• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සමස්ත ලංකා සෙවිලි උළු නිෂ්පාදකයින්ගේ සංගමයේ සහ පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමයේ නියෝජිතයින් ජනපති හමුවෙයි

He news 2017 9 12 33සමස්ත ලංකා සෙවිලි උළු නිෂ්පාදකයින්ගේ සංගමයේ සහ සමස්ත ලංකා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමයේ නියෝජිතයෝ (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති  මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවී තම වෘත්තීන්ට අදාළ ගැටලු පිළිබඳ සාකච්ඡාවක නිරත වූහ.


ආදේශක බහුලවීමත් සමග සෙවිලි උළු අලෙවි කරගත නොහැකි වීමෙන් තමන් විදින දුෂ්කරතා පිළිබඳව සෙවිලි උළු නිෂ්පාදකයින් මෙහිදී ජනාධිපතිතුමා දැනුම්වත් කළ අතර, මැටි ලබා ගැනීමේ දුෂ්කරතා පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.



සමස්ත ලංකා පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමයේ නියෝජිතයෝද මෙහිදී විදේශීය නිෂ්පාදන ඇසුරින් තම කර්මාන්තය මුහුණදෙන ගැටලු ඉදිරිපත් කළහ.


මෙම ගැටලු සම්බන්ධයෙන් ලබාදිය හැකි සහන පිළිබඳව සොයා බැලීමට ජනාධිපතිතුමා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදීම ද මෙහිදී සිදුවිය.


රාජ්‍ය ඇමති සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මිල්රෝයි ප‍්‍රනාන්දු මහතා ද අදාළ අමාත්‍යාංශවල ඉහළ නිලධාරීන් ද සෙවිලි උළු නිෂ්පාදකයින්ගේ සංගමයේ සහ සමස්ත ලංකා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමයේ නියෝජිතයෝ ද මේ සාකච්ඡාවට එක් වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.