• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජනපති සෝල් නුවරට ළඟා වෙයි

HEදකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින් මැතිතුමාගේ විශේෂ ආරධනය පරිදි තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා දකුණු කොරියාව බලා පිටත්ව ගිය ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඇතුළු දුත පිරිස අද (28) අලුයම සෝල් නුවර (ඉන්චොන්) Incheon ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා වූහ.

එහිදී ජනාධිපතිතුමා ඉතා උත්කර්ෂවන් අන්දමින් පිළිගැනීමට දකුණු කොරියානු රජය කටයුතු කර තිබු අතර එරට උප විදේශ අමාත්‍ය Cho Hyun, ජාතික ආරක්ෂාව පිළිබඳ ප‍්‍රධානී Chung Eyi – youn යන මහත්වරුන් ඇතුළු එරට රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් ඊට එක්ව සිටියහ.

ඉන් අනතුරුව ජනාධිපතිතුමා නවාතැන් ගන්නා සෝල් නුවර හෝටලයේදී ද ජනාධිපතිතුමා පිළිගැනීම වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ උත්සවයක් එරට ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ නිලධාරින් විසින් සංවිධානය කර තිබුණි.

ශ‍්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා ආරම්භ කර වසර 40ක් සපිරීම නිමිත්තෙන් ජනාධිපතිතුමාගේ මෙම සංචාරය සිදුවන අතර, දෙරට අතර පවත්නා සබඳතා සෑම ක්ෂේත‍්‍රයක් තුළින්ම තවදුරටත් ශක්තිමත් කරගැනීම එහි අරමුණයි.

ශ‍්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර ඉතා ඉහළ සබඳතාවක් පවත්නා මෙම අවස්ථාවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මෙම සංචාරය ඉතා සුවිශේෂී බව දකුණු කොරියානු පුවත්පත් විසින් ද අද වාර්තා කර තිබූ අතර, දකුණු කොරියානු අර්ධද්වීපයේ අර්බුදකාරී වාතාවරණය තුළ ශ‍්‍රී ලංකාව විසින් ලබාදුන් සහය පිළිබඳව ද එහිදී කෘතවේදීත්වය පළකර තිබුණි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.