• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රණවිරුවන්ගේ ආරක්ෂාවට අදාළව රජයේ ප‍්‍රතිපත්තිමය වැඩපිළිවෙළ ඉතා ශක්තිමත් බව ජනපති පවසයි

He news 2017 9 11 11හමුදාපතිවරයාගේ සිට අවසාන යුද සෙබළා දක්වා ඉහළ සිට පහළට සියලු රණවිරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය පෙනී සිටින බව ද ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා කිසිදු විදේශ බලවේගයකට අපගේ රණවිරුවන්ට අත තැබීමට ඉඩ නොතබන බවට වූ පැහැදිලි ප‍්‍රතිපත්තිය තුළ රජය කටයුතු කරන බව ද අවධාරණය කළේය.



ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ හොරොව්පතාන රිටිගහවැව විහාරස්ථානයේ ඉදිකෙරුණු ප‍්‍රති ආශ‍්‍රැතිකරණ ජල පද්ධතිය ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට ඊයේ (10) පෙරවරුවේ එක් වෙමිනි.


අද රජයට එරෙහිව දේශපාලන කටයුතුවල නිරතව සිටින එක්තරා විශ‍්‍රාමික හමුදා නිලධාරියෙකු, තමා දුටු පිළිකුල්ම දේ ආණ්ඩුව ආබාධිත රණවිරුවන්ට එළව එළවා පහරදීම, බවට කර තිබූ ප‍්‍රකාශය ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ ආණ්ඩුවට එරෙහිව ආබාධිත රණවිරුවන් මෙහෙයවමින් එම ස්ථානයට රණවිරුවන් නොවන පිරිසක් ගෙනවිත් දමා පොලීසිය සහ එම පිිරිස අතර ගැටුමක් නිර්මාණය කර නොසන්සුන් තත්ත්වයකට පසුබිම නිර්මාණය කළ එම පිරිසම අද ඒ පිළිබඳව ආණ්ඩුවට චෝදනා කරන බවයි.


කවුරුන් කුමන කුමන්ත‍්‍රණ දියත් කළද මේ රටේ රණවිරුවන්ගේ ආරක්ෂාව මෙන්ම සුබසාධනය උදෙසා රජය නිරන්තරයෙන්ම කටයුතු කරන බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.


වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන යටතේ වකුගඩු රෝග අවදානම සහිත ප‍්‍රදේශවල ජනතාවට පිරිසිදු පානීය ජල සම්පාදනය සඳහා ඉදිකරන ලද 250 වන ප‍්‍රතිආශ‍්‍රැතිකරණ ජල පද්ධතිය මෙය වන අතර, රුපියල් මිලියන 383 ක වියදමින් ප‍්‍රතිආශ‍්‍රැතිකරණ ජල පද්ධති 249 ක් මේ වන විට අදාළ ප‍්‍රදේශ තුළ ඉදිකර තිබේ.


මේ හා සමගාමීව අනුරාධපුර දිස්ති‍්‍රක්කය තුළ ඉදිකරන ලද තවත් ප‍්‍රති ආශ‍්‍රැතිකරණ ජල පද්ධති 10 ක් දුරස්ථ සන්නිවේදන තාක්ෂණය උපයෝගී කර ගනිමින් ජනතා අයිතියට පවරාදීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.


අඩු ආදායම්ලාභි වකුගඩු රෝගී පවුල් සඳහා නිවාස ආධාර ප‍්‍රදානය, වකුගඩු රෝගයෙන් මව හෝ පියා අහිමි වූ අ.පො.ස සාමාන්‍ය ප‍ෙළ සහ අ.පො.ස උසස්  ‍‍පෙළ හදාරන සිසුන් සඳහා ශිෂ්‍යත්ව ප‍්‍රදානය, ගෘහස්ථ ජල පෙරණ යන්ත‍්‍ර 600 ක් ලබාදිම, වකුගඩු රෝගී අවදානම් ප‍්‍රදේශ සඳහා ප‍්‍රති ආශ‍්‍රැතිකරණ ජල පද්ධති ලබාදීමට අදාළ ප‍්‍රතිලාභීන් සඳහා සහතික පත් ප‍්‍රදානය ඇතුළු වැඩසටහන් රැසක් ද මෙහිදී සිදු කෙරිණි.


පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ පවුල් පන්දහසක් සඳහා නව ජල සම්බන්ධතාවය ලබාදීම වෙනුවෙන් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය වෙත වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකාය මගින් පිරිනමන රුපියල් මිලියන 45 ක මුදලට අදාළ චෙක්පත පිළිගැන්වීමද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.


වකුගඩු රෝග නිවාරණ වැඩපිළිවෙළ සඳහා ශී‍්‍ර ලංකා නාවික හමුදාව ලබාදෙන දායකත්වය අගයමින් කපිතාන් එම්.සී.ඊ. දිසානායක මහතා වෙත තිළිණයක් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.


මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ වකුගඩු රෝග නිවාරණ අංශ ශක්තිමත් කිරීම මෙන්ම එම රෝගය පවතින ප‍්‍රදේශවල ජනතාවගේ ආර්ථික සංවර්ධනය පිළිබඳව ද රජය දැඩි අවධානයකින් කටයුතු කරන බවයි.


මේ අතර හොරොව්පතාන රුවන්වැලි මධ්‍ය මහා විද්‍යාලයේ පාසල් සිසුන් සඳහා පානීය ජල අවශ්‍යතා සපුරා දෙන ලෙස මෙන්ම ඩෙස් පුටු හිඟය පිළිබඳව ලිපියක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණු අතර උතුරු මැද පළාතේ සියලුම පාසල්වල පානීය ජල අවශ්‍යතා සපුරාලීමට සහ ඩෙස්පුටු ලබාදීම සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන ලබාදී තිබියදී එය නොකිරීම බරපතළ වැරැද්දක් බව නිලධාරින්ට අවධාරණය කළ ජනාධිපතිතුමා එම අඩුපාඩු කඩිනමින් සපුරාදෙන බවට දරුවන්ට සහතික විය.


හොරොව්පතාන බද්යුදීන් මහමුද් මහා විද්‍යාලයේ දරුවන් සඳහා බාලිකා නේවාසිකාගාරයක් ලබාදෙන ලෙස කළ ඉල්ලීම පිළිබඳව අවධානය යොමු කළ ජනාධිපතිතුමා ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන කඩිනමින් ලබාදෙන බව ප‍්‍රකාශ කළේය.


එමෙන්ම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ වැලිමුවපොතාන ගම්මානය මතින් තොර ගම්මානයක් බවට පත්කිරීම පිළිබඳව ජනාධිපතිතුමා වෙත උපහාරය පුද කරමින් එම ගම්මානයේ ළමා සමාජයේ දරුවන් විසින් ජනාධිපතිතුමා වෙත උපහාර තිිළිණයක් ද පිළිගැන්වූහ.


හොරොව්පතාන ශී‍්‍ර සද්ධර්ම විහාරස්ථානයේ විහාරාධිපති වටුලෑවේ ධම්මජෝති නායක හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, පී. හැරිසන්, උතුරු මැද ආණ්ඩුකාර පී.බී. දිසානායක, හිටපු අමාත්‍ය තිස්ස කරලියද්ද යන මහත්වරුන් ඇතුළු පළාත් මහජන නියෝජිතයින් සහ වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකායේ ව්‍යාපෘති අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් ද, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට‍්‍රැවිස් සින්නයියා යන මහත්වරුන් ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.