• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මි.මි.75-100ක තද වැඩි ඇතිවිය හැකියි- වැසි තත්ත්වය තව දුරටත්

raignදිවයිනේ, විශේෂයෙන් නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තුවන අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 



බස්නාහිර, දකුණු,
සබරගමුව ,මධ්‍යම සහ වයඹ පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සමහර ප්‍රදේශවල, විශේෂයෙන් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට ඉතා තදවැසි (මි.මි.100-150කපමණ) ඇති වියහැක.


උතුරු පළාතේ උදය කාලයේදී වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට තරමක් තද වැසි (මි.මි.75-100කපමණ) ඇතිවියහැක.


දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස 2.00න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ. සමහර ප්‍රදේශවල, විශේෂයෙන් ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට තරමක් තදවැසි (මි.මි.75-100ක පමණ) ඇතිවියහැක.


දකුණු පළාතේ විටින්විට හමන පැ.කි.මී. 40-50 දක්වා තරමක් තද සුළං බලාපොරොත්තු වියහැක.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.