• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මැලේසියානු අගමැති දිවයිනට පැමිණෙයි

 YAM8633ශ්‍රී ලංකා රජයේ ආරාධනාවකට අනුව තෙදින නිල සංචාරයක් සඳහා මැලේසියානු අග්‍රාමාත්‍ය ශ්‍රී මොහොඩ් නජීබ් ටන් අබ්දුල් රෂාක් මහතා සහ එම ආර්යාව අද (17) පෙරවරුවේ දිවයිනට පැමිණියහ.

දිවයිනට පැමිණි මැලේසියානු අගමැතිවරයා සහ එම ආර්යාව කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළේදී පිළිගනු ලැබුවේ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන , ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍ර‍තිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක , අග්‍රාමාත්‍ය නියෝජ්‍ය කාර්ය මණ්ඩල ප්‍ර‍ධානී රෝසී සේනානායක යන මහත්ම මහත්මීන් විසිනි.

ශ්‍රී ලංකාවට පැමිණි මැලේසියානු අගමැතිවරයා ශ්‍රී ලංකාවේ ගත කරන කාලය තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරු ප්‍රධාන මැති ඇමැතිවරු මෙන් ම රජයේ ඉහළ පෙළ නිලධාරීහු විශාල පිරිසක් හමුවීමට නියමිතව ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.