• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සා/පෙළ විභාගය නිසා මැතිවරණ නීතිය තදින් ක්‍රියාත්මකයි

mahinda desathpriyaනාමයෝජනා භාරදීමේ කාලය තුළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන බැවින් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට වෙත දැනුම් දී ඇතැයි  මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.



නීතියටත් වඩා නීතියට අනුගතව ක්‍රියාකාරීම දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන්ගේ මෙන් ම මහජනතාවගේ ද යුතුමක් බවත් ඒ මහතා පෙන්වා දෙයි.

විවිධ පුද්ගලයන් විසින් නීතිය කඩකිරීම් සිදු කිරීමේදී නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් නොමැති බවත් නීතිරීති උල්ලංගණය කිරීම් පොලිසිය හෝ මැතිවරණ කොමිෂන් සභාව විසින් මර්දනය කිරීම නොව ස්වේච්ඡාවෙන් ම එවැනි කටයුතු සිදු නොකර සිටීම සිදු කළ යුතු යැයි ද සභාපතිවරයා පෙන්වා දෙයි.

ඡන්ද විමසීමේ නාමයෝජනා භාරගැනීම ආරම්භ වන දිනයේ සිට ඡන්ද විමසීම පැවැත්වෙන දින දක්වා කිසිඳු ප්‍රචාරක පෙළ පාළියක් පැවැත්විය නොහැකි බවත් දේශපාලනඥයන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් පක්ෂ අපේක්ෂක ප්‍රවර්ධන කටයුතු සිදුකරමින් සිදුකරන සියලු ප්‍රචාරන පුවරු ඉවත්කිරීමට කටයුතු කරන ලෙස පළාත් පාලන ආයතන වෙත හා මහාමාර්ග අධිකාරිය වෙත දැනුම්දීමට කටයුතු කරන බවත් පෙන්වාදෙන සභාපතිවරයා දෙවන නාමයෝජනා පියවර අවසන් වන විට එම සියලු ඡායාරූප ඉවත්කිරීමට හැකිවෙතැයි අපේක්ෂා කරන බවත් කීය.

එමෙන් ම එවැනි ඡායාරූප හා පෝස්ටර් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසට පොලිසියට මේ වන විටත් දැනුම් දී ඇති අතර එම කාර්යයන් හි නියැලෙන්නන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස ද පොලිසියට උපදෙස් ලබා දී ඇතැයි ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.