• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

තැපැල් ඡන්ද අයදුම් කාලය 22දා දක්වා දීර්ඝ කෙරේ

electionඑළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්කිරීමේ කාලය දෙසැම්බර් 22දා දක්වා දීර්ඝ කිරීමට කටයුතු කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.



පළමු නාමයෝජනා දැන්වීම සඳහා දෙසැම්බර් 14දා හා දෙවන නාමයෝජනා දැන්වීම සඳහා දෙසැම්බර් 22දා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය අවසන් වීමට නියමිතව තිබූ අතර රාජ්‍ය සේකයන්ගේ මෙන් ම පොලිස් නිලධාරීන්ගේ ඉල්ලීම අනුව මෙම අදියර දෙක සඳහා ම වන තැපැල් ඡන්ද අයදුම්කිරීමේ කාලය මෙලෙස දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇතැයි ද සභාපතිවරයා කීය.

22දායි අනතුරුව යළිත් වරක් මෙම කාලය දීර්ඝ නොකිරීමට කටයුතු කරන බවත් තැපැල් ඡන්ද අයිතිවාසිකම හිමි රජයේ අත්‍යාවශ්‍ය සේවාවවන්හි නිරතවන නිලධාරීන්ට මේ සඳහා අයඳුම්කළ හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

නවතම පුවත්

කැබිනට් තීරණ - 2020.07.02

02 July 2020
කැබිනට් තීරණ - 2020.07.02

කැබිනට් තීරණ  දැනුම් දීමේ මාධ්‍ය හමුව - 2020.07.02

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.

world wesak conferace final logo