• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජනතා සහාය නොමැතිව නිලධාරීන්ට පමණක් කෘෂිකර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ නොහැක

Matara GA office

මහජනතාවගේ සහයෝගය නොමැතිව කෘෂි කර්මාන්තයේ උන්නතිය හා පැවැත්ම වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ට පමණක් කටයුතු කළ නොහැකි බව මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් බන්ධුල රණවීර මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් පළ කළේ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට (2016 – 2018) අදාළ වන මාතර දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුව හා මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගරයේ දී පැවති අවස්ථාවේදී ය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ රණවීර මහතා පැවසුවේ කුඹුරු ඉඩම් ගොඩකිරීම, යෝධ නිදිකුම්බා වැනි ආක්‍රමණික ශාක පැතිරීම, පුරන් කුඹුරු අස්වැද්දීම හා අවශ්‍ය පාරිසරික තත්ත්වයන් තිබියදී නියමිත කාලසීමව තුළ වගා කටයුතු සිදු නොකිරීම ආදී කරුණු වලදී ගොවීන්ගේ හා මහජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බවත්, එය ඔවුන්ගේ වගකීමක් හා යුතුකමක් බවත් ය.

ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට අදාළ ව දැනට ක්‍රියාත්මක කරමින් පවතින යෝජනා පිළිබඳ ප්‍රගතිය හා ඉදිරි කටයුතු පිළිබඳව මෙහි දී විමසා බැලිණි.

කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී පසුගිය කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී ගන්නා ලද තීන්දු තීරණ ක්‍රියාත්මක වීම පිළිබඳ ප්‍රගතිය, කෘෂිකර්මාන්තයට සම්බන්ධ ආයතනවල මාසික ප්‍රගතිය, ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවලින් පැන නගින ගැටලු පිළිබඳව, දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව වෙත එවන ලද ලිපි පිළිබඳව, පසුගිය කන්නයේ හා ඉදිරි කන්නයේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳව සාකච්ඡා කරන ලදි.

මේ අවස්ථාව සඳහා දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රා‍දේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ අදාළ කමිටුවල සාමාජිකයින් සහභාගි වී සිටියහ. මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය කෘෂිකර්ම අංශය රැස්වීම් සංවිධානය කරන ලදි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.