• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

තම සිතැඟි පරිදි බදු සහන ලබාදීමට තිබෙන බලය දේශීය ආදායම් පනත මගින් ඉවත් කෙරේ

Hon mangala samaraweeraදේශපාලනික අවස්ථාවාදියෙකු ලෙස කටයුතු කරමින් පාලන තන්ත්‍රය තුළ බේද ඇතිකිරීමට විවිධ කුමන්ත්‍රණ කරමින් සිටින කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අනුගමනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අන්ධයෙකු මෙන් දේශීය ආදායම් පනත පිළිබඳව විවිධ විකෘති ප්‍රකාශ කරමින් සිටිනවා යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.

 



නව දේශීය ආදායම් පනත ස්වජාතිකයන් වනසන විජාතිකයන් සනසන එකක් යැයි පවසා ඇති බන්දුල ගුණවර්ධන මහතාට තමන්ද නියෝජනය කළ පසුගිය රජය විසින් උපායමාර්ගික සංවර්ධන පනත හරහා විජාතිකයන් හට මහා පරිමාණ බදු සහන හා විරාම එකල ආර්ථික ඝාතකයන් විසින් ලබාදුන් යුගය අමතක වී දැයි ප්‍රශ්න කළ යුතුය.


තමන්ට කොමිස් කුට්ටි ලබාගැනීම සඳහා ඉහත පනත උපයෝගී කරගෙන තම සහචරයන්ට හා තෝරාගත් විදේශිකයන් හට දීර්ඝකාලීන විවිධ බදු සහන හා විරාම දිගුකලකට ලබාගැනීමට ඉඩ සැලසූ පසුගිය 
රජයේ ක්‍රියා කලාපය හේතුවෙන් රටේ සමස්ත ජනගහනයෙන් 10% ක් පමණ වූ පිරිස ආර්ථිකයේ 54% ක ප්‍රතිලාභ භුක්ති විදීමට තරම් විකෘති තත්ත්වයක් රටේ ඇතිවූයේ පසුගිය රජය හොර රහසේ ක්‍රියාත්මක කළ බදු සහන දීමේ ප්‍රතිපත්තිය නිසාය.


එහෙත් වත්මන් රජය මෙතෙක් අමතක කර තිබූ දේශීය ආයෝජකයන් ඇතුළු සියළු දෙනාට තම ආයෝජනයට සරිලන අයුරින් බදු සහන ලබාදීමේ පාරදෘශ්‍ය ක්‍රමවේදයක් නව දේශීය ආදායම් පනත මගින් හඳුන්වා දී තිබේ. බදු සහන හා බදු විරාම ලබාගැනීම සඳහා දේශපාලඥයන්ට හෝ ඔවුන්ගේ ගෝලබාලයින්ට දොල පිදේනි දී පසුපසින් යාමේ යුගය මෙම රජය මෙම පනත මගින් අවසන් කර තිබේ.


ආයෝජකයන් සඳහා ලැබෙන බදු සහන පිළිබඳව නව පනතේ නිශ්චිතව අර්ථ දක්වා ඇති හෙයින් තමන්ට ලැබෙන බදු සහන කොපමණදැයි ඕනෑම ආයෝජකයෙකුට කල් තියා දැනගැනීමට හැකිවේ. යහපාලන සාරධර්මයන් මුදුන් පමුණුවා, සැමට සම අවස්ථා දීමේ මෙම වැඩපිළිවෙළ ශක්තිමත් කරමින් මෙතෙක් තම අභිමතය පරිදි අක්‍රමිකව විවිධ බදු සහන ලබාදීම සඳහා විවිධ අමාත්‍යවරුන්, දෙපාර්තමේන්තු හා ආයතනික ප්‍රධානීන්ට ලබාදී තිබූ අභිමතානුසාරී බලය මෙම නව දේශීය ආදායම් බදු පනත සම්මත වීමත් සමග අහෝසි කිරීම දරාගත නොහැකිව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායමක් මෙම පනත පිළිබඳව විවිධ බොරු ගොතමින් ජනතාව රැවටීමට හා නොමග යැවීමට උත්සාහ දරමින් සිටියි.


විවිධ බදු සහන හා විරාම ලබාදීම සඳහා මෙතෙක් රටේ මුදල් අමාත්‍යවරයාට හිමිව තිබූ බලය පවා මෙම පනත සම්මත වීමත් සමග නිශේධ වනු ඇත.


රුපියල් හය ලක්ෂයක වාර්ෂික ආදායම් ලබන පවුල්වල සාමාජිකයෙක්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හා ආගමික සිද්ධස්ථානද මෙම නව පනතින් බදුකරණයට ලක්වෙනවා යැයි ජනතාව නොමග යැවීමට විපක්ෂය විවිධ ප්‍රකාශ කළ ද ඒවායේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව නව දේශීය ආදායම් පනත් භාර අමාත්‍යවරයා වශයෙන් සමස්ත ජනතාවටත්, ආගමික සිද්ධස්ථානයන්හි භාරකරුවන්ටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා දන්වා සිටියි.


ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නගා ජනතාවට ආර්ථික නිදහස ලබාදීමේ මෙම රජයේ වැඩපිළිවෙළ යටතේ ව්‍යවසායකයන්, සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්, ගොවීන් මෙන්ම මාධ්‍යවේදීන්ටද පොළී සහන යටතේ නව ණය යෝජනා ක්‍රම අටක් සැප්තැම්බර් මස සිට රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා ආරම්භ කිරීමට නියමිත අතර, එමගින් ඔවුන්ගේ හැකියාවන් අනුව මෙම නව දේශීය ආදායම් පනතේ විධිවිධාන පරිදි බදු සහන හා බදු විරාමයන් තම ආයෝජනයට සාපේක්ෂව ආර්ථිකයේ සියලු ක්ෂේත්‍රයන්හි නිරත වූවන්ට මෙම රජය මගින් අවස්ථාව ලබාදී තිබේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.