් ඉදිරිපත් කර තිබෙනවා. ධීවර නවීකරණය, කෘෂිකාර්මික අංශයේ අලූත් කිරීම්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආදී සියලූදේ පිළිබඳව අප සැලසුම් සකසා තිබෙනවා. අප මේ සැලසුම් ඉදිරිපත් කර ඇත්තේ රට දැනුවත් කිරීම සඳහායි. කළේ කුමක් දැයි බොහෝ අය අපෙන් අහනවා. දැන් අප දෙවන අදියරට ගමන් කරමින් සිටිනවා. වසරක් තිස්සේ අප ආර්ථිකයේ මූලික කොටස් සකස් කළා. සැලසුම් සකස් කළා. රට ඉදිරියට ගෙන යාම සඳහා අත්වැල් බැඳගන්නැයි සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිනවා. එහිදී මාධ්‍යවේදීන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඇසූ ප්‍රශ්න සහ ඒවාට රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් පිළිතුරු මෙසේය.


ප්‍රශ්නය- අග්‍රාමාත්‍යතුමනි, විශේෂයෙන්ම විපක්ෂයේ මේ දිනවල විශාල අන්දෝලනයක් කරමින් යනවා හම්බන්තොට වරාය මුල්කරගනිමින් ලංකාව චීනයට ඉඩම් විකුණනවා. බලයට එන්න කලින් කිව්වේ වෙන දෙයක්. දැන් කරන්නේ වෙන දෙයක් කියලා විශේෂයෙන්ම විපක්ෂය ආණ්ඩුවට චෝදනා කරනවා.

පිළිතුර -  මම මේ කැදෙව්වේ බලගතු ශ්‍රී ලංකාවක් කියන අපේ ඉදිරි සැලසුම ගැන කියන්න. ඒ නිසා ඒ සැලසුම ගැන මුලින්ම වාර්තා කරන්න. මේ ප්‍රශ්නයට පිළිතුර පමණක් වාර්තා කරන්න එපා. ඔබේ ප්‍රශ්නයට පිළිතුරු සහිත ප්‍රකාශයක් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කරනවා. ඒක පළ කරන්න. ඒ ප්‍රකාශයත් සමඟ මගේ පිළිතුරත් වාර්තා කරන්න.අගමැතිකම බලාපොරොත්තු වුන මහින්ද රාජපක්ෂ අපේ හිටපු ජනාධිපතිතුමා දැන් මන්ත්‍රීකම බේරාගන්න සටන් කරනවා. අපි සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරන්නේ හම්බන්තොටින් සහ කුරුණෑගලින්. කර්මාන්ත ශාලා ආරම්භ කරන්නේ එම ප්‍රදේශවලින්. දියුණුව ආරම්භ වෙන්නේ එහෙන්. එතකොට ප්‍රාදේශීය සභා ඡන්දයට ගියාම මොනවද කියන්නේ ? මිනිස්සු අහනවා ඇයි ඔයා ජනාධිපතිකමේ ඉන්න කොට මේවා කරන්න බැරි වුණේ කියලා. ඒකට උත්තර දෙන්න බැරි නිසා එතුමා මන්ත්‍රීකම බේරගන්න උත්සාහ කරනවා.

දැන් බලන්න, අපි ඊයේ ජනාධිපතිතුමත් එක්ක ආරම්භ කරපු ව්‍යාපෘතිය. පන්නලින් රැකියා 5000ක් බිහිවෙනවා. 2500 එනවා ගිරිඋල්ලෙන්. එතනම රැකියා 7500ක්. හම්බන්තොට වරාය පළමු අදියරේදී රැකියා දස දහසක්. ඉතිං අගමැතිකම බලාපොරොත්තු වූ පුද්ගලයා දැන් මන්ත්‍රිකම බේරා ගැනීමට සටන් කරනවා. ඔහු බොරු කියනවා. අපි පන්සල් කඩනවා කියලා බොරු කියනවා. ඔබ හිතනවද අපි ගිහිල්ලා පන්සල් කඩයි කියලා. අපි මිනිස්සුන්ගේ ඉඩම් අරගෙන පන්නලා දායි ද. අපි කිසිම ඉඩමක් සින්නකර දීලා නැහැ. ඒ අය පෝට් සිටි එක සින්නකර දුන්නා. ඒකත් අපි ආපහු ගත්තා. අපි ඉඩම් දෙන්නේ කාලවකවාණුවලට යටත් බද්දකට විතරයි. උපරිම වශයෙන් අවුරුදු 99 කට විතරයි. 

ඊට හේතුව සමහර බැංකු මුදල් දීම සදහා අනුනව අවුරුදු බද්ද බලාපොරොත්තු වීමයි. එසේ නොමැති අවස්ථාවල ඊට අඩු කාල සීමාවන්ටත් දෙනවා. ඇත්ත ඒකයි. නමුත් රාජපක්‍ෂලා තමන්ගේ දේශපාලන ජීවිතයට සටන අරගෙන බොරුවට කෑ ගහනවා. දළදා මාලිගාව කඩන්න ගියේ මම නොවෙයි. මල්වතු පාර්ශවය කඩන්න ගියේ මම නොවෙයි. ඒ මිනිස්සුන්ම දැන් ගිහින් මල්වතු මහා නාහිමියන් වැදලා කියනවා එයාලා පන්සල ආරක්ෂා කරනවා කියලා. දැන්ද එයාලට පන්සල් මතක් වුණේ. අනෙක් කාරණය අපි රුහුණෙන් අක්කර පහලොස් දහසක් හඳුනා ගෙන, වෙන් කරගෙන යන්නේ වුවමනා අවස්ථාවල දෙන්න. මේ සියල්ලම දෙන්නේ හම්බන්තොටින් පමණක් නොවෙයි. ඊයේ දිනයේ මට ගාල්ලේ අය බැන්නා මේ කර්මාන්තපුරයට ගාල්ල ඇතුලත් කරලා නැහැ කියලා. අපිට ඕනේ මේ රටේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ඇතිකරලා දෙන්න. ඔවුන්ට හොද අනාගතයක් ලබලා දෙන්න. ඒ නිසයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වුණේ. ඒකයි මම අගමැති බවට පත් කළේ. මෙතනට වෙලා වාඩිවෙලා ඉන්න නොවෙයි. ඔවුන්ගේ විශාල බලාපොරොත්තුවක් තිබෙනවා. අපි හරියටම ඉදිරියට යනවා.මේ වැඩ පිළිවෙල ගැන ඒකාබද්ධ විපක්ෂය බය වෙලා. තැති ගැන්විලා. ඔවුන්ට මෙම වැඩපිළිවෙලට ක්‍රියාත්මක වීමෙන් පසුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිසිදු ප්‍රාදේශීය සභාවක් බේරාගැනීමට හැකිවෙන්නේ නැහැ. එවිට ඒකාබද්ධ විපක්ෂයට ඔක්සිජන් නැතිව යනවා. ඉතිං බොරුවට කෑ ගහනවා. හැමෝටම පෙනේවී ඇයි අපි මේ දේවල් කරන්නේ කියලා. අපි ඇස්තමේන්තු කරලා තියෙන්නේ අපේ අනාගත අවුරුදු 10 ට අවශ්‍ය ඉඩම් ප්‍රමාණය.

ප්‍රශ්නය- අගමැතිතුමා මේ වගේ සැලසුම් පසුගිය කාලේ ඉදිරිපත් වුණා. නමුත් එයින් ක්‍රියාත්මක වුණේ කිහිපයයි.  මේ සැලැස්ම යථාර්ථයක් බවට පත්කර ගන්න කොහොමද සැලසුම් කරන්නේ?

පිළිතුර- යුද්ධය පැවතුනත් අපි 77 දීත් අපේ සැලසුම යථාර්තයක් කළා. යුද්ධය  නොමැතිව දැන් අපිට යථාර්ථයක් කළ හැකියි. අපිට සහයෝගය අවශ්‍යයි. අප ඔබලාට කරුණු දෙන්නම්. දැන් අපිට කියන්නේ හම්බන්තොට තරුණයින්ට රැකියා දෙන්න එපා කියලද. කොළඹතරුණයන්ට පමණක්ද රැකියා ලබා දිය යුත්තේ. මම නොවෙයි හම්බන්තොට වරාය හැදුවේ. මම නොවෙයි ණය ලබාගත්තේ. ඔය ණය අපි ගෙවිය යුත්තේ ඔබට වැට් ගහලද. ඔබ ලෑස්තිද වැට් බද්දට මුහුණ දෙන්න. අපි හදන්නේ රටේ ජනතාව බසු බරින් බේරා චීන සමාගමෙන් මම සල්ලි අරගෙන ණය පියවන්නයි. අපි එකට එකතුවෙලා ජාතික ආණ්ඩුවක් ඇතිකළේ රට ඉදිරියට ගෙන යාමටයි. අපට ලෝකයේ සහයෝගය තිබෙනවා. ආයෝජකයන් පැමිණෙනවා. කෙතරම් කෑගසුවත් මේවා නවත්වන්න බෑ. අපි ඉදිරියට යනවා.

ප්‍රශ්නය -    අගමැතිතුමා රටේ සංවර්ධනයත් එක්ක ඉදිරියේදී නිදහස් වෙළෙඳ ගිවිසුම් කිහිපයකටම ඉදිරිපත් වෙනවා කියලා ඔබතුමා දැන් කිව්වා.  ඒ අනුව ඉන්දියාවත් සමග එට්කා ගිවිසුමට සහ චීනයත් සමග ගිවිසුම් කිහිපයකටම එළඹෙනවා කියලා ඔබතුමා කිව්වා. ඒ අනුව එට්කා ගිවිසුමේ ආරම්භය කවදා සිදුවේද ? අනෙක් රටවල් සමග ඇතිකර ගන්නා ගිවිසුම් මොනවාද? පිළිතුර - අපි එට්කා ගිවිසුමට මේ අවුරුද්දේදී එළඹිමට බලාපොරොත්තු වනවා. අපි පකිස්ථානය සහ බංගලාදේශය සම්බන්ධ ගිවිසුම වර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. එමෙන්ම ආසියානු සංවිධානයේ රටවල් සමගත් ගිවිසුම්වලට එළඹිමට අපි බලාපොරොත්තු වෙනවා. තවද යුරෝපීය සංගමය සමගත් අපිට ගිවිසුම් තිබෙනවා. ඇමරිකාව සම්බන්ධයෙන් අපිට කිසිම පිළිතුරක් දිය නොහැකියි. කුමක් නිසාද යත් ඔවුන්ගේ ප්‍රතිපත්ති පිළිබදව සලකා බැලීමෙන් අනතුරුවයි අපට තීරණයක් ලැබෙන්නේ.

ප්‍රශ්නය - අගමැතිතුමා දේශපාලන අස්ථාවරභාවයක් රටේ ඇති කරන්න ඇතැම් පිරිස් මේ වන විට උත්සාහ දරමින් සිටිනවා. ඒ සදහා ඔබතුමන්ලා කෙසේද මුහුණ දෙන්නේ.?පිළිතුර  -    අපි හොදින් මුහුණ දෙනවා. ඔවුන් බලන්නේ දේශපාලන අස්ථාවරභාවයක් ඇති කරන්න. එසේ නොමැතිනම් එය ඔවුන්ගේ දේශපාලනයේ විනාශයයි.  “ආණ්ඩුව නැතිවෙනවා, මම අගමැති වෙනවා” කිය කියා හැමෝටම කියන්න පුළුවන්. නමුත් ඒවා අපට විශාල ගැටළු නොවෙයි. අඩුම වශයෙන් නත්තල් සමයේදී පුවත්පත් සදහා එය ප්‍රවෘත්තියක් වුණා පමණයි. ජනාධිපතිතුමා මම සහ අනෙක් පක්ෂ නායකයින් තමයි ආණ්ඩුව ඉදිරියට ගෙනයන්නේ.

 ජනතාවට බර පැටවීමට අප සූදානම් නැහැ. පසුගිය රාජපක්ෂ රෙජිමය දුන් ජනතාවට දුන් බර නිසා නව සැලසුම් ක්‍රියාත්මක කිරීමට වසරක කාලයක් ගතවුණා. ඔවුන් ණය ලබාගෙන ජනතාවට ගෙවන්නට කිව්වා. ජනතාවට බර අදින්න කියලා ඔවුන් භුක්ති වින්දා. එම කාලය අවසන්. සියළු වාසි ජනතාවට ලැබිය යුතුයි. ප්‍රශ්නය -    අගමැතිතුමා, ජාතික ආණ්ඩුවේ එකමුතුවක් නැතිව කොහොමද මේ වැඩපිළිවෙල ඉදිරියට යන්නේ ? පිළිතුර - අපි එකමුතුයි. අපි එකට ඉන්නවා. ඒවා ප්‍රශ්න නොවෙයි. අපිට පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබෙනවා.

ප්‍රශ්නය  -    නමුත් නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන් විවිධ අදහස් හුවමාරු කර ගන්නවා.

පිළිතුර - පක්ෂ දෙකක් නිසා විවිධ ගැටළු ඇති වෙනවා. ඒවා කතා කරලා විසදා ගන්නවා. ආණ්ඩුවට හානියක් සිදුවී නැහැ. කැබිනට් මණ්ඩලය රැස්වෙනවා. අයවැය තුනෙන් දෙකකින් සම්මත කර ගන්නවා. කුමක්ද අපට තිබෙන ප්‍රශ්නය.

ප්‍රශ්නය - සංවර්ධන විධිවිධාන විශේෂ පනත් කෙටුම්පත පසුගිය දිනවල සියළු පළාත් සභාවල පරාජයට පත් කළා. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඊළඟ පියවර කුමක්ද ?

පිළිතුර-  මෙහි තිබෙන්නේ සමගාමී බලතලයි. ජාතික ප්‍රතිපත්තිය සහ මධ්‍යම ආණ්ඩුවේ සංවර්ධන වැඩ කටයුතුයි. සංවර්ධන කටයුතු ශීඝ්‍රයෙන් ක්‍රියාත්මක කිරීමට තමයි අප මේ පනත ක්‍රියාත්මක කළේ. ඒ සදහා පළාත් සභා සම්බන්ධ කර ගැනිමට අපට අවශ්‍ය වුණා. අපට අවශ්‍ය වුණේ ඔවුන්ගේ බලය ලබාගැනීමට නොවෙයි. මහ ඇමතිවරුන් හමුවේ මම පැවසුවා අපට ඔබගේ බලය ලබාගෙන වැඩක් නැහැ කියා. තවත් සංශෝධන අවශ්‍ය නම් අපි කරනවා. ඉන්පසුව මම මහඇමතිවරුන් හමුවී එම සංශෝධන පිළිබදව ඔවුන්ට පවසනවා. මෙතෙක් අපේ රටේ ජාතික සංවර්ධන ක්‍රියාවලීන් සඳහා එක් වුණේ මධ්‍යම ආණ්ඩුව පමණයි. මේ පණතින් අප උත්සාහ කරන්නේ ජාතික සංවර්ධනය ක්‍රියාවලිය සඳහා පළාත් සභාවන්ද එක් කර ගැනීමටයි. නමුත් සංවර්ධනයට දායකවීමට ඔවුන් අකමැතිනම් අපට එය තනිව කළ හැකියි. පළාත් සභා බලතල පවරා ගැනීමේ බලාපොරොත්තුවක් අපට නැහැ. අපට එය අවශ්‍යත් නැහැ. අපට අවශ්‍ය පළාත් සභා තවත් ශක්තිමත් කරලීමටයි.

ප්‍රශ්නය - වීන සමාගමකට 99 අවුරුදු බද්දට වරාය ලබාදීම පිළිබදව ඔබේ අදහස?

පිළිතුර - අපේ ප්‍රතිපත්තිය සින්නක්කර ඉඩම් ලබාදීම නොවෙයි. සින්නක්කර ලබාදුන් ඉඩම් අපි අහෝසි කළා. අපි සමාගම් සඳහා උපරිම ලබාදෙන්නේ අවුරුදු 99 පමණයි. අපි මේ වරාය ලබාදෙන්නේ චීන සමාගමකට නෙවෙයි. චීන ලංකා ඒකාබද්ධ සමාගමකටයි. ඒකත් අවුරුදු 99කටයි. අපි දෙන්නේ කළමණාකාරීත්වය පමණයි. ඒ සමාගම අවුරුදු 99 කට පසුව වරාය උගුලා ගෙන යන්නේ නෑ. එංගලන්ත ජාතිකයන් අපට නිදහස දෙද්දී ත්‍රිකුණාමල වරාය, කටුනායක ගුවන්තොටුපල, කොළඹවරාය උගුලා ගෙන ගියේ නෑ. කොච්චර කෑගැසුවත් මේ වරාය ඔසවාගෙන යන්න බැහැ. ඒක අයිති අපට.     නමුත් හම්බන්තොට වරායට, මත්තල ගුවන්තොටුපලට සහ මහා මාර්ගවලට ගත් ණය කවුරුන් හෝ ගෙවිය යුතුයි. මෙම ණය ගෙවීමට අපේ රටට දැන් කිසිම ආර්ථික ශක්තියක් නැහැ. ණය ගෙවීම තමයි වැදගත්ම කාරණය. ඒ ණය බර අඩු කරගනිමින්, රටට වාසිදායක අන්දමට වායෙන් නිසි ප්‍රයෝජනයක් ලබමින්, අපේ තරුණ තරුණියන්ට රැකියා ලැබෙන, ජනතාවට ආදායම් මාර්ග ලැබෙන වැඩ පිළිවෙලකුයි අප මේ දියත් කරන්නේ. මේවැඩ පිළිවෙලට විරුද්ධ වෙන්නේ තරුණ තරුණියන්ට රැකියා ලබාදීමට විරුද්ධ අයයි. ජනතාවට ආදායම් මාර්ග ලැබෙනවාට විරුද්ධ අයයි. රට සංවර්ධනය වෙනවාට විරුද්ධ අයයි. තමන්ගේ මන්ත්‍රී කම රැක ගන්න ජනතාව බිල්ලට දීමට සූදානම් අයයි.

2017.01.04 වන දින අරලියගහ මන්දිරයේ දී තිරසර යුගයක ජාතික ආර්ථික සංවර්ධන සැලැස්මඑළිදැක්වීමේ අවස්ථාවට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව.

2015 ජනවාරි 08 වනදා මෛත්‍රීපාල සිරීසේන ජනාධිපතිතුමන්ගේ ජනවරමත්, 2015 අගෝස්තු මාසයේ ජනතාව ලබාදුන් ජනවරමත් අනුව පිහිටවූ ජාතික ආණ්ඩුවේ ආර්ථික වැඩ පිළිවෙළේ දෙවන අදියර පිළිබඳව අද අප සාකච්ඡා කරනවා. ‘බලගතු ශ්‍රී ලංකාවක්’ නැමැති වාර්තාව දැන් අප නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලාංකික ජනතාවට හොඳ ආර්ථිකයක් ලබාදීමට අප පෙරොන්දු වුණා. කාටත් යමක් යමක් ලැබෙන ආර්ථිකයක් ලබාදීම අපේ අරමුණයි. එය ස්වල්ප දෙනෙකුට සීමා වූ ආර්ථිකයක් නොවේ. ඒ සඳහා අප වැඩකටයුතු ආරම්භ කළා.
2016 වන විට පළමු අදියරේ වැඩකටයුතු අවසන් කර තිබෙනවා. දැන් අප රජයේ සංවර්ධන වැඩසටහන් පිළිබඳව සඳහන් කිරීමට අපේක්‍ෂා කරනවා.

යහපාලන රජය භාරගත් ආර්ථිකයේ ප්‍රධාන දුර්වලතා දෙකක් තිබෙනවා. එම දුර්වලතා රටට බලපෑම් එල්ල කළා. අධික ණය බර විශාල ප්‍රශ්නයක් වුණා. එම ණය බර විසඳුම් ලබාදීමට පසුගිය වසර ගත වුණා. අප මේ පිළිබඳව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමගත් සාකච්ඡා කළා. ඒ අනුව ඊළඟ වසර තුන හතරේ දී ආර්ථික ස්ථාවර බවක් ඇති කිරීම අපගේ අරමුණයි.

දෙවැනි අර්බුදය නම් ගෙවුම් ශේෂ හිඟයයි. එම ප්‍රශ්නය රැකියා බිහි කිරීම සඳහාත්, ජනතාවගේ ආදායම සඳහාත් බලපෑවා. වර්තමානයේදී ආනයන භාණ්ඩ සඳහා වැය වන වියදම අපනයන ආදායමෙන් පමණක් ආවරණය කර ගැනීමට හැකියාවක් නැහැ. එහි සමබරතාවයක් නැහැ.

දිගුකාලීනව රැකියා බිහිකිරීමට නම් ආදායම් වැඩි කිරීමට නම් දළ දේශීය නිෂ්පාදිතය ශීඝ්‍රයෙන් වැඩි කිරීමට නම් අප අපනයන ආර්ථිකයකට ගමන් කළ යුතුයි. ශීඝ්‍රයෙන් වර්ධනය වන අපනයන ආර්ථිකය තුළින් රැකියා බිහි කොට ආදායම් වැඩි කිරීම අපගේ අරමුණයි. බලගතු ශ්‍රී ලංකාවක් යන සැලැස්මෙන් දක්වා ඇත්තේ එම කාරණය ඉටුකරගන්නා ආකාරය පිළිබඳවයි.

ශ්‍රී ලංකාව ඉතා කුඩා රටක්. අපට ඉන්දියාව, චීනය වැනි විශාල වෙළෙඳපොළක් නැහැ. අපට වාසියකට ඇත්තේ ශ්‍රී ලංකාවේ පිහිටීමයි. ඉන්දියන් සාගරය මැද අපේ රට පිහිටා තිබෙනවා. වර්තමාන ලෝකයේ සංවර්ධනය වැඩිපුරම ඇත්තේ ආසියාව තුළයි. පැසිෆික් කලාපයේ සිට ඉන්දීයන් සාගර කලාපයට එම සංවර්ධනය ගමන් කරනවා. ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ එම සංවර්ධන කලාපයේ මධ්‍යයයේයි. අප දියුණුවීමට සිතිය යුත්තේ එහි පිහිටීම පිළිබඳව අවධානය යොමු කිරීමෙනුයි.

අතීතයේ ත්‍රීසිංහල යුගයේත්
, කෝට්ටේ යුගයේත් එම පිහිටීම අප රටට වැදගත් අයුරින් බලපෑවා. ශ්‍රී ලංකාවේ පිහිටීම මෙන්ම මිනිස් සම්පත් බලය උපයෝගී කරගෙන ලෝකයේ ප්‍රබල රටක් බවට පත්වීම අපගේ අරමුණයි.

ඒ සඳහා අපට විශාල වෙළෙඳපොළක් අවශ්‍යයි. ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ සීමා සහිතයි. එම නිසා අපගේ පිහිටීම ශක්තිමත් කිරීමට නම් නිදහස් වෙළෙඳ ගිවිසුම් ගණනාවක් ඇති කර ගත යුතුව තිබෙනවා. ඉදිරියේදී ජීඑස්පී ප්ලස් ගිවිසුමෙහි වාසිය අප රටට ලැබීමට නියමිතයි. ඒ පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. එමෙන්ම එට්කා ගිවිසුම අත්සන් කිරීම මගින් ඉන්දීය වෙළෙඳපොළේ වාසිය අත්කර ගැනීමට නියමිතයි. චීන වෙළෙඳ ගිවිසුමෙන් චීන වෙළෙඳපොළ අත්පත් කර ගන්නවා. සිංගප්පූරුව සමග වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමෙන් සිංගප්පූරු වෙළෙඳපොළේ වාසිය අත්පත් කර ගන්නවා. මිලියන
4000 ක වෙළෙඳපොළක් ශ්‍රී ලංකාවට අත්පත් කර ගැනීමට අප සැලසුම් සකස් කර තිබෙනවා.

මිලියන
22 ට වඩා විශාල වූ වෙළෙඳපොළකට ගමන් කිරීම අපගේ අරමුණයි. එම වෙළෙඳපොළෙන් 1% ක් අල්ලා ගත්තත් අපට විශාල දියුණුවක් ලබාගැනීමට හැකියාව ලැබෙනවා. වෙළෙඳපොළ අල්ලා ගැනීමට පිහිටීම අනුව කටයුතු කරනවා නම් අපට මූල්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමට හැකියාව ලැබෙනවා. මුලින්ම නාවික, ගුවන්, ගමනා ගමන මධ්‍යස්ථානයක් බවට පත්විය යුතුයි. ප්‍රධාන වරායන් තුනක් සහ ප්‍රධාන ගුවන් තොටුපොළ දෙකක් අප දියුණුවට පත් කළ යුතුයි. ඒ සමගම අප ඉන්දියන් සාගරයේ ප්‍රධාන මාර්ග පාලනය කිරීමේ හැකියාව අපට ලැබෙනවා. එමෙන්ම බඩු භාණ්ඩ හුවමාරු කර ගැනීමේ මධ්‍යස්ථානයක් ලෙස අප දියුණුවට පත් විය යුතුයි. වරාය සහ ගුවන්තොටුපොළ දියුණුවට පත් කරන්නේ ඒ සඳහායි.

එමෙන්ම ශ්‍රී ලංකාව මූල්‍ය මධ්‍යස්ථානයක් බවට පත් කිරීම අපේ මූලික අරමුණක් බව කිව යුතුයි. ඒ සඳහා මූල්‍ය නගරය සුවිශේෂී මෙහෙවරක් ඉටු කරනවා. අප දියුණු කළ යුතු අංශ මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ඇඟළුම් කර්මාන්ත
, කර්මාන්ත පමණක් නොව සෙසු කර්මාන්ත, බඩු භාණ්ඩ, ඉලෙක්ට්‍රොනික් කර්මාන්ත, අයි.ටී. වැඩසටහන්, සංචාරක ව්‍යාපාර, කෘෂිකර්ම, ධීවර මේ සියලූ ක්ෂේත්‍ර අප විසින් හඳුනාගෙන මෙරට විශාල සංවර්ධන කලාප දෙකක් ඇති කරනවා.

පළමු වැන්න නිරිත දිග සංවර්ධන කලාපයයි. අපගේ මාර්ග පද්ධතිය අනුව ගමනා ගමන පහසුකම් අනුව නිරිතදිග කලාපයේ ගුවන් තොටුපොළ දෙකක් පිහිටා තිබෙනවා. එමෙන්ම වරායන් දෙකක් ද පිහිටා තිබෙනවා. වර්තමාන මාර්ග පද්ධතිය පදනම් කර ගෙන මහනුවර සිට හම්බන්තොට
, වැල්ලවාය, මොණරාගල දක්වා එක් විශාල සංවර්ධන කලාපයක් පළමුවෙන්ම බිහි කිරීම අපේ අරමුණයි.

මහනුවර නගරයේ විශාල දියුණුවක් ඇති කිරීමට නියමිතයි. අයි.ටී. කර්මාන්ත
, සංචාරක කර්මාන්ත, කෘෂි තාක්‍ෂණය එමෙන්ම මධ්‍යම අධිවේගී මාර්ගය නිසා කුරුණෑගල දියුණුව, වයඹදියුණුව පිළිබඳව අප අවධානය යොමු කර තිබෙනවා. එමෙන්ම ඉරනවිල, කල්පිටිය, සංචාරක කලාප, බිංගිරිය, කුලියාපිටිය ප්‍රදේශයේ සංචාරක කලාප, දිවුලපිටිය, මිහිරිගම කර්මාන්ත කලාප ඉදිකෙරෙනවා.

බස්නාහිර මහනගර වැඩසටහන පිළිබඳව අලූතෙන් කතා කළ යුතු නැහැ. ඒ සඳහා එම අමාත්‍යංශය විසින් වෙනම වාර්තාවක් සකස් කර තිබෙනවා. එමගින් විශාල දියුණුවක් ඇති කළ යුතුයි. ඒ අනුව අප පළමුවතාවට වෙනම මූල්‍ය නගරයක් ස්ථාපිත කරනවා. එමෙන්ම කළුතර
, අවිස්සාවේල්ල ආර්ථික කලාපයෙන් නැවත අක්කර 5000 ක් පමණ කර්මාන්ත ඉදිකිරීමට බලාපොරොත්තු වනවා. ගාල්ල ප්‍රදේශය වැඩි ආදායම් නැති සංචාරකයින් වෙනුවෙන් විශාල සංචාරක කලාපයක් බවට පත් කිරීමට නියමිතයි. සංචාරක අංශ, ගොල්ෆ් ක්‍රීඩා පිටි, අයි.ටී. කර්මාන්ත එහි ඉදිවේවි. අපගේ පළමු කර්මාන්ත කලාපය වැලිගම ඉදිකෙරෙනවා. එමෙන්ම රුහුණු ආර්ථික කලාපය වරාය ගුවන්තොටුපොළ ආශ්‍රය කර ගනිමින් මොණරාගල දක්වා ව්‍යාප්ත වෙනවා. නුවර එළිය සහ බදුල්ල උප ආර්ථික කලාප ලෙස දියුණුවට පත් වනවා.

සංචාරක
, කෘෂිකර්ම මෙන්ම වැවිලි කර්මාන්තය ප්‍රතිසංස්කරණය කිරීමෙන් ශීඝ්‍ර දියුණුවක් අප බලාපොරොත්තු වනවා. ඊශානදිග කලාපයේ දියුණුව පිළිබඳව සලකා බලනවිට ත්‍රීකුණාමලයේ දියුණුව කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. බෙංගාල බොක්ක ආශ්‍රිත ගමනා ගමනයේ දියුණුවත් සමග ත්‍රීකුණාමල වරාය ශීඝ්‍රයෙන් දියුණුවට පත් වනවා. එහි දියුණුව පිළිබඳව සිංගප්පූරුව, ජපානය සහ ඉන්දියාව සමග සාකච්ඡා කරමින් සිටිනවා.

ජනාධිපතිතුමන්ගේ මූලිකත්වයෙන් සිදු කරන පිබිදුණු පොළොන්නරුව සමග ත්‍රීකුණාමලයේ දියුණුව ඒකාබද්ධවීමට නියමිතයි. එමෙන්ම අනුරාධපුරයේ සංචාරක ක්ෂේත්‍රයේ දියුණුව
, කෘෂිකර්ම දියුණුව ඇති කරනවා. එමෙන්ම මඩකලපුවේ කෘෂිකර්මාන්තයත් දියුණුවට පත් කරනවා. අම්පාර දිස්ත්‍රික්කයට හම්බන්තොට මත්තල මෙන්ම ත්‍රිකුණාමලයේ දියුණුවේ වාසිය අත්වීමට නියමිතයි.

උතුරු පළාතේ දිස්ත්‍රික්ක යුද්ධයෙන් විනාශ වුණා. එසේනම් උතුරු පළාතේ කෘෂිකර්මය මෙන්ම සංචාරක කර්මාන්තය දියුණුවට පත් කළ යුතුයි. එම ප්‍රදේශ දියුණු කිරීම සඳහා විශේෂ වැඩසටහනක් අප ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ යුතුව තිබෙනවා. නවීන කෘෂිකර්මාන්තය
, නව මූල්‍ය ක්‍රම සියල්ලම අප විසින් දියුණුවට පත් කළ යුතුයි.

වසර
13 ක අධ්‍යාපනය අප විසින් අනිවාර්ය කර තිබෙනවා. අධ්‍යාපනයෙන් පසුව රැකියා පුහුණුවක් ලබාදීම අපේ අරමුණයි. අපගේ මිනිස් බලය සීමා සහිතයි. ඒ මිනිස් බල ප්‍රමාණයෙන් උපරිම ප්‍රයෝජනයක් ලබාගත යුතුයි. ලංකාවේ මිනිස් බලය ලබාගැනීමට නම් අපගේ අරමුණ විය යුත්තේ පුද්ගල ආදායම වැඩි කිරීමයි. ඊළඟ වසර කිහිපය තුළදී මසකට ඩොලර් 300 ක් ලබාදිය හැකි ආකාරයක් පිළිබඳව පෞද්ගලික අංශය මෙන්ම රාජ්‍ය අංශය සමග ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වනවා.

අවම වශයෙන් මසකට ඩොලර්
300 ක් වත් ලබාදිය හැකි ආකාරයට ඉදිරියට යා යුතුයි. එසේ නොවුණහොත් අප පුහුණුව ලබාදෙන තරුණ තරුණියන් වෙනත් රටවලට යාමේ ප්‍රවණතාවයක් ඇති විය හැකියි. අපේ සාර්ථකත්වය ඇත්තේ ජනතාවට හොදින් ජීවත් විය හැකි පරිසරයක් ගොඩනැගීමයි. අපගේ නිවාස වැඩපිළිවෙළ උතුර, කඳුකර ප්‍රදේශවලට නිවාස ලබාදීම, පැල්පත් වාසීන්ට නව නිවාස ලබාදීම, මධ්‍යම පාන්තික නිවාස යෝජනා, ඉඩම් අයිතිය ලබාදීම ආදී සැලසුම් රාශියක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

මෙම වැඩසටහන මූලික රාමුව පමණයි. මහනගර සංවර්ධන අමාත්‍යංශයෙන් වාර්තා දැනටමත් ඉදිරිපත් කර තිබෙනවා. ධීවර නවීකරණය
, කෘෂිකාර්මික අංශයේ අලූත් කිරීම්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආදී සියලූදේ පිළිබඳව අප සැලසුම් සකසා තිබෙනවා. අප මේ සැලසුම් ඉදිරිපත් කර ඇත්තේ රට දැනුවත් කිරීම සඳහායි. කළේ කුමක් දැයි බොහෝ අය අපෙන් අහනවා. දැන් අප දෙවන අදියරට ගමන් කරමින් සිටිනවා. වසරක් තිස්සේ අප ආර්ථිකයේ මූලික කොටස් සකස් කළා. සැලසුම් සකස් කළා. රට ඉදිරියට ගෙන යාම සඳහා අත්වැල් බැඳගන්නැයි සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

එහිදී මාධ්‍යවේදීන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඇසූ ප්‍රශ්න සහ ඒවාට රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය අග්‍රාමාත්‍යතුමනි, විශේෂයෙන්ම විපක්ෂයේ මේ දිනවල විශාල අන්දෝලනයක් කරමින් යනවා හම්බන්තොට වරාය මුල්කරගනිමින් ලංකාව චීනයට ඉඩම් විකුණනවා. බලයට එන්න කලින් කිව්වේ වෙන දෙයක්. දැන් කරන්නේ වෙන දෙයක් කියලා විශේෂයෙන්ම විපක්ෂය ආණ්ඩුවට චෝදනා කරනවා.

පිළිතුර -  මම මේ කැදෙව්වේ බලගතු ශ්‍රී ලංකාවක් කියන අපේ ඉදිරි සැලසුම ගැන කියන්න. ඒ නිසා ඒ සැලසුම ගැන මුලින්ම වාර්තා කරන්න. මේ ප්‍රශ්නයට පිළිතුර පමණක් වාර්තා කරන්න එපා. ඔබේ ප්‍රශ්නයට පිළිතුරු සහිත ප්‍රකාශයක් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කරනවා. ඒක පළ කරන්න. ඒ ප්‍රකාශයත් සමග මගේ පිළිතුරත් වාර්තා කරන්න.

   අගමැතිකම බලාපොරොත්තු වුන මහින්ද රාජපක්ෂ අපේ හිටපු ජනාධිපතිතුමා දැන් මන්ත්‍රීකම බේරාගන්න සටන් කරනවා. අපි සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරන්නේ හම්බන්තොටින් සහ කුරුණෑගලින්. කර්මාන්ත ශාලා ආරම්භ කරන්නේ එම ප්‍රදේශවලින්. දියුණුව ආරම්භ වෙන්නේ එහෙන්. එතකොට ප්‍රාදේශීය සභා ඡන්දයට ගියාම මොනවද කියන්නේ ? මිනිස්සු අහනවා ඇයි ඔයා ජනාධිපතිකමේ ඉන්න කොට මේවා කරන්න බැරි වුණේ කියලා. ඒකට උත්තර දෙන්න බැරි නිසා එතුමා මන්ත්‍රීකම බේරගන්න උත්සාහ කරනවා.

               දැන් බලන්න
, අපි ඊයේ ජනාධිපතිතුමත් එක්ක ආරම්භ කරපු ව්‍යාපෘතිය. පන්නලින් රැකියා 5000ක් බිහිවෙනවා. 2500 එනවා ගිරිඋල්ලෙන්. එතනම රැකියා 7500ක්. හම්බන්තොට වරාය පළමු අදියරේදී රැකියා දස දහසක්. ඉතිං අගමැතිකම බලාපොරොත්තු වූ පුද්ගලයා දැන් මන්ත්‍රිකම බේරා ගැනීමට සටන් කරනවා. ඔහු බොරු කියනවා. අපි පන්සල් කඩනවා කියලා බොරු කියනවා. ඔබ හිතනවද අපි ගිහිල්ලා පන්සල් කඩයි කියලා. අපි මිනිස්සුන්ගේ ඉඩම් අරගෙන පන්නලා දායි ද. අපි කිසිම ඉඩමක් සින්නකර දීලා නැහැ. ඒ අය පෝට් සිටි එක සින්නකර දුන්නා. ඒකත් අපි ආපහු ගත්තා. අපි ඉඩම් දෙන්නේ කාලවකවාණුවලට යටත් බද්දකට විතරයි. උපරිම වශයෙන් අවුරුදු 99 කට විතරයි.

               ඊට හේතුව සමහර බැංකු මුදල් දීම සදහා අනුනව අවුරුදු බද්ද බලාපොරොත්තු වීමයි. එසේ නොමැති අවස්ථාවල ඊට අඩු කාල සීමාවන්ටත් දෙනවා. ඇත්ත ඒකයි. නමුත් රාජපක්‍ෂලා තමන්ගේ දේශපාලන ජීවිතයට සටන අරගෙන බොරුවට කෑ ගහනවා.

               දළදා මාලිගාව කඩන්න ගියේ මම නොවෙයි. මල්වතු පාර්ශවය කඩන්න ගියේ මම නොවෙයි. ඒ මිනිස්සුන්ම දැන් ගිහින් මල්වතු මහා නාහිමියන් වැදලා කියනවා එයාලා පන්සල ආරක්ෂා කරනවා කියලා. දැන්ද එයාලට පන්සල් මතක් වුණේ.

               අනෙක් කාරණය අපි රුහුණෙන් අක්කර පහලොස් දහසක් හඳුනා ගෙන, වෙන් කරගෙන යන්නේ වුවමනා අවස්ථාවල දෙන්න. මේ සියල්ලම දෙන්නේ හම්බන්තොටින් පමණක් නොවෙයි. ඊයේ දිනයේ මට ගාල්ලේ අය බැන්නා මේ කර්මාන්තපුරයට ගාල්ල ඇතුලත් කරලා නැහැ කියලා. අපිට ඕනේ මේ රටේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ඇතිකරලා දෙන්න. ඔවුන්ට හොද අනාගතයක් ලබලා දෙන්න. ඒ නිසයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වුණේ. ඒකයි මම අගමැති බවට පත් කළේ. මෙතනට වෙලා වාඩිවෙලා ඉන්න නොවෙයි. ඔවුන්ගේ විශාල බලාපොරොත්තුවක් තිබෙනවා. අපි හරියටම ඉදිරියට යනවා.

               මේ වැඩ පිළිවෙළ ගැන ඒකාබද්ධ විපක්ෂය බය වෙලා. තැති ගැන්විලා. ඔවුන්ට මෙම වැඩපිළිවෙලට ක්‍රියාත්මක වීමෙන් පසුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිසිදු ප්‍රාදේශීය සභාවක් බේරාගැනීමට හැකිවෙන්නේ නැහැ. එවිට ඒකාබද්ධ විපක්ෂයට ඔක්සිජන් නැතිව යනවා. ඉතිං බොරුවට කෑ ගහනවා. හැමෝටම පෙනේවී ඇයි අපි මේ දේවල් කරන්නේ කියලා. අපි ඇස්තමේන්තු කරලා තියෙන්නේ අපේ අනාගත අවුරුදු
10 ට අවශ්‍ය ඉඩම් ප්‍රමාණය.

ප්‍රශ්නය - අගමැතිතුමා මේ වගේ සැලසුම් පසුගිය කාලේ ඉදිරිපත් වුණා. නමුත් එයින් ක්‍රියාත්මක වුණේ කිහිපයයි. මේ සැලැස්ම යථාර්ථයක් බවට පත්කර ගන්න කොහොමද සැලසුම් කරන්නේ
?

පිළිතුර - යුද්ධය පැවතුනත් අපි
77 දීත් අපේ සැලසුම යථාර්තයක් කළා. යුද්ධය නොමැතිව දැන් අපිට යථාර්ථයක් කළ හැකියි. අපිට සහයෝගය අවශ්‍යයි. අප ඔබලාට කරුණු දෙන්නම්. දැන් අපිට කියන්නේ හම්බන්තොට තරුණයින්ට රැකියා දෙන්න එපා කියලද. කොළඹතරුණයන්ට පමණක්ද රැකියා ලබා දිය යුත්තේ. මම නොවෙයි හම්බන්තොට වරාය හැදුවේ. මම නොවෙයි ණය ලබාගත්තේ. ඔය ණය අපි ගෙවිය යුත්තේ ඔබට වැට් ගහලද. ඔබ ලෑස්තිද වැට් බද්දට මුහුණ දෙන්න. අපි හදන්නේ රටේ ජනතාව බසු බරින් බේරා චීන සමාගමෙන් මම සල්ලි අරගෙන ණය පියවන්නයි. අපි එකට එකතුවෙලා ජාතික ආණ්ඩුවක් ඇතිකළේ රට ඉදිරියට ගෙන යාමටයි. අපට ලෝකයේ සහයෝගය තිබෙනවා. ආයෝජකයන් පැමිණෙනවා. කෙතරම් කෑගසුවත් මේවා නවත්වන්න බෑ. අපි ඉදිරියට යනවා.

ප්‍රශ්නය -   අගමැතිතුමා රටේ සංවර්ධනයත් එක්ක ඉදිරියේදී නිදහස් වෙළෙඳ ගිවිසුම් කිහිපයකටම ඉදිරිපත් වෙනවා කියලා ඔබතුමා දැන් කිව්වා. ඒ අනුව ඉන්දියාවත් සමග එට්කා ගිවිසුමට සහ චීනයත් සමග ගිවිසුම් කිහිපයකටම එළඹෙනවා කියලා ඔබතුමා කිව්වා. ඒ අනුව එට්කා ගිවිසුමේ ආරම්භය කවදා සිදුවේද
? අනෙක් රටවල් සමග ඇතිකර ගන්නා ගිවිසුම් මොනවාද?

පිළිතුර -   අපි එට්කා ගිවිසුමට මේ අවුරුද්දේදී එළඹිමට බලාපොරොත්තු වනවා. අපි පකිස්ථානය සහ බංගලාදේශය සම්බන්ධ ගිවිසුම වර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. එමෙන්ම ආසියානු සංවිධානයේ රටවල් සමගත් ගිවිසුම්වලට එළඹිමට අපි බලාපොරොත්තු වෙනවා. තවද යුරෝපීය සංගමය සමගත් අපිට ගිවිසුම් තිබෙනවා. ඇමරිකාව සම්බන්ධයෙන් අපිට කිසිම පිළිතුරක් දිය නොහැකියි. කුමක් නිසාද යත් ඔවුන්ගේ ප්‍රතිපත්ති පිළිබදව සලකා බැලීමෙන් අනතුරුවයි අපට තීරණයක් ලැබෙන්නේ.

ප්‍රශ්නය අගමැතිතුමා දේශපාලන අස්ථාවරභාවයක් රටේ ඇති කරන්න ඇතැම් පිරිස් මේ වන විට උත්සාහ දරමින් සිටිනවා. ඒ සදහා ඔබතුමන්ලා කෙසේද මුහුණ දෙන්නේ.?

පිළිතුර   අපි හොදින් මුහුණ දෙනවා. ඔවුන් බලන්නේ දේශපාලන අස්ථාවරභාවයක් ඇති කරන්න. එසේ නොමැතිනම් එය ඔවුන්ගේ දේශපාලනයේ විනාශයයි. “ආණ්ඩුව නැතිවෙනවා
, මම අගමැති වෙනවාකිය කියා හැමෝටම කියන්න පුළුවන්. නමුත් ඒවා අපට විශාල ගැටළු නොවෙයි. අඩුම වශයෙන් නත්තල් සමයේදී පුවත්පත් සදහා එය ප්‍රවෘත්තියක් වුණා පමණයි. ජනාධිපතිතුමා මම සහ අනෙක් පක්ෂ නායකයින් තමයි ආණ්ඩුව ඉදිරියට ගෙනයන්නේ.

               ජනතාවට බර පැටවීමට අප සූදානම් නැහැ. පසුගිය රාජපක්ෂ රෙජිමය දුන් ජනතාවට දුන් බර නිසා නව සැලසුම් ක්‍රියාත්මක කිරීමට වසරක කාලයක් ගතවුණා. ඔවුන් ණය ලබාගෙන ජනතාවට ගෙවන්නට කිව්වා. ජනතාවට බර අදින්න කියලා ඔවුන් භුක්ති වින්දා. එම කාලය අවසන්. සියළු වාසි ජනතාවට ලැබිය යුතුයි.

ප්‍රශ්නය -   අගමැතිතුමා, ජාතික ආණ්ඩුවේ එකමුතුවක් නැතිව කොහොමද මේ වැඩපිළිවෙල ඉදිරියට යන්නේ ?

පිළිතුර - අපි එකමුතුයි. අපි එකට ඉන්නවා. ඒවා ප්‍රශ්න නොවෙයි. අපිට පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබෙනවා.

ප්‍රශ්නය   නමුත් නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන් විවිධ අදහස් හුවමාරු කර ගන්නවා.

පිළිතුර -පක්ෂ දෙකක් නිසා විවිධ ගැටළු ඇති වෙනවා. ඒවා කතා කරලා විසදා ගන්නවා. ආණ්ඩුවට හානියක් සිදුවී නැහැ. කැබිනට් මණ්ඩලය රැස්වෙනවා. අයවැය තුනෙන් දෙකකින් සම්මත කර ගන්නවා. කුමක්ද අපට තිබෙන ප්‍රශ්නය.

ප්‍රශ්නය -සංවර්ධන විධිවිධාන විශේෂ පනත් කෙටුම්පත පසුගිය දිනවල සියළු පළාත් සභාවල පරාජයට පත් කළා. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඊළඟ පියවර කුමක්ද ?

පිළිතුර- මෙහි තිබෙන්නේ සමගාමී බලතලයි. ජාතික ප්‍රතිපත්තිය සහ මධ්‍යම ආණ්ඩුවේ සංවර්ධන වැඩ කටයුතුයි. සංවර්ධන කටයුතු ශීඝ්‍රයෙන් ක්‍රියාත්මක කිරීමට තමයි අප මේ පනත ක්‍රියාත්මක කළේ. ඒ සදහා පළාත් සභා සම්බන්ධ කර ගැනිමට අපට අවශ්‍ය වුණා. අපට අවශ්‍ය වුණේ ඔවුන්ගේ බලය ලබාගැනීමට නොවෙයි. මහ ඇමතිවරුන් හමුවේ මම පැවසුවා අපට ඔබගේ බලය ලබාගෙන වැඩක් නැහැ කියා. තවත් සංශෝධන අවශ්‍ය නම් අපි කරනවා.

               ඉන්පසුව මම මහඇමතිවරුන් හමුවී එම සංශෝධන පිළිබදව ඔවුන්ට පවසනවා. මෙතෙක් අපේ රටේ ජාතික සංවර්ධන ක්‍රියාවලීන් සඳහා එක් වුණේ මධ්‍යම ආණ්ඩුව පමණයි. මේ පණතින් අප උත්සාහ කරන්නේ ජාතික සංවර්ධනය ක්‍රියාවලිය සඳහා පළාත් සභාවන්ද එක් කර ගැනීමටයි. නමුත් සංවර්ධනයට දායකවීමට ඔවුන් අකමැතිනම් අපට එය තනිව කළ හැකියි. පළාත් සභා බලතල පවරා ගැනීමේ බලාපොරොත්තුවක් අපට නැහැ. අපට එය අවශ්‍යත් නැහැ. අපට අවශ්‍ය පළාත් සභා තවත් ශක්තිමත් කරලීමටයි.

ප්‍රශ්නය -චීන සමාගමකට
99 අවුරුදු බද්දට වරාය ලබාදීම පිළිබදව ඔබේ අදහස?

පිළිතුර - අපේ ප්‍රතිපත්තිය සින්නක්කර ඉඩම් ලබාදීම නොවෙයි. සින්නක්කර ලබාදුන් ඉඩම් අපි අහෝසි කළා. අපි සමාගම් සඳහා උපරිම ලබාදෙන්නේ අවුරුදු
99 පමණයි. අපි මේ වරාය ලබාදෙන්නේ චීන සමාගමකට නෙවෙයි. චීන ලංකා ඒකාබද්ධ සමාගමකටයි. ඒකත් අවුරුදු 99කටයි. අපි දෙන්නේ කළමණාකාරීත්වය පමණයි. ඒ සමාගම අවුරුදු 99 කට පසුව වරාය උගුලා ගෙන යන්නේ නෑ. එංගලන්ත ජාතිකයන් අපට නිදහස දෙද්දී ත්‍රිකුණාමල වරාය, කටුනායක ගුවන්තොටුපල, කොළඹවරාය උගුලා ගෙන ගියේ නෑ. කොච්චර කෑගැසුවත් මේ වරාය ඔසවාගෙන යන්න බැහැ. ඒක අයිති අපට.

               නමුත් හම්බන්තොට වරායට
, මත්තල ගුවන්තොටුපලට සහ මහා මාර්ගවලට ගත් ණය කවුරුන් හෝ ගෙවිය යුතුයි. මෙම ණය ගෙවීමට අපේ රටට දැන් කිසිම ආර්ථික ශක්තියක් නැහැ. ණය ගෙවීම තමයි වැදගත්ම කාරණය. ඒ ණය බර අඩු කරගනිමින්, රටට වාසිදායක අන්දමට වායෙන් නිසි ප්‍රයෝජනයක් ලබමින්, අපේ තරුණ තරුණියන්ට රැකියා ලැබෙන,
ජනතාවට ආදායම් මාර්ග ලැබෙන වැඩ පිළිවෙලකුයි අප මේ දියත් කරන්නේ. මේවැඩ පිළිවෙලට විරුද්ධ වෙන්නේ තරුණ තරුණියන්ට රැකියා ලබාදීමට විරුද්ධ අයයි. ජනතාවට ආදායම් මාර්ග ලැබෙනවාට විරුද්ධ අයයි. රට සංවර්ධනය වෙනවාට විරුද්ධ අයයි. තමන්ගේ මන්ත්‍රී කම රැක ගන්න ජනතාව බිල්ලට දීමට සූදානම් අයයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.