• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නිල ඇඳුම් වවුචර් දරුවන්ට නොදුන්නොත් දැඩි විනය පියවර

akilaපාසල් දරුවන් සඳහා නොමිලේ ලබාදෙන නිල ඇඳුම් වවුචර දරුවන් අතට පත් නොකොට ඒ වෙනුවට රෙදි ලබාදීම හෝ වෙනත් මැදිහත් වීම් සිදුකරන විදුහල්පතිවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇත.

ඒ, මේ සම්බන්ධයෙන් පළ කර තිබූ මාධ්‍ය වාර්තා කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරමින් අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත.

කලාප කිහිපයක වවුචර වෙනුවට රෙදි නිකුත් කරන බවට වූ වාර්තා සහ නිල ඇඳුම් වවුචරය වෙළඳ මහතුන් සඳහා වෙන්කොට ඇති තීරුව තුළ පාසල් සංවර්ධන සමිතියක නිල මුද්‍රාවක් යෙදීම සම්බන්ධ වූ වාර්තා මීට පදනම් වී තිබේ.

 විදුහල්පතිවරුන් විසින් නිල ඇඳුම් වවුචරය හරහා දරුවන්ට නිදහසේ තමා කැමති වෙළඳ සැලකින් මිල දී ගැනීම් සඳහා අවස්ථාව සලසා දිය යුතුයි. ව්‍යාපාරික ආයතන ප්‍රවර්ධනය කිරීම, මිල දී ගැනීම සඳහා දරුවන් පෙළඹවීම වැනි කටයුතු සිදුකිරීම සඳහා විදුහල්පතිවරුන්ට කිසිදු බලයක් නොමැති අතර එවැනි කටයුතු වල නිරත වන විදුහල්පතිවරුන්ට එරෙහිව විනය පියවර ගැනීමට නියමිත බව ද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.