• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ බක්මහ උළෙල අප්‍රේල් 25දා දෙපාර්තමේන්තු පරිශ්ර්යේ දී

bakmaha ulelaරජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවක සුබසාධක සංගමය මගින් සිව්වන වරටත් සංවිධානය කරනු ලබන "බක්මහ උළෙල - 2015" අප්‍රේල් මස 25දා දවස පුරා දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී පැවැත්වීමට විධිවිධාන යොදා ඇත.

බක්මහ උළෙල ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන, වැඩබලන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩබ්.ටී.එන්. අමරතුංග යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ. මේ සඳහා ජනමාධ්‍ය ආයතනවල ප්‍රධානීන් ඇතුළු ජනමාධ්‍ය අමාත්‍යංශයේ හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සහභාගිවීමට නියමිතය.

මෙවර බක්මහ උළෙල කඹ ඇදීම, විකට ඇඳුම් තරගය, සිඟිති අවුරුදු කුමාරා සහ කුමාරිය තේරීම, කනා මුට්ටිය බිඳීම, කොට්ට පොර ගැසීම ඇතුළු ජන ක්‍රීඩා සහ අවුරුදු විශේෂාංග රැසකින් සමන්විතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.