• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

උප පොලිස් පරීක්ෂකවරුන් 3029කට උසස්වීම්

sagalaපොලිස් සේවයේ විශාල අර්බුදයක් බවට පත්වෙමින් තිබූ උප පොලිස් පරීක්ෂක සේවයේ උසස් වීම් ලබා දීමේ ක්‍රමවේදය විධිමත් හා කඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා කටයුතු කර ඇත. ඒ අනුව දැනට උප පොලිස් පරීක්ෂක සේවයේ කටයුතු කරන නිලධාරීන් 3029 දෙනෙකු පොලිස් පරීක්ෂකවරුන් ලෙස උසස්වීම් හිමිවනු ඇත.

ඒ අනුව පොලිස් පරීක්ෂක සේවයේ දැනුට අනුමත නිලධාරී සංඛ්‍යාව වන නිලධාරීන් 2699 ක ප්‍රමාණය සම්පූර්ණ කිරීමය අවශ්‍ය නිලධාරීන් 603 දෙනෙකුගේ පුරප්පාඩු මේ මඟින් සැපිරෙනු ඇත.

එසේම මේ වන විට උප පොලිස් පරීක්ෂක සේවයේ වසර 08 ක සේවය කාලය සම්පූර්ණ කරනු ලැබූ නිලධාරීන් 2426 ප්‍රමාණයක් ද අධි සේවක පදනම මත පොලිස් පරීක්ෂක සේවයට උසස් වීම් ලබා දෙනු ඇත.

එම උප පොලිස් පරීක්ෂකවරුන් සියලු දෙනාට පොලිස් පරීක්ෂකවරුන් ලෙස උසස් වීම් ලබා දෙන්නේ ඔවුන් උප පොලිස් පරීක්ෂක සේවයේ වසර 08 ක සේවය සම්පූර්ණ කළ දින සිට පෙරදාතම කිරීමෙනි. එසේ පෙරදාතම කර ඔවුන් පොලිස් පරීක්ෂක සේවයේ පිහිටවූවද ඔවුන් කොන්දේසි කිහිපයකට යටත් කෙරෙනු ඇත.

මෙම ක්‍රමවේදය අනුගමනය කිරීම තුළින් උපපොලිස් පරීක්ෂකවරුන්ට, පොලිස් පරීක්ෂකධුරය සඳහා උසස් වීම් ලැබීමට මෙතෙක් තිබූ බාධා ඉවත් වේ.

එසේම මේ වන විට අවුරුදු 08 ක කාලයක් කාන්තා උප පොලිස් පරීක්ෂක සේවයේ කටයුතු කළ නිලධාරීනින් 320 දෙනෙකුටද කාන්තා පොලිස් පරීක්ෂකවරියන් ලෙස උසස්වීම් හිමි වෙයි.

නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යජශයේ දී අමාත්‍ය සාගල රත්නායක මහතා සහ ජ්‍යෙෂඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ පොලීසියේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු සමඟ ඊයේ ( 06) පැවැත්වූ සාකච්ඡාවකදී මේ පිළිබඳ තීරණයට එළැඹි අතර මීට අදාළ යෝජනාව අමාත්‍යවරයා විසින් අද (07) දින ජාතික පොලිස් කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ සඳහා අවශ්‍ය නම් කැබිනට් අනුමතයක් සඳහා යොමුකිරීමට ද අවශ්‍ය පියවර මේ වන විට සූදානම් කර ඇත.

එසේම දැනට ජ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරී, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී තනතුරුවල සේවය කළ පවතින පුරප්පාඩු පිරවීමටද අවශ්‍ය පියවර ගනු ඇත.

දැනට පවතින ක්‍රමවේදය අනුව සහකාර පොලිස් අධිකාරීවරයෙකු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු දක්වා උසස් වීම් ලැබීමට සහකාර පොලිස් අධිකාරී. පොලිස් අධිකාරී සහ ජ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරී තනතුරුවල වස 18 ක සේවා කාලයක් සම්පූර්ණ කළ යුතුව තිබුණද එය වසර 17 ක් දක්වා අඩු කිරීම සිදුවනු ඇත.

මෙම ක්‍රමවේදය අනුගමනය කිරීම තුළින් ශ්‍රී ලංකා පොලීසියේ උසස්වීම් ක්‍රියාවලිය විධිමත් හා කඩිනම්වන බව අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

එමෙන්ම පොලිස් කොස්තාපල්වරයාගේ සිට සෑම මට්ටමකම පොලිස් නිලධාරීන්ගේ උසස් වීම් ක්‍රමවේදය විධිමත් හා කඩිනම්වන බවත් ඒ තුළින් පොලිස් නිලධාරීන් අභිප්‍රේරණයකට ලක්කර ගුණාත්මකභාවයෙන් උසස් මහජන හිතෛෂී වෘත්තීමයභාවයෙන් යුතු පොලිස් සේවයක් බිහිකිරීම තම අරමුණ බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

නවතම පුවත්

කැබිනට් තීරණ - 2020.02.20

20 February 2020
කැබිනට් තීරණ - 2020.02.20

2020.02.19 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ - 2020.02.13

13 February 2020

2020.02.12 වන දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ - 2019.02.05

06 February 2020
කැබිනට් තීරණ - 2019.02.05

කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව...

මාධ්‍ය නිවේදනය- 2020.02.03

03 February 2020

නිදහස් දිනට සියලුම සුරාසැල් හා මස් මාංශ අලෙවිසැල් වැසේ 

මාධ්‍ය නිවේදනය- 2020.01. 28

28 January 2020

විශේෂ මාධ්‍ය නිවේදනය- 2020.01.28 

මාධ්‍ය නිවේදනය 2020.01.26

27 January 2020

කොරෝනා ‌‌වෛරසයෙන් ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම් අවම කිරිමට...

කැබිනට් තීරණ -2020.01.22

23 January 2020
කැබිනට් තීරණ -2020.01.22

2020.01.22 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

Cabinet Decisions 2020.01.15

15 January 2020
Cabinet Decisions 2020.01.15

2020.01.14 දින පැවැත්වූණු කැබිනට් මණුඩල තීරණ  

Press Release 2020.01.13

13 January 2020

2020 ජනවාරි සිට පුරන් කුඹුරුවල ‌ෙවෙනත් වගාවන් කිරීමට අවසර දීම...

අමාත්‍ය මණ්ඩල තීරණ - 2020.01.09

09 January 2020

2020.01. 08 දින පැවැත්වුණුු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ 

කැබිනට් තීරණ - 2020.01.02

03 January 2020
කැබිනට් තීරණ - 2020.01.02

කැබිනට් තීරණ 2020.01.02

මාධ්‍ය නිවේදනය- 2019.12. 28

29 December 2019

අපොස උසස් ‌‌‌පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා 2020.01.17 වන දින...

මාධ්‍ය නිවේදනය - ආපදාවට පත් වූ ජනතාවට සහන සැළසීමේ වැඩපිළිවෙළ - 2019.12.21 2019.12.21

21 December 2019
මාධ්‍ය නිවේදනය - ආපදාවට පත් වූ ජනතාවට සහන සැළසීමේ වැඩපිළිවෙළ - 2019.12.21  2019.12.21

ආපදාවට පත් වූ ජනතාවට සහන සැළසීමේ වැඩපිළිවෙළ පැය 24 පුරාම...

මාධ්‍ය නිවේදනය - 2019.12.20 මී ඔය අවට පහත්බිම්වල ජනතාවට ඉවත්වීමේ නිවේදනය නිකුත් වෙයි

20 December 2019
මාධ්‍ය නිවේදනය - 2019.12.20 මී ඔය අවට පහත්බිම්වල ජනතාවට ඉවත්වීමේ නිවේදනය නිකුත් වෙයි

මාධ්‍ය නිවේදනය - 2019.12.20 මී ඔය අවට පහත්බිම්වල ජනතාවට ඉවත්වීමේ...

අමාත්‍ය මණ්ඩල තීරණ 2019.12.18

19 December 2019

2019.12.18 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

ජාතික ප්‍ර‍තිපත්ති රාමුව- රට හදන සෞභාග්‍යයේ දැක්ම

16 December 2019
ජාතික ප්‍ර‍තිපත්ති රාමුව- රට හදන සෞභාග්‍යයේ දැක්ම

රජයේ ප්‍රතිපත්ති රාමුව දස ප්‍රතිපදාවන්ගෙන් යුක්ත වන අතර, ඵලදායී පුරවැසියෙක්,...

ජාතික ප්‍ර‍තිපත්ති රාමුව- රට හදන සෞභාග්‍යයේ දැක්ම

16 December 2019

රජයේ ප්‍රතිපත්ති රාමුව දස ප්‍රතිපදාවන්ගෙන් යුක්ත වන අතර ඵලදායී පුරවැසියෙක්,...

කැබිනට් තීරණ - 2019.12.10

12 December 2019
කැබිනට් තීරණ - 2019.12.10

කැබිනට් තීරණ - 2019.12.10

2019.12.10 අමාත්‍ය විෂයපතය හා කාර්යන් ගැසට් කරයි

11 December 2019
2019.12.10 අමාත්‍ය විෂයපතය හා කාර්යන් ගැසට් කරයි

අමාත්‍ය විෂයපතය හා කාර්යන් ගැසට් කරයි

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.

world wesak conferace final logo