• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

nimal bopageපාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නිමල් බෝපගේ මහතා මෙම මස 25 වන දින පෙ.ව. 11.30 ටඑම අමාත්‍යාංශයේදී වැඩ බාර ගැනීමට නියමිතයි.


කොළඹ විශ්වවිද්‍යාලයේ නීති උපාධිධරයෙකුවන නිමල් බෝපගේ මහතා වෘත්තියෙන් නීතිඥයෙක් මෙන්ම ගණකාධිකාරීවරයෙක් ලෙස කටයුතු කරයි. ඔහු නීතිය හා ගණකාධිකරණය පිළිබඳව ප්‍රකට දේශකයෙකි.
වර්තමාන රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපති ධූරය හොබවන ඒ මහතා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හා මානව සම්පත් සංවර්ධන සභාව යන ආයතනවල සභාපති ධූරය හොබවා ඇත. එමෙන්ම ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරියේ උප සභාපතිවරයෙක් ලෙසත් කටයුතුකර ඇත.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හිටපු නිලධාරියෙක් වන නිමල් බෝපගේ මහතා රාජ්‍ය අමාත්‍යාංශ කිහිපයක තනතුරු කිහිපයක් හොබවා ඇති අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයක උපදිසාපතිවරයෙක් ලෙස ද සේවය කර ඇත.

 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.