• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සා.පෙළ අනිවාර්ය විෂයන් ප්‍ර‍මාණය සීමා කිරීමට යයි

akila educationඅධ්‍යාපනයේ ගුණාත්මක බව වර්ධනය කරමින්, අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයේ අනිවාර්ය විෂයන් ප්‍රමාණය ඉදිරියේ දී විෂයන් 06 කට සීමා කිරීම පිළිබඳව අවධානය යොමු කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

නුගේගොඩ අනුලා විද්‍යාලයේ දී ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරණ දිනය නිමිත්තෙන් අද (07) පැවති ජාතික උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එම ප්‍රධාන විෂයන්වලට අමතර සියලු සෙසු විෂයන් ප්‍රායෝගික මෙන්ම දියුණු ඇගයීම් ක්‍රමයකට අනුව සැලසුම්කොට, විෂය මාලාවන් හී පුළුල් වෙනසක් ඉදිරියේ දී සිදුකිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම සුරක්ෂා සිසු රක්ෂණාවරණය ලබා ගැනීම සඳහා සිසු දරුවන් වෙත අවශ්‍ය නිවැරදි මඟපෙන්වීම ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා සියලු විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

සුරක්ෂා සිසු රක්ෂණාවරණය ගැන සියළු සිසුන් සහ මව්පියන් දැනුවත් කිරීම සඳහා විශේෂ පත්‍රිකාවක් ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් මෙහි දි  සංකේතාමකව පිරිනැමීම සිදු විය.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් මහතා සහ ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති හේමක අමරසූරිය මහතා ඇතුළු මැති ඇමතිවරුන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් රැසක් මේ උත්සවයට එක්ව සිටියහ.

මීට සමගාමීව අද දිවයින පුරා පාසල් වල ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරණ දිනය නිමිත්තෙන් වැඩසටහන් සංවිධාන වී තිබුණා. මෙහි දී සුරක්ෂා රක්ෂණාවරණය පිළිබඳව අත්පත්‍රිකා සහ දේශන මඟින් දරු දැරියන් සහ මව්පියන් තව තවත් දැනුවත් කිරීම සිදු කෙරුණා.

 සුරක්ෂා සිසු රක්ෂණාවරණය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 03 කට ආසන්නයි. මේ යටතේ පාසල් සිසුවෙකුගේ බාහිර ප්‍රතිකාර සඳහා වාර්ෂිකව රුපියල් 10,000 ක් දක්වා ද රෝහල් ගත වීමක දී රුපියල් 100,000 ක් දක්වා ද  පාසල් දරුවෙකුගේ හදිසි මරණයක දී රුපියල් 100,000 ක් සහ සිය මවගේ හෝ පියාගේ මරණය සිදු වූ විට රුපියල් 75,000 ක ද ප්‍රතිලාභ හිමිවනවා. එසේම දරුවා පූර්ණ ආබාධිත තත්ත්වයකට පත් වුවහොත් රුපියල් 100,000 ක් සහ අර්ධ ආබාධිත තත්ත්වයකට පත් වුවහොත් රුපියල් 50,000 සිට රුපියල් 100,000 ක් දක්වා ඇතුළු තවත් ප්‍රතිලාබ රැසක් මේ හරහා පිරිනැමෙනවා. මේ වන විටත් සිසුන් විශාල සංඛ්‍යාවක් සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ ප්‍රතිලාබ ලබාගනිමින් සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.