• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රීලංකන් ගුවන් සමාගමින් ජනතාව වෙත විශේෂ නිවේදනක්

SriLankan Airlines logoශ්‍රීලංකන් එයාර්ලයින්ස් මගින් නොමිලේ ගුවන් ප්‍රවේශපත්‍ර ලබාදෙන බව පවසමින් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ  ගුවන් සේවා සමීක්ෂණයක් සිදුවෙන බව වාර්තා වන බැවින් ශ්‍රීලංකන් ගුවන් සමාගම එවැනි කිසිදු ප්‍රවේශ පත්‍ර ලබාදීමක් නොකර බව දැනුම් දී සිටියි. එසේම එය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රවර්ධන කටයුක්තක්ද නොවන බව ඉතා වගකීමෙන් සදහන් කරයි. 


එය අපගේ වටිනා පාරිභෝගිකයින් නොමඟයැවීමට උත්සාහ කරන ව්‍යාජ වෙබ් අඩවියක් මගින් සිදුකරන්නකි. කරුණාකර ශ්‍රීලංකන් එයාර්ලයින්ස් වෙබ් අඩවියට සෘජු සම්බන්ධයක් නැති ඕනෑම වෙබ් අඩවියකට පිවිසීමට උත්සහ නොකරන්න. මේ වන විට ශ්‍රීලංකන් ගුවන් සමාගම ‘Partner Flies Free’ දීමනාව  www.srilankan.com වෙබ් අඩිවිය  හරහා පමණක් පාරිභෝගිකයන්ට නොමිලේ ගුවන් ගමන් ප්‍රවේශ පත් පිරිනැමීමට කටයුතු  කර ඇත.


ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සෘජුව මැදිහත් වීමකින් සිදු නොකරන ප්‍රවර්ධන ව්‍යාපාර සම්බන්ධයෙන් කිසිදු වගකීමක් ශ්‍රීලංකන් ගුවන් සමාගම නොගන්නා බවද දැනුම් දී සිටිය
ි . ශ්‍රීලංකන් එයාර්ලයින්ස් ලබාදෙන ඕනෑම වෙනත් ප්‍රවර්ධන දීමනා සඳහා www.srilankan.com වෙබ් අඩවියට පිවිසීමෙන් මහජනතාවට  දැනගත හැකි අතර එය අපගේ එකම නීත්‍යානුකූල වෙබ් අඩිවිය වේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.