• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

Kebithigollewaමිනිසුන් ලවා කියවන   ‟ අපට නැතෝ  ” මන්තරය දැන් අප රටේ ජනතාවට කටපාඩම් ය. විපැත්තීන්ට මුහුණු දෙන , ඉන් අසරණ වන මිනිසුන් නැතිවා නොවේ. එහෙත් නැතිකම වැවීම , මැවීම බහුජන මාධ්‍යන්ට ඉතා හුරු පුරුදු ය. රටක සංවර්ධනය සදහා ජනමාධ්‍ය ඉමහත් රුකුලකි. එහෙත් ජනමාධ්‍ය කිසිවක් නොදන්නා ජනතාව ජනමාධ්‍යට කියන්නේ එකක. නිලධාරීන්ට කියන්නේ තවත් එකකි.


මෙම පටලැවීල්ලේ අවාසය යන්නේ ද ජනතාවට ම ය. රජය හා ජනතාව අතර සම්බන්ධිත පාලම සකසන මත නායකයින් වන්නේ ජනමාධ්‍යයි. එහෙත් බොහෝ දෙනාට ඇති උභතෝකෝටිකය නම් , ජනමාධ්‍ය ගවේශනාත්මක මෙහෙවරක නිරත නොවන්නේ ඇයි ද යන්නයි. රටක දුර්වලතා පෙන්වා දෙනවා සේම , රටක ජනතාවට රජයක් ඉටුකරන සේවාවන් ද පෙන්වා දෙන්නට නිර්ලෝභීව පෑන හසරුවන මාධ්‍ය ක්‍රියාදාමයක් අප රට තුල නිර්මාණය වන්නේ ඉතා සෙමිනි. මේ නිසා ජනතාව තුල බොහෝ විට දුර්වල මානසිකත්වයක් ගොඩනැගේ. අසවල් තැන කැඩිලා , අසවලුන් බඩගින්නේ , මේ අයට අසාධාරණයි ආදි වශයෙන් හඩ නැගීමට මාධ්‍යට අමුතු උපදෙස් අවශ්‍ය නැත. එහෙත් සංවර්ධනාත්මක ක්‍රියාකාරකම් පිළිබදව පැහැදිලි කර තොරතුරු ලබා දුන්න ද ‟ ඕව මාධ්‍ය යන්නේ නෑ ” යන සෘණාත්මක අදහසක් ගොඩනැගී තිබේ. විශේෂයෙන්ම ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මේ ගැටළුවට මුහුණ දී සිටී. එම නිසා ඔවුන්  බොහෝ කරුණු දෙස බලන්නේ කුමක් හෝ අඩුපාඩුවක් ඇත්ද යන ඉවෙනි. ඒ සදහා ජනතා අදහස් මුලික කර ගනී. 


අපේ කතාවේ මුලිකත්වය ගන්නා කැබිතිගොල්ලෑව බොහෝ දෙනා දන්නා පරිදි විවිධ දුෂ්කරතාවන් මුහුණ දුන්, එහෙත් නිහතමානී , අහිංසක ජනතාවක් සිටින ප්‍රදේශයකි . කුන්චුට්ටු කෝරළය නමින් ඓතිහාසිකව ප්‍රකට වන මෙම ප්‍රදේශයේ ජනතාව ආගන්තුක සත්කාරයෙන් අගතැන්පත් ය. ‟සිය රට දේ සිරි සැප දේ” යන්නට තවමත් අත ඔසවන බහුතරය මෙම ප්‍රදේශයේ සිටී. වවාගෙන කෑමේ අපේ සංස්කෘතිය තවමත් ඔවුන්ට හුරු ය. කුරක්කන් , තල , මුං , කව්පි ඔවුන් මහත් ආසාවෙන් වර්ණනා කරයි. භාවිත කරයි. නෑදෑයන් අතර සමගිය ද අගනා ය. ඒ අතින් බලන කල කැබිතිගොල්ලෑවේ ජනතාව තවමත් අපේ කම බිදදමාගෙන නැත. අප කළ යුත්තේ එම තත්ත්වය ශක්තිමත් කිරීමයි. 


කැබිතිගොල්ලෑවේ ජනතාව නියගය නිසා දැඩිව පීඩා විදින බවත් , එහි බොහෝ ගම්මාන සදහා රජයෙන් නිසි සහන නොලැබෙන බවත් , පසුගිය කාලයේ මාධ්‍ය මගින් දිගින් දිගටම කියන්නට විය. යැපුම් මානසිකත්වයට තල්ලු වී සිටින ජනතාවට මෙය උසස් උත්තේජනයකි. ඒ නිසා ජනතාව ද දිගට හරහට මාධ්‍යට අදහස් දෙන්නට පටන් ගත්තේ ය. විශාල ජන පිරිසකට සහන සැලසීමේ දී අතපසුවීම් වන්නට පිළිවන . එහෙත් එය නිරාකරණය කරගැනීමේ විනිවිද යාන්ත්‍රණයක් මෙරට පවතී.  

අතිගරු ජනාධිපතිතුමාගේ පෞද්ගලික අවධානය යොමුවන තරමටම කැබිතිගොල්ලෑවේ නියං අර්බුදය ඉහළ ගියේ ය. ඒ නිසාම මෙහි සැබෑ තත්ත්වය සොයා බැලීමට ජනාධීපතිතුමන්ට එහි යන්නට සිදුවිය. මෙවැනි තත්ත්වනයක් තුල කැබිතිගොල්ලෑවේ ජල ගැටළුව , නියං තත්ත්වය , ආධාර ලබාදීම් ආදිය සොයා බැලීම සදහා අපි එහි ගියෙමු. 

ඊතලවදදවව පරණ රජමහ වහරය වහරධපත පජ ය ඉහළ හලමලලව ධමමතලක හම


අතිගරු ජනාධිපති තුමන් පසුගිය දා පැමිණි ඊතල්විද්ද වැව රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය විහාර හල්මිල්ලෑවේ ,  ධම්මතිලක හිමියන් අපට කරුණු පැහැදිලි කළේ ය. උන් වහන්සේ සදහන් කරන පදිරි විවිධ ස්ථානවල ජල ටැංකි තබා ඒවාට ජලය පිරවීම යෝග්‍ය නැත. ප්‍රමිතියකින් තොරය. ප්‍රදේශයේ බොහෝ දෙනෙක් වකුගඩු රෝගයෙන් පීඩා විදී . මේ තත්ත්වය මත ලබා ගන්නා ජලය නිසි ප්‍රමිතියක නොමැති වුව හොත් ගැටළු කාරි ය. ජලය ලබාදීමේ ක්‍රමවේදය වෙනස් කිරීම මුලික අවශ්‍යතාවක්ව පැවැති බව විහාරාධිපති හිමියෝ ප්‍රකාශකර සිටිති. දැන් එය එලෙසම සිදුවී තිබේ. විහාරස්ථානයේ ජල පෙරනයක් සවිකර පවුල් හාරසියයකට ජලය ලබාදීමේ වැඩපිලීවෙළ දැන් ක්‍රියාත්මක වේ. ධම්මතිලක හිමියන් මෙසේ ද පැවසී ය. 


“ ජනාධිපතිතුමා ආවට පස්සේ අපිට ගොඩාක් උදව් කළා . ජනාධිපතිතුමා ඇතුළු සියලුම නිලධාරීන් අපි වෙනුවෙන් ඇපකැපි වීම පිළිබදව අපි සතුතට පත්වෙනවා. ජනාධිපතිතුමාටත් , අපේ දිසාපතිතුමා ඇතුළු නිලධාරීන්ටත් පුණ්‍යානුමෝදනා කරනවා. ”


කැබිතිගොල්ලෑවේ ජල ගැටලුව පවතින බොහෝ ප්‍රදේශවල ජල පෙරන යන්ත්‍ර සවිකර තිබේ. ඒවායින් ඔවුන් පිරිපහදු ජලය ලබාගනී. මීට අමතරව කැබිතිගොල්ලෑව අවට පිහිටි ස්වභාවික උල්පත් සංඛ්‍යාව විසිතුනක් පමණ වේ. ඒවායින් උල්පත් කිහියකින්ම ජලය ලබාගන්නේ කලක සිටයි. සහනදායී පදනම යටතේ ගමටම ගොස් ජලය ලබාදීමේ වැඩපිළිවෙළක් ද තිබේ. ගල්කන්දෑව , පුලියංකුලම , ඉහළවැව , පහළ ගම , ඊතල්විද්ද වැව, කෝන්වැව , ගලවැව , කහට ගොල්ලෑව , ආදී ප්‍රදේශවලට ජලය පිලිබදව අර්බුදය මතු වු අතර දැනට එහි එවැනි තත්ත්වයක් දක්නට නැත. බවුසර් මගින් ජලය ලබාදීමේ කටයුතු ද නිරන්තරවම සිදුවේ. රජය මගින් සහන සැලසීම පිළිබදව ඔවුන් සිටින්නේ ප්‍රසාදයකින්. කහට ගොල්ලෑවේ ලාලනී නිසංසලා සතුටු සිතින් මෙසේ කීවාය. 


“ ජනාධිපතිතුමන් අපි ලගට ඇවිල්ල දක්වපු සහය ඉතා ඉහළයි. අපේ කටුක ජීවිතය දකින්න අපි ළගට පැමිණීම අපි ලබපු භාග්‍යක් හැටියට සලකනව ,,

කෝන්වැවේ එස් . ජයසිංහ මහතා ගමේ සියලුදෙනා වෙනුවෙන් කතා කළේ ය. 


“ දැං අපේ ගමට ටැංකි වැඩිකරල වතුර දෙනවා. කිසිම ගැටලුවක් නෑ. ආපදා එකේ මහත්තුරු නිතරම එනවා. වතුර ටික පරිස්සමෙන් පාවිච්චි කරන්නත් ඒ මහත්තුරු උපදෙස් දෙනවා. ,,



මෙම සංචාරයේ දී සෑම තරාතිරමකම අය සමග අපි සංවාදයේ යෙදුනේ , මෙම ඇත්ත නැත්ත හරිහැටි දැන ගැනීමේ අදහසිනි. පාසල් වයසේ දියණියක් මහත් උද්යෝගයෙන් කතා කළේ , මිනිසුන්ගේ අවස්ථානුකූල යැපුම් මානසිකත්වයට ද පරිභව කරමිනි. 



“ මිනිස්සු හැමෝම හිතනව මොනවහරි නිකං දෙනවනම් ගන්න, අපි ඉගෙනගෙන තියෙන්නේ මිනිසුන්ගේ යැපුම් මානසිකත්වය තියෙන තාක්, රටක් සංවර්ධනය වෙන්නේ නෑ කියලා. මේ වෙනකොට මිනිස්සු පීඩාවට පත්වෙලා ඉන්න බව ඇත්ත. ඒ වුනාට ඒක පිට දාල හැම වෙලාවෙම ඉල්ල ඉල්ල ඉන්න හදන එකනම් ඒ තරම් හොද දෙයක් නෙවෙයි. පාසල් වයසේ ඉන්න අපිට ඒක වැඩිහිටියෝ දෙන හොද ආදර්ශක් නෙවෙයි. ‍,,



ඇය තව තවත් කරුණු කියාගෙන ගියා ය. අවශ්‍ය වනනේ එම ආකල්පමය වෙනසයි. එහෙත් ඊට නිසි සමාජානුයෝජනය දෙන  වැඩිහිටියන් අදාල සමාජානුයෝන භුමිකාව වැරදි අතට පරිහරණය කරමින් සිටී. මෙය සංවර්ධනයට සෘජු බාධකයකයකි. 



නියං සහනාධාර බෙදීමේ වැඩපිළිවෙළ අති සාර්ථකව සිදුවේ.  මෙවැන්නක දී හැමෝටම මෙම ලබාගැනීමේ අවශ්‍යතාව මතුව තිබේ. එහෙත් සහනාධාර අවශ්‍ය නොවන පුද්ගලයෝ ද සිටිති.  ඔවුන්ගේ පරම සතුරන් වන්නේ නිලධාරින් ය. එවිට නිලධාරීන්ට එල්ල වන චෝදනා , විවේචන අපමණය. විශේෂයෙන් එවැන්නන් මාධ්‍ය හරහා සරණ පතන්නටත් උත්සාහ දරයි. එවිට නැති අර්බුද මතුවේ. කෙසේ වෙතත් වියළි සලාක බෙදා දිම විවිධ ස්ථාන වල දී සාර්ථකව සිදුවන අයුරු අපගේ කැමරාවේ සටහන් විය. කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් චන්දන අනුරුද්ධ පියදාස මහතා අප සමග පැවසුවේ නියං සහනාධාර ලබාදීමේ දෙවන අදියරද ආරම්භ කිරිමට නියමිත බවයි. 


කවුරුන් මොනවා කීවද , මාධ්‍යයෙන් කවර කතා කළ ද දිගින් දිගටම ජනතාව අතරට ගොස් ඔවුන්ට සැබැවින් ම ඇති ලුහුඩුතා මොනවාද යන්න සොයාබැලීමේ සිත් පහළ කරගත් අපි කුංචුට්ටු කෝරළයේ ඒ ගෞරවාන්විත මිනිසුන්ට තාවකාලික සමුගැනීමක් සටහන් කළෙමු. 



කැබිතිගොල්ලෑවේ ක්ෂේත්‍ර චාරිකවෙන් පසුව 

ෂෙල්ටන් ඉන්දික බණ්ඩාර 

රජයේ ප්‍රවෘත්ති නිලධාරී 

අනුරාධපුරය 

customer’පාරිභෝගිකයා දෙවියාය’ කියලා බොහොමයක් කඩ සාප්පුවල බෝඞ් ගහලා තිබෙනවා. ඒත් පාරිභෝගිකයින් බොහෝ දෙනෙක් කියන්නේ ‘බඩුවක් ගන්නකම් පාරිභෝගිකයා දෙවියා වෙනවා තමයි ඊට පස්සේ බල්ලෙක් තරම්වත් ගණන් ගන්නේ නැහැ’ කියලා. 

Denguමුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණය යටතේ සියළුම මාධ්‍ය ආයතන, සියළුම ජංගම දුරකථන සමාගම් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය එක්ව ඩෙංගු ව්‍යසනය තුරන්කිරීමේ ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.

vihara panathaවර්ෂ 1905 දී පමණ බෞද්ධ විහාර හා දේවාලගම්  පනතේ විධිවිධානයන්ගෙන් බෞද්ධ විහාර හා දේවාලගම්වලට සෑහෙන පමණ ආරක්ෂාවක් නොලැබී තිබෙන බැවින් ද එබඳු බෞද්ධ විහාර හා දේවාලගම්වලට සෑහෙන පරිදි ආරක්ෂාවක් ලැබෙන ලෙස  ඒ පිළිබඳ පාලන සංවිධාන ක්‍රමයක් සැලසිම යෝග්‍ය යැයි තීරණය කිරීමෙන් අනතුරුව  නීතිදායක මන්ත්‍රණ සභාවේ අනුශාසනයෙන් සහ අනු මතය පරිද්දෙන් 1931 අංක 19 දරණ  බෞද්ධ විහාර හා දේවාලගම් ආඥා පනත 1931ක් වූ ජුනි මස 26 වන දින දී ලංකා ආණ්ඩුකාරවරයා විසින් ගෙන එන ලදී.

esalaබුදුන් වහන්සේ අවබෝධ කළ උතුම් ධර්‍මය බරණැස ඉසිපතන මිගදාය නම් වූ උතුම් භූමිය තුළ දී තමා සමග සත්‍ය සෙවූ පස්වග තවුසන්ට දේශනා කළ සේක. ආලෝකෝ උදපාදි විජ්ජා උදපාදි වශයෙන් තුන් ලොවට උතුම් ධර්‍මය පහළ විය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.