• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

“වැවක් සමග ගමක්” වැඩසටහනේ 50 වන වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන්

 
He news 2017 9 11 233ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවා තිබෙන”වැවක් සමග ගමක්” ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතියේ 50 වන වැඩසටහන පොළොන්නරුව, කවුඩුල්ල, මිරිස්හේන ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පැවැත්විණි. 



කවුඩුල්ල මිරිස්හේන ග්‍රාමීය සංවර්ධන කටයුතු මෙහිදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු අතර ප්‍රදේශයේ ධීවර ජනතාවට නිවාස ආධාර ලබාදීම, ධීවර ආම්පන්න ප්‍රදානය සහ ධීවර කර්මාන්තය වෙනුවෙන් මූල්‍යාධාර ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.


මෙම අවස්ථාවේදී කුඩා දැරියක් ජනාධිපතිතුමා අසළට පැමිණ ජනාධිපතිතුමා හට සිය සෙනෙහස පෑ අයුරු සියල්ලන්ගේ අවධානය දිනාගත් සුවිශේෂ සිද්ධියක් විය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.