• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මාධ්‍යට සිදුවූ පහරදීම් පිළිබඳ පරීක්ෂණවලටත් මූලිකත්වය දෙන්න - ඇමති සාගල

1A1A7014මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන්ට සිදුවූ බලපෑම් පිළිබඳ පරීක්ෂණ සඳහාත් මූලිකත්වය ලබා දී කටයුතු කරන්නැයි ඒ පිළිබඳ පරීක්ෂණ කරන ආයතනවලට නියෝග කර ඇති බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.


අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතනවලට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ ජාත්‍යන්තර දින සැමරුම් උත්සවය අද (04) කොළඹදී පැවති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එසේම අමාත්‍යවරයා එහි දී කියා සිටියේ මාධ්‍යවේදීන්ට සිදු වූ බලපෑම් සම්බන්ධ ඇතැම් සිද්ධිවල සාක්ෂි පවා විනාශ කිරීමට අපරාධකරුවන් කටයුතු කර ඇති බවයි.

එසේම ඇතැම් අපාරාධවලට සම්බන්ධ තොරතුරු ඇතුළත් වාර්තා පවා විනාශ කර ඇති බවයි.

තත්ත්වය එසේ වුවත් අදාළ සිද්ධි පිළිබඳ පරීක්ෂණ මේවන විට විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බවත් එසේම මේ පිළිබඳ සොයා බැලීමට නව නීති රීති හඳුන්වා දෙන බවත් සඳහන් කළේය.

විශේෂයෙන්ම අමාත්‍යවරයා කියා සිටියේ ප්‍රගීත් එක්නැලිගොඩ වැනි සිද්ධිවලදී මළ සිරුර හමු නොවී ඝාතන චෝදනා ගොනු කිරීම සඳහා නව නීති රීති හඳුන්වාදිය යුතු නම් ඒ සඳහා ද පසුබට නොවන බවයි. අදාළ පරීක්ෂණ පැවැත්වීමට කොතරම් දුෂ්කරතා ඇතිවුවවද ඒ සියලු සිද්ධි පිළිබඳ පරීක්ෂණ පැවත්වා වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය.

උදයන් කර්තෘ දේවනායගම් ප්‍රේමානන්ද මහතා තම ආයතනය සිදු වී තිබෙන බලපෑම් සම්බන්ධයෙන් ඇසූ ප්‍ර‍ශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ප්‍ර‍කාශ කළේ අදාළ සිද්ධි පිළිබඳ තමාට තොරතුරු ලබා දෙන ලෙසයි. ඒ අනුව එම තොරතුරු ඇතුළත් ලිපි ගොනුවක් උදයන් කතුවරයා විසින් අමාත්‍යවරයාට ලබා දෙන ලදී.

උදයන් පුවත්පතේ කර්තෘවරයා ලබා දුන් තොරතුරු ඇතුලත් ලිපිගොණුව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා මඟින් පොලිස්පතිවරයාට ලබා දීමට අමාත්‍ය සාගල රත්නායක මහතා කටයුතු කළේය.

එසේම මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට සිදුවූ බලපෑම් සම්බන්ධ පැමිණිලි විමර්ශන කටයුතුවල ප්‍රගතිය පිළිබඳ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ද අමාත්‍යවරයා විමසීමක් කළේය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.