• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ සේවයේ නියුතුව සිටියදී මියගිය පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් නව නිවසක්

He news 2017 9 9 22ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ සේවයේ නියුතුව සිටියදී 2015-09-10 වන දින සිදුවූ හදිසි රිය අනතුරකින් මියගිය පොලිස් කොස්තාපල් එන්. ප්‍රේමදාස මහතාගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් මහනුවරල දිගන ප්‍රදේශයේ ඉදිකළ නව නිවස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (08) පෙරවරුවේ ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙත භාරදෙනු ලැබීය.


මෙම නිලධාරියාගේ අභාවයෙන් අසරණ වූ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්ගඑම්ග වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් එහි සියලු සහෝදර නිලධාරින්ගේ දායකත්වයෙන් රුපියල් ලක්ෂ 22 කට ආසන්න මුදලක් වැය කරමින් මෙම නිවස ඉදිකර තිබේ.


ඒ සදහා අවශ්‍ය ඉඩම ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මහවැලි සංවර්ධන අධිකාරිය විසින් ලබා දී තිබේ.


නව නිවස විවෘත කළ ජනාධිපතිතුමා පොලිස් කොස්තාපල් එන්. ප්‍රේමදාස මහතාගේ පියාණන් වූ ඩී.ජී. ප්‍රේමදාස මහතා ඇතුළු පවුලේ සාමාජිකයින් සමග සුහද කථා බහක ද නිරත විය.


ජනාධිපතිතුමාගේ පැමිණිම සැලවීමෙන් ප්‍රදේශවාසී ජනතාව එම ස්ථානයට රැස්ව සිටි අතර ඔවුන්ගේ ද තොරතුරු විමසූ ජනාධිපතිතුමා ඔවුන් විසින් ඉදිරිපත් කළ ගැටලු කිහිපයක් පිළිබදව ද අවධානය යොමු කළේය.


මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා සහ ජනාධිපති ආරක්ෂක අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සාමාජික සාමාජිකාවන් මෙම අවස්ළුාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.