• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ආපදාවට පත්වූවන්ට ආපදා ගෙවීමට අගමැති උපදෙස්

PM Ranil 10අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන්, රුපියල් දස දහස බැගින් වන ආපදා දීමනාවක් ගෙවීම ඊයේ (30) දිනය තුළ ආරම්භ කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආපදා කළමණාකරණ අමාත්‍යංශයට සහ ජාතික රක්‍ෂණ භාර අරමුදලට උපදෙස් දී ඇත.



එසේම අලාභහානි වූ දේපොළ පිළිබඳව වහාම තක්සේරු කටයුතු ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී ඇත.

උද්ගතව තිබෙන ආපදා තත්ත්වය පිළිබඳව පක්‍ෂ නායකයින් දැනුවත් කරලීමේ රැස්වීමක් ඊයේ  පාර්ලිමේන්තුවේදී පැවැත්වීමටද කටයුතු සංවිධානය කෙරිණි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.