• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

“කලණ මිතුරු – පොත් සුමිතුරු” වැඩසටහනේ සමාරම්භය අද ජනපති ප‍්‍රධානත්වයෙන්

FOS Media Book Donation 1 1“කලණ මිතුරු – පොත් සුමිතුරු” පාසල් සිසුන්ගේ කියවීමේ රුචිය වර්ධනය කිරීමේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (06) කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වේ.


ලබන මාසයට යෙදෙන ජාතික කියවීමේ මාසයට සමගාමීව ජනාධිපති කාර්යාලයේ සංවර්ධන හා විශේෂ ව්‍යාපෘති අංශය මගින් මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කරනු ලබන අතර, සමබර පෞරුෂයකින් හෙබි දරුවෙකු බිහිකිරීම සඳහා දැනුමෙන් පෝෂණය කිරීම මෙන්ම සාහිත්‍ය රසවින්දනයට හුරු කරවීම මෙමගින් අපේක්ෂා කෙරේ.


මෙහි පළමු අදියරේදී දිවයින පුරා පිහිටි උසස් පෙළ පන්ති සහිත පාසල් 2820 සඳහා වැඩසටහන කි‍්‍රයාත්මක කෙරේ.


එම පාසල් සඳහා සිංහල, දෙමළ හා ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් ලියවුණු පොත් කට්ටල 2 බැගින් ලබාදීමට නියමිතය.


දීප ව්‍යාප්ත මට්ටමින් තරගාවලියක් පවත්වා පොත් කියවීම පිළිබඳව දරුවන්ගේ උනන්දුව වර්ධනය කිරීමේ වැඩසටහනක් ද මේ හා සමගාමීව කි‍්‍රයාත්මකය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.