• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රී ලංකාවේ උසම ඉදිකිරීම ලෙස සැලකෙන නෙළුම් කුළුණෙහි ඉදිකිරීම් කටයුතු ජනපතිගේ නිරීක්ෂණයට

He news 2017 9 05ශ්‍රී ලංකාවේ උසම ඉදිකිරීම ලෙස සැලකෙන නෙළුම් කුළුණෙහි ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඊයේ (05) පෙරවරුවේ එක් විය.


අදාළ ඉංජිනේරුවන් සමඟ සුහද කථා බහක නිරතවෙමින් පවතින අඩුපාඩු පිළිබඳ ව විමසා බැලු ජනාධිපතිතුමා ව්‍යාපෘතියේ කටයුතු කාර්යක්ෂම කිරීමට ද උපදෙස් ලබා දුන්නේය.


ඉදිකිරීම් අවසන් වූ පසු අකුණු සන්නායක කණුවද සහිතව කුළුණේ සම්පූර්ණ උස මීටර් 350 ක් වන අතර මහල් තුනකින් සමන්විත එහි සුඛෝපභෝගී සාප්පු සංකීර්ණ, භෝජනාගාර, උත්සව ශාලා හා නැරඹූම් මැදිරියක් ද ඉදිකෙරේ.


මෙම සියලු ඉදිකිරීම් ලබන වසරේ මාර්තු මාසය වන විට අවසන් කිරීමට අපේක්ෂිත බව මෙහිදී ඉංජිනේරුවෝ ප‍්‍රකාශ කළහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.