• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

2017 මහවැලි කී‍්‍රඩා උලෙළ සමාප්ති උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

He news 2017 9 11 44මහවැලි ගොවි දූ පුතුන්ගේ කී‍්‍රඩා දක්ෂතා උරගා බැලෙන වාර්ෂික මහවැලි කී‍්‍රඩා උලෙළ 29 වන වරටත් ඊයේ සහ අද දෙදින පුරා පොළොන්නරුව ජාතික කී‍්‍රඩාංගණයේදී පැවැත්වුණු අතර, එහි සමාප්ති උත්සවය ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (10) පස්වරුවේ පැවැත්විණි.


දිවයිනේ මහවැලි කලාප 10 කින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 4500 ක් පමණ මෙම කී‍්‍රඩා උලෙළට එක්ව සිටි අතර දක්ෂතා දැක්වූ කි‍්‍රඩක කි‍්‍රඩිකාවන්ට ජය සංකේත ප‍්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.


2017 මහවැලි කී‍්‍රඩා උලෙළ ජවන සහ පිටිය දක්ෂතම කී‍්‍රඩකයා ලෙස හුරුළු වැව කලාපයේ යූ.ආර්.ඞී. රාජපක්ෂ ජනාධිපතිතුමා අතින් ජය සංකේත ලබා ගත්තේය.


එමෙන්ම මීටර් 400 දිවීමේ තරගය තත්ත්පර 56 කින් නිමාකර නව තරග වාර්තාවක් පිහිටුවමින් 2017 මහවැලි කි‍්‍රඩා උළෙලේ ජවන සහ පිටිය දක්ෂතම කි‍්‍රඩිකාව ලෙස වලව කලාපයේ නදීෂා රාමනායක ජනාධිපතිතුමා අතින් ජය සංකේත ලබා ගත්තාය.


තරගාවලියේ සමස්ථ ශූරතාවය ලකුණු 82 ක් ලබා ගනිමින් මහවැලි බී කලාපය විසින් දිනාගත් අතර අනුශූරතාවය ලකුණු 63 ක් ලබා ගනිමින් මහවැලි එච් කලාපය විසින් හිමිකරගනු ලැබීය. තෙවන ස්ථානය ලබා ගන්නා ලද්දේ වික්ටෝරියා කලාපයයි.


එමෙන්ම මෙවර තරගාවලිය තුළ නව වාර්තා 05 ක් බිහි විය. 2018 මහවැලි කී‍්‍රඩා උලෙළවලව කලාපය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතය.


මෙම කී‍්‍රඩා උලෙළ ඇමතූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ මහවැලි ක්‍රීඩක කී‍්‍රඩිකාවන්ගේ දක්ෂතා මහවැලි කී‍්‍රඩා උලෙළට සීමා නොකර අඛණ්ඩව අවශ්‍ය පුහුණුවීම් සහ සම්පත් ලබාදීම අදාළ සියලු අංශවල වගකීම බවයි.


එමෙන්ම රජය කි‍්‍රයාත්මක කර තිබෙන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන සහ පරිසර සංරක්ෂණ වැඩසටහන වැනි ජාතික වැඩසටහන්වල ප‍්‍රබල නියමුවන් ලෙස මෙම තරුණ තරුණියන් සහභාගීකර ගැනීමේ හැකියාව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.


මහවැලි ගොවි ජනතාව සේම රටේ සමස්ත ගොවි ජනතාවගේ දායකත්වයෙන් රටට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කිරීම සඳහා රජය ආරම්භ කිරීමට නියමිත ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන ලබන ඔක්තෝබර් 05 වන දිනට යෙදෙන පුන් පොහෝ දින ආගමික ආශිර්වාද මධ්‍යයේ කි‍්‍රයාවට නංවන බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.


මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර, උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්වරුන් ඇතුළු පළාතේ මැති ඇමතිවරු සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ගෝඨාභය ජයරත්න, මහවැලි කේන්ද්‍රයේ අධ්‍යක්ෂ අනුර ලේකම්ගේ යන මහත්වරුන් ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.