• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා කලාපයක්

Drug ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා කලාපයක් ස්ථාපිත කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ලබන ජනවාරි මාසයේ දී කර්මාන්ත ශාලා කළාපය ආරම්භ කිරීමට නියමිතය. කළුතර වැලිපැන්න ප්‍රදේශයේ එම කර්මාන්ත ශාලා කළාපය ස්ථාපිත කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි. ඒ සඳහා ඉඩම් හඳුනාගෙන ඇති අතර ඉදිරියේ දී එම ඉඩම් කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ආයෝජකයින්ට ලබාදෙන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.  

මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ප්‍රාර්ථනා අපි එකිනෙක ඉටු කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල අඩු කළ බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමේ වැඩපිළීවෙළ ද ආරම්භ කර තිබෙන අතර වසර 2020 වනවිට සියලුම ඖෂධ ලංකාවේ නිපදවීමට තමා බලාපොරාත්තුව වන බවත්  මේ වන විට දෙස් විදෙස් ඖෂධ සමාගම් 38 ක් සමඟ ගිවිසුම් අත්සන් කර තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

ඉන් මහනුවර සහ හොරණ ප්‍රදේශවල  ඖෂධ සමාගම් දෙකක් තම කර්මාන්ත ශාලා මෙරට ස්ථාපිත කර අවසන් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව හරහා එම ඖෂධ මිල දී ගැනීමේ වැඩපිළීවෙළක් ද ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.