• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

දකුණු පළාත් පරිසර නියමු කඳවුර අද සිට

envernment camp Mathara

පරිසර සංවේදී අනාගත පරපුරක් ලක් දෙරණ මත බිහිකරනු වස් මධ්‍යම පරිසර අධිකාරිය සහ දකුණු පළාත් සභාවේ ධීවර, පරිසර කටයුතු අමාත්‍යාංශය හා එක්ව ක්‍රියාත්මක කරන දකුණු පළාත් පරිසර නියමු කඳවුර මාර/මිරිස්ස මධ්‍ය මහා විද්‍යාලීය පරිශ්‍රයේ දී අද (02) ආරම්භ කෙරේ.


දකුණු පළාත් සභාවේ ධීවර, පරිසර කටයුතු අමාත්‍ය එච්.ඩබ්. ගුණසේන, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කේ.එච්. මුතුකුඩ ආරච්චි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය අද පෙරවරුවේ ආරම්භ කෙරුණ අතර, හෙට (03) සහ (04) යන දෙදින පුරාත් මෙම පරිසර නියමු කඳවුර පැවැත්වීමට නියමිත වේ.

මේ අවස්ථාවට ප්‍රදේශයේ පාසල්වල පරිසර නියමු භට කණ්ඩායම් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිත ය.

IT-Matara( DMU)

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.