• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමක් මාතර දී

GalleDistrictMapරාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක් දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යංශය කටයුතු යොදා තිබේ.

එම වැඩසටහන් මාලාවේ මාතර දිස්ත්‍රික් වැඩසටහන මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙහි දී රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම හා ඒ හා සම්බන්ධ නීතිය පිළිබඳව දැනුම්වත් කිරීමේ දේශනය ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් බුද්ධප්‍රිය නිගමුණි මහතා (විශ්‍රාමික) විසින් සිදු කරන ලදී.

භාෂා සැලසුම් සකස් කිරීම පිළිබඳව රාජ්‍ය ආයතන සතු වගකීම පිළිබඳව දැනුම්වත් කිරීමේ දේශනය ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශයේ භාෂා සැලසුම් තාක්ෂණික නිලධාරී ඥානි වික්‍රමසිංහ මහත්මිය විසින් සිදුකරන ලදි.

මේ අවස්ථාව සඳහා මාතර දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් ප්‍රාදේශිය ලේකම්වරු, සහකාර ප්‍රාදේශිය ලේකම්වරු, පළාත් පාලන ආයතන ප්‍රධානීන්, ප්‍රාදේශිය සභා ලේකම්වරු සහ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.