• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

හෙට උසස් පෙළ සිසුන් කලබල ඇතිකළොත් නීතිමය පියවර

Exam dep logoමෙම වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගය හෙටින් (04) අවසන් වන අතර විභාගය අවසන් වීමෙන් පසු විභාග අපේක්ෂකයින් මධ්‍යස්ථානයෙන් හා ඉන් පිටතදී කලබලකාරී ලෙස හැසිරුණහොත් නීතිමය පියවර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

 



ඒ අනුව සිසුන් කලබලකාරී ලෙස හැසිරුනොත් පොලිස් අත්අඩංගුවට පත් කිරීම හා මෙම විභායේ සියලුම ප්‍ර‍තිඵල අවලංගු කිරීමට කටයුතු කරන බව ඒ මහතා අවධාරණය කරයි.


මේ සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරුන්  දැනුම්වත් කර ඇති අතර එමෙන්ම ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් සියලුම ශාලාධිපතිවරුන් වෙත නිකුත් කර තිබේ.


මේ සම්බන්ධයෙන් යම් විමසීමක් වෙතොත් පහත සඳහන් දූරකතන අංකවලින් විමසීම් සිදු කළ හැකිය.


පාසල් විභාග සංවිධාන හා ප්‍ර‍තිඵල ශාඛාව - 0112784208, 0112784537/0113188350/0113140314


ෆැක්ස් අංකය - 0112784422

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.