• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පාසල් පුස්තකාල පොත් කියවීම ගැන අධීක්ෂණයට විශේෂ වැඩපිළිවෙළක්

facilities9පාසල් පුස්තකාල 3,312 ක් සඳහා අවශ්‍ය කියවීම් පොත් මිලදී ගැනීමට රුපියල් මිලියන 700 ක මුල්‍ය ප්‍රතිපාදන ප්‍රදානය කිරීම පසුගිය දා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී සිදු කෙරිණි.

එමෙන්ම පාසල් පුස්තකාල සඳහා අවශ්‍ය පොත් මිලදී ගැනීමේ දී නිර්දේශ පුස්තකාල ග්‍රන්ථ නාමාවලියක් ද එදිනම එළිදැක්විය.

මේ වන විට විදුහල්පතිවරුන් පාසල් පුස්තකාල කාර්ය මණ්ඩලය ද සම්බන්ධ කරගනිමින් තම පාසල් පුස්තකාලවලට අවශ්‍ය කියවීම් පොත් මිලදී ගැනීම ආරම්භ කර ඇති අතර විදුහල්පතිවරුන් විසින් එලෙස මිලදී ගන්නා පොත් හා ඊට වැය වූ මුදල් පිළිබඳ නැවත අධීක්ෂණයක් සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත මෙම අධීක්ෂණ වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙන්නේ දරුවන් අතට රජය වැය කළ මුදලට සරිලන නිර්දේශිත පොත් පමණක් ලැබී ඇත්දැයි යන්න සහ එම මුදල් නිසි පරිදි භාවිත කර තිබේදැයි යන්න පිළිබඳ සොයා බැලීම සඳහායි.

නවතම පුවත්

කැබිනට් තීරණ - 2020.07.02

02 July 2020
කැබිනට් තීරණ - 2020.07.02

කැබිනට් තීරණ  දැනුම් දීමේ මාධ්‍ය හමුව - 2020.07.02

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.

world wesak conferace final logo