• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නව රාජ්‍ය තාන්ත‍්‍රිකයෝ තිදෙනෙක් ජනපතිට අක්තපත‍්‍ර භාර දෙති

He news 2017 9 12ශී‍්‍ර ලංකාව සඳහා අලුතින් පත් කෙරුණු නව තානාපතිවරු තිදෙනෙකු ඊයේ (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත‍්‍ර භාරදුන්හ.


එස්ටෝනියා ජනරජය, පේරු ජනරජය සහ තායිලන්තය සඳහා මෙම නව තානාපතිවරුන් පත් කර තිබෙන අතර ඔවුන්ගේ නම් පහත පරිදි වේ.



01. Mr.Riho Kruuv                                 –   Ambassador of the Republic of Estonia


02. Mr.Jorge Juan Castaneda Mendez –   Ambassador of Peru


03. Mrs. Chulamanee Chartsuwan        –   Ambassador of Thailand


ඉතා ශක්තිමත් මිත‍්‍ර සබඳතා සහිත ජාතීන් අතර ආර්ථික සබඳතා සවිමත් කර ගැනීමෙන් ද්විපාර්ශ්වික මිත‍්‍රත්වයේ තිරසාර බව සහතික කළහැකි බව ජනාධිපතිතුමා මෙහිදී නව තානාපතිවරුන් අමතමින් ප‍්‍රකාශ කළේය.


ශී‍්‍ර ලංකාවේ ආර්ථික සංවර්ධනය මෙන්ම ආයෝජන සහ සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් නව තානාපතිවරුන් කැපවී කටයුතු කරනු ඇති බවට ද ජනාධිපතිතුමා විශ්වාසය පළ කළේය.


අමාත්‍ය තිලක් මාරපන, ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප‍්‍රසාද් කාරියවසම් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.