• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

“තොරතුරු දැනගැනීමේ අයිතිය සහ එහි වැදගත්කම”

GalleDistrictMap

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සංවිධානයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සම්බන්ධීකරණය කරනු ලබන දිස්ත්‍රික් මාධ්‍ය වැඩමුළුව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ (13) වන දින ගාල්ල සමුද්‍ර මාවතේ  පිහිටි sea line හෝටලයේදී  පෙ.ව 8.30 ට  පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.


“තොරතුරු දැනගැනීමේ අයිතිය සහ එහි වැදගත්කම” වැඩමුළුවේ තේමාවයි. තොරතුරු දැන ගැනීමේ අයිතිය මේ වන විට පාර්ලිමේන්තුව තුළ සම්මත වී ඇති අතර මාධ්‍යයට ඒ සම්බන්ධව හිමි කාර්යය භාරය දැනුවත් කිරීම මෙහි මූලික ම අරමුණයි.

මෙහි ආරාධිත දේශන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ  සභාපති අධිනීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල , හිටපු දිවයින ප්‍රධාන කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී  ගාමිණී සුමනසේකර  සහ ඉරිදා ලංකාදීප ප්‍රධාන කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත යන මහත්වරුන‍් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.